පරිප්පු වලින් විවිධ ආහාර පාන හදමු ( පරිප්පු කරි , පරිප්පු සුප්, පරිප්පු වඩේ )

Jun 26, 2017

Continue Reading Below

1) පරිප්පු කරිය

අවශ්‍ය දෙවල් :-
  • පරිප්පු අවශ්‍ය ප්‍රමාණයට
  • කපා ගත් ලුනු /අමුමිරිස් / කරපිංචා
  • හොදින් තලා ගත් සුදුලුනු ටිකක්
  • අබ ඇට ටිකක්
  • මිරිස් කුඩු /කහ කුඩු හා අමුතුනපහ කුඩු
  • පොඩියට කඩා ගත් වෙලිච්ච මිරිස් කැලි කිහිපයක්

හදාගන්නා ක්‍රමය :-

මුලින් පරිප්පු ටික වේලාවක් පෙගෙන්න දාන්න. ඉන්පසු හොදින් සෝදා එයට අවශ්‍ය ප්‍රමාණයට කහ / මිරිස් කුඩු /අමුතුනපහ කුඩු දමා ගන්න. රස අනුව ලුණු ටිකකුත් දමා හොදින් කලවම් කර, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා පරිප්පු හොදින් උයා ගන්න. පරිප්පු වල වතුර ගතිය ගියාට පසු එයට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න. පරිප්පු කරියක් වඩාත් රස කර ගන්න පුලුවන් මේ තියා ගන්න කරි ප්‍රමාණය අනුව. පොල් කිරි දමා පරිප්පු කරිය හොදින් නටන කොට ලිපෙන් ඉවතට පරිප්පු කරිය අරගෙන , වෙනත් භාජනයකට දමා ගන්න .

දැන් ලිපේ ගින්දර අඩු කර භාජනයට තෙල් ටිකක් දමා රත් වු පසු අබ ඇට ටිකක් හා කරපිංචා කොල ටිකක් වැඩිපුර බැදෙන්නට හරින්න.

ඒකටම වෙලිච්ච මිරිස් කැලි ටිකත් දමා බැදෙන්නට හැර , එයටම සුදුලුනු ටිකත් දමා බැදෙන්නට හරින්න.

දැන් එයටම කපා ගත් ලුනු / අමුමිරිස් දමා හොදින් බැදෙන්නට හැර එයට උයා ගත් පරිප්පු ටික දමා හොදින් කලවම් කර , ටික වේලාවකින් ලිපෙන් ඉවතට ගන්න

2) පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
  • පරිප්පු 500g
  • රතු ලූනු 50g
  • අමු මිරිස් කරල් 10
  • වියළි කෑලි මිරිස් තේ හැඳි 4
  • කරපිංචා
  • උම්බලකඩ කුඩු මේස හැඳි 3
  • තෙල් බෝතල් 1/2
  • ලුණු අවශ්‍ය පමණට
සාදන ආකාරය :-
  • පරිප්පු ටික සෝදලා පිරිසිදු කරන් පැය 6ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික පෙරාගෙන අබරා ගන්න.
  • අනික් සියලු දේවල් වංගෙඩියකට දා අඩකට වැඩිවෙන විදිහට කෙටා ලුණු ඇඹුල් රස බලා ගන්න.
  • අනාගත්ත මිශ්‍රණය ටික ටික ගෙන කැමති හැඩේකට හදාගෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්තා නම් හරිම රසයි.

මේ මිශ්‍රණයෙන් වඩේ 50ක් විතර හදාගන්න පුළුවන්.


03) පරිප්පු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය :-
  • රතු පරිප්පු කප් 1ක්
  • ස්ටොක් වතුර කෝප්ප 3ක්
  • චොප් කරගත් ලූණු මේස හැඳි 2ක්
  • චොප් කරගත් සුදුලූණු මේස හැඳි 1ක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • රස අනුව ලුණු
  • සූදුරු ඇට ටිකක්
  • ලෙමන් යුශ ටිකක්
සාදන ක්‍රමය :-
  • මුලින්ම පරිප්පු හොඳින් සෝදා ස්ටොක් වතුර දමා තැම්බෙන්න තබා හොඳින් තැම්බුන පසු ලිපෙන් බා නිවෙන්න තබන්න.ඉන්පසු එය බ්ලෙන්ඩරයට දමා ක්‍රීම් වනතෙක් අඹරාගන්න.
  • දැන් සාස්පානක් ලිපේ තබා තෙල් ස්වල්පයක් එකතුකර එය රත්කර රත් වූ තෙල් වලට ලූණු,සුදුලූණු, සූදුරු දමා ලාවට බැදෙන්න හරින්න.
  • දැන් එයට කලින් බ්ලෙන්ඩර් කරගත් පරිප්පු ටික එකතුකර උතුරවා ගන්න.
  • අවශ්‍යය පමණ ලුණු,ගම්මිරිස් එකතුකරන්න.
  • පිලිගන්වන විට ලෙමන් යුශ එකතුකර උණුවෙන් පිලිගන්වන්න.

Share Now

Related Article