නිවසේදීම ස්පගැටි (Spaghetti) සාදාගමු – Video

Jan 30, 2018

ස්පගැටි කියන්නේ නිවසේදී පවත්වන පුංචි පුංචි උත්සව වලදී, නෑදෑ හමුවකදී අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා පහසුවෙන්ම සාදා ගත හැකි රසවත් ආහාරයක්. ස්පගැටි සාදා ගන්නා ආකාරය පහතින් නරඹන්න.

Continue Reading Below

තවත් මේ වගේ වීඩියෝ බලන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න


අවශ්‍ය ද්‍රව්‍ය –
  • ස්පගැටි
  • සොසේජස්
  • බිත්තර
  • ඔලිව් ඔයිල් හෝ පොල් තෙල්
  • තක්කාලි
  • සුදු ළුණු
  • රතු ළුණු
  • කරපිංචා
  • අමු මිරිස්
  • රම්පේ
  • කහ
  • තුනපහ
  • මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • ගම් මිරිස්
  • ලුනු
  • සෝයා සෝස්
  • සුප් කැටයක් (අවශ්‍යනම්)

සාදාගන්නා ආකාරය –
  1. පැකට්ටුවේ සදහන් උපදෙස් පරිදි ස්පගැටි තම්බාගන්න.
  2. Cooking Pan එකක් හෝ සුදුසු භාජනයක් ගෙන එයට ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් එක් කරන්න. (ලිප මද ගින්නේ තබා ගන්න.)
  3. පිළිවෙලින් සුදු ළුණු ,රතු ළුණු,අමු මිරිස්,රම්පේ,කරපිංචා එක් කර විනාඩි දෙක තුනක් බැදගන්න.
  4. රස අනුව අවශ්‍ය පරිදි කහ,තුනපහ,මිරිස් කුඩු,කෑලි මිරිස්,ගම් මිරිස් ලුනු එක් කර කලවම් කරගන්න.
  5. සොසේජස් එක් කර මද වෙලාවක් හැඳි ගාමින් බැදගන්න. (අවශ්‍යනම් සොසේජස් බැදුනු පසු එයට සුප් කැටයක් එකතු කරගන්න.)
  6. සෝයා සෝස් එකතු කරගන්න.
  7. පොඩියට කපාගත් තක්කාලි සහ ස්පගැටි තම්බා ගත් වතුර කප් 1ක් එකතු කර කලවම් කර විනාඩි 10ක් භාජනය වසා තම්බාගන්න.
  8. ගසා ගත් බිත්තර මිශ්‍රණයට එකතු කර හොදින් හැඳි ගාන්න.
  9. තම්බාගත් ස්පගැටි එකතු කර කලවම් කරගන්න.
  10. කොත්තමල්ලි කොළ හෝ කරපිංචා යොදා සරසගන්න.

Share Now

Related Article