ගෙදරදීම රසවත් Puff Pastry එකක් හදා ගමු

Dec 16, 2019

අපි pastry shop එකකින් කෑමට ගන්න පේස්ට්රි එකේ වගේ ගෙදර හැදුවට එහි puff ගතියක් නෑ නේද? බේක් කලාට පස්සෙ layers දකින්නට නැහැ නේද? අපි බලමු puff pastry එකේ කොහොමද එහෙම layers හිටින්නෙ එහෙමත් නැතිනම් ඒ වගේ පතුරු ගැලවෙන්නෙ කොහොමද කියල.

Pastry එක සාදාගැනීමේදි අපි යොදා ගන්නා මාගරින් වල ඇති ජලය වාශ්ප වී යාමෙන් තමයි එසේ පතුරු වෙන් වෙන්නෙ.

Continue Reading Below

අවශ්ය දේවල් :
  • පිටි 400g
  • බටර් 100g
  • මාගරින් 150g
  • ලුණ රස අනුව
  • දෙහි 1tsp
  • අයිස් වතුර 4 tbsp
එහෙන්ම් අපි කොහොමද මේ puff pastry මිශ්‍රණය සාදාගන්නට ඕනෙ?

මෙම රෙසිපි එකේ බටර් සහ මාගරින් යන වර්ග දෙකම අරන් තියෙනව .ඔයාලට කැමති නම් බටර් වෙනුවෙට ඒ ප්රමාණයත් මාගරින් වලින්ම ගන්න පුලුවන් . බටර් ගත්තේ මිස්රණය රසය වැඩි කරගන්න ඕන නිසා. අනෙක් කාරණය තමයි මාගරින් අරන් තියෙන්නෙත් අඩු ප්රමාණයක් ඕනවට වඩා තෙල් අගුණ වන නිසා .මෙතනදි වැදගත් ම දේ තමයි මාගරින් වැඩිපුර ගත්ත පමණින් pastry එක හරියටම එන්නෙ නෑ .මාගරින් එක ඇනීම සහ තැවරීම කරන ආකාරය අනුව තමයි pastry එක puff වෙන්නෙ.

ඉතින් අපි බලමු කොහොමද පේස්ට්රි එක අනා ගන්නෙ කියල.

*පාන් පිටි එකට ලුණු සහ දෙහි මිශ්‍ර කරගන්න.

*දැන් බටර් කොටස කුඩා කෑලි කපාගන්න. තද ශීතලෙන් බටර් තිබීම අත්‍යවශයි.

*කපා ගත් බටර් කෑලි පිටි ටිකට දමා මිශ්‍ර කරන්න.

මතක තබා ගන්න බටර් කෑලි හොදටම පිටි වල ඇනෙන ලෙස මිශ්‍ර කරන්න එපා…

*තද ශීතල වතුර මේස හැන්ද බැගින් දමමින් ටික ටික අනාගන්න.

ඔබට පෙනේවි පිටි කැට සහ බටර් කෑලි තැන් තැන් වලින් එය එසේ තිබියදීම පිට්ටු මිශ්රණයක් වගේ ඇති පිටි මිශ්රණය. අත් දෙකෙන් තද කරමින් එකතු කර ගුලියක් ලෙස සාදා, හොදින් සිර වන්නට cling film එකකින් ඔතා ශීතකරනයේ විනඩි 45 පමණ තියන්න.

*මාගරින් ටික ( 150 g )කොටස් තුනකට වෙන් කරගන්න…

*විනාඩි 45 පසු ශීතකරනයේ තැබූ පිටි මිස්රණය ගෙන ඍජුකෝණාස්රාව තුනී කරගන්න,එය සමාන කොටස් තුනකට වෙන්වන ලෙස යානතමට ලකුණු කරගන්න . (වෙන් කරන්නෙ නෑ. සලකුණු කරගන්නවා පමණයි )

උදාහරණයක් ලෙස ඔබ තුනී කර පිටි මෝලිය 15cm නම් 5 cm දුරින් කොටස් තුනක් ලකුණු කරගන්න.

*වෙන් කරගත් මාගරින් වලින් එක කොටසක් ගෙන තුනී කරගත් පිටි මෝලියෙ වෙන් කර සලකුණු කරගත් කොටස දෙකක ප්රමාණය ට මාගරින් තවරා ගන්න . (මාගරින් ටික තට්ටුවක් ලෙස තිබීම අවශ්යයි )

*මාගරින් තැවරී නැති කොටස ගෙන ඇතුල් පැත්තට නවන්න.

*දෙවනුව අනෙක් මාගරින් තවරා ඇති අනෙක් කොටස ගෙන ඒ මතට නවන්න. cling film එකකින් ඔතා විනාඩි 30 ශීතකරනයේ තබන්න…

* විනාඩි 30 කට පසු නැවත තුනීකරන්න . පෙර පරිදිම වෙන කර එක මාගරින් කොටසක් තවරා නවා ශීතකරනයේ තබන්න (විනාඩි 30)

*ඔබට එදිනම හෝ නවා කොටස් වෙන කර අධිකරණයේ ගබඩා කිරීමෙන් මාස තුනක් උවද තබා ගත හැක.

ඔබ කැමති filing එකක් මැදට තබා. ඇතුලු පැතෙතෙන් දාර වටා බිත්තර ගාන්න ( ඇලවීම පිණිස ) කැමති හැඩයකට නවාගන්න. වාටිය කොටස පොඩි නොවෙන ලෙස අලවාගන්න.

උඩින් බිත්තර සාරු ගල්වා 180° විනාඩි 20 බේක් කරගන්න.

මාගරින් වර්ග සපයා ගැනීමේදී තත්වයෙන් උසස් මාගරින් වර්ගයක් ගන්න.ෆාම් තෙල් අඩංගු නොවන නිශ්පාදනයක් ලබාගන්න. Vegetable fat සුදුසු වුනත් ඒවාද උසස් ප්රමිතියකින් ඇති නිශ්පාදන ලබාගන්න. එවිට රත්වීමේද අහිතකර නොවේ.

( දිනේෂි අමරකෝන් )

මෙවැනි වටිනා රෙසිපි follow කරන්න දිනේෂි අමරකෝන් මහත්මියගේ Hot and Chill by Dineshi පිටුවට පහත ලින්ක් එකෙන් ගිහින් ලයික් කරලා සම්බන්ධ වෙන්න.

https://www.facebook.com/hotandchillbydineshi/

Share Now

Related Article