විනාඩි 10න් බිත්තර සැන්ඩ්විච් හදමු

Jan 20, 2016

උයන පිහන වැඩට වැඩි කාලයක් වෙන් කරන්නත් බැහැ. එහෙමයි කියලා පෝෂණ ඌණතා පිළිබඳ උනන්දු නොවීත් බැහැ. උදේ ආහාරය එහෙම ලේසියෙන් මග හරවාගන්නත් බැහැ. මේ හැමදේටම එකම එක විසඳුමක් තියෙනවා. වඩා ඉක්මනින් පෝෂදායී ආහාර වේලක් පිළියෙල කරගන්න පුරුදුවෙමු. ඒක තමයි හොඳම විධිය.

Continue Reading Below

මොනවද ඕන කරන්නේ?
  • තම්බාගත් බිත්තර 2ක්
  • ඉදුණු තක්කාලි ගෙඩියක්
  • බටර් ස්වල්පයක්
  • අබ ක්‍රීම් ස්වල්පයක්
  • අමු මිරිස කරල් දෙකක්
  • ලුණු
  • ගම්මිරිස්
  • සළාද කොල
  • පාන් පෙති කිහිපයක්

කොහොමද හදන්නේ?
  • බිත්තරය හැන්දක් හෝ ග්‍රේටරයකින් සිහින් කැබලි බවට පත්කරගන්න.
  • එයට අබ ක්‍රීම්, බටර්, කුඩාවට කපාගත් ලූණු, අමුමිරිස්, ගම්මිරිස් මිශ්‍ර කරන්න
  • මෙම මිශ්‍රණය පාන් පෙති මත අතුරා ත්‍රිකෝණාකාර හැඩයට කපාගන්න.
  • ඒ මත සලාද කොල සහ තක්කාලි පෙති තබා පිළිගන්වන්න

අඩු වේලාවකින් සකසා ගතහැකි වඩාත් පෝෂදායී ආහාර වේලක් ලෙස මෙම බිත්තර සැන්විච් හඳුන්වාදෙන්න පුළුවන්. පිෂ්ටය, ප්‍රෝටීන, මේදය, විටමින් වර්ග, ඛනිජ ආදී බොහෝ පෝෂණ සංඝටක මෙම ආහාර වේලෙහි අඩංගු වෙනවා.

Share Now

Related Article