දවසම ප්‍රබෝධමත් වෙන්න නියම තේ කෝප්පයක් හදා ගන්නේ මෙහෙමයි

Oct 3, 2017

ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් දවස පටන් ගන්නේ තේ කෝප්පයක් එක්ක. මේ තේ එකට කිරි, සීනි වගේ නොයෙක් දේවල් කවලම් අපි පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔයාගේ අතින්ම උදේට මහත්තයට හදල දෙන තේ එකෙන් ඔහුගේ සතුට වැඩි කරන්නේ කොහොමද කියල අද අපි කියලා දෙන්න තීරණය කළා.

Continue Reading Below

01) වතුර හොඳට නටන්න ඕනේ

අපි ලංකාවේ කිරි තේ හදන විදිහට වතුර බාගෙට නටල තිබුනොත් තේ එකේ කිසිම රසක් නැති වෙනවා. ඒ නිසා හොඳින් දුම් දාගෙන වතුර නටනකම් විනාඩි දෙක තුනක් ඉන්න.


02) තේකොල, කිරි, සීනි වෙනම දාන්න එපා

ඉන් පස්සේ තේ හදන ජෝග්ගුවට ඔබ හදන තේ කෝප්ප ගානට අවශ්‍ය කිරි, සීනි සහ තේ කොළ අකටම දමන්න. ඉන් පසුව නටන උණු වතුර ඒකට වක් කරන්න. ඉන් පස්සේ තවත් ජෝග්ගුවක් අරගෙන කීප සැරයක් ජොග්ගු දෙකෙන් වතුර මාරු කරන්න. හැන්දෙන් මිශ්‍ර කරනවාට වඩා හොඳින් ද්‍රව්‍ය මිශ්‍රවෙනවා. ඉස්සර තේ කඩවල තේ රහ මෙන්න මේ නිසයි. ඔබ අහල ඇති කිරි යාරයක් දාන කතාව. ජොග්ගු දෙකෙන් හොඳට දිගෑරලා තේ මාරු කරද්දී අමුතු රසයක් තේ එකට එකතු වෙනවා. පිටි බාගෙට දිය වෙලා ජෝග්ගුවේ අඩියේ තැම්පත් වෙන්නෙත් නැහැ.


03) ඔයාටම රස රහසක් තියා ගන්න

තේ වලට නියමෙට ගැලපෙන ස්වභාවික රස කාරක තිබෙනවා. ඉඟුරු කැබැල්ලක් හෝ වැනිලා ස්වල්පයක් දැමීම තමයි හොඳම දේ. නැත්නම් ඔබ කැමති වෙනත් රසයක් වුනත් එකතු කරන්න පුළුවන්. ඔයාල දැකල ඇති සමහර ස්වාමිවරු කියනවා “අපේ නෝනගේ තේ එකට ගහන්න තේ එකක් නැහැ “කියල. මේ ඒ වගේ තමන්ටම ආවේනික රහසක් තේ එකට එකතු කරද්දී.


04) පිළිගැන්වීමත් ගොඩක් වැදගත්

පීරිසියක් එක්ක හොඳ කොප්පෙක තේ පිළිගන්වන්න. කෝප්පය සහ පීරිසිය හොඳින් හෝදලා පිස දමන්න. මතක ඇතිව ගෙදර පිගන්, කෝප්ප පිහින වෙනම ටවල් එකක් තියා ගන්න. Goodhousekeepig.lk කියවන අපි කවදාවත් තෙත පිඟන් කෝප්ප වල ආහාර ගන්නේ නැහැ. හැම විටම හෝදලා තෙත මාත්තු කරලා තමයි ආහාර ගන්නේ.

Share Now

Related Article