නිර්මාංශ ආහාර – රසම රස පුඩිං වර්ග 3ක්

Jul 5, 2016

කටට රහට බත් ටිකක් කාලා ඊට පස්සේ පුඩිං කෑල්ලක් එහෙම කන්න තියෙනවනම් කොහොමද? මතක් වෙනකොටත් කටට කෙළ උනනවා ඇති. හැබැයි ඉතින් නිර්මාංශ අයටනම් මේක ටිකක් ප්‍රශ්නයක්.

විශේෂයෙන්ම කොහෙහරි තැනකට එහෙම ගියාම බොහෝ විට එයාලට වෙන්නේ කොච්චර රස පාටට තිබුණත් බෙදා ගන්නේ නැතුව ඉන්න. හැබැයි ඔන්න නිර්මාංශ අයටත් දැන් පුඩිං හදාගෙන කන එක හරිම ලේසි වැඩක්. මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ අන්න ඒ වගේ පහසුවෙන් සාදා ගත හැකි රසම රස පුඩිං වර්ග තුනක් ගැන. මේවයේ බිත්තර අඩංගු වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියල රසයෙන් කිසිම අඩුවකුත් නැහැ

Continue Reading Below

බිත්තර රහිත කස්ටඩ් කැරමල් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • එළකිරි(fresh milk) මිලි ලීටර් 180
  • මිල්ක් මෙඩ් මිලි ලීටර් 180
  • යෝගට් මිලි ලීටර් 180
  • කස්ටඩ් පව්ඩර් මේස හැඳි 2
  • වැනිලා ටිකක්
  • කැරමල් එක සඳහා සීනි කෝප්ප 1/4
සාදන ක්‍රමය
  • සීනි ටික ලිප තබා අඩු ගින්දරේ කැරමල් එක සදාගෙන පුඩිම සාදන භාජනයට දමා ගන්න
  • එළකිරි වලට සියල්ල දමා හොදින් දියකරගෙන කැරමල් දමා ගත් බඳුනට දමා විනාඩි 30ක් පමන ස්ටීම් කරගන්න
  • අවශ්‍ය නම් අවන් එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 160 කට විනාඩි 35 බේක් කරන්න

බිත්තර නොදැමූ පාන් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • පිටි කිරි කෝප්ප 2
  • කෝන් පිටි තේහැඳි 1ක්
  • කුරුඳු කුඩු තේහැඳි 1/2
  • කරදමුංගු කරාබුනැටි ටිකක්
  • සීනි කෝප්ප 1/2ක්
සාදන ක්‍රමය
  • ඉහත දේවල් බඳුනක දමා උකු වෙනතෙක් මද ගින්නේ රත් කර ගන්න
  • පාන් පෙති 8 – 10ක බටර් ගා කෑලි කපා බේකින් ටින් එකට දමා ගන්න.
  • එම ටින් එකටම ප්ලම්ස්. බ්ලූබෙරි, අන්නාසි කැබලි, කජු ආදිය දමන්න
  • පාන් කැබලි වැසෙන ලෙස උණු කරගත් කිරි දමන්න
  • දුඹුරු සීනි ස්වල්පයක් උඩින් ඉසින්න

බේක් කරනවානම් වතුර දැමූ තැටියක් තුල බේකින් ටින් එක බහාලිය යුතුයි.


බිත්තර නොදැමූ කැරමල් පුඩිම

සාදන ක්‍රමය
  • කෝන්ෆ්ලවර් තේ හැදි 3 1/2
  • මිල්ක්මේඩ් කෝප්ප1
  • යෝගට් කෝප්ප1
  • පිටිකිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප1
  • වැනිලා එසන්ස්
  • කැරමල් කරගත් සීනි
සාදන ක්‍රමය
  • යෝගට් බඳුනකට දමා කැටි නැතිවෙන තෙක් හැන්දකින් හෝ හෑන්ඩ් බීටර් එකකින් ගසා ගන්න.
  • එයට මිල්ක්මෙඩ් ද එකතු කර නැවත වරක් ගසා ගන්න.
  • කිරි කෝප්පයකට කෝන්ෆ්ලවර් දමා දිය කරගෙන ඉහත මිශ්‍රණයටම එකතු කරගන්න,
  • වැනිලා එකතු කරන්න.
  • සීනි කැරමල් කරගෙන බේකින් ටින් එකට දමා එයට ඉහත මිශ්‍රණයද දමා ස්ටීම් කරගන්න.

Share Now

Related Article