ලේසියෙන් , පහසුවෙන් ප්රනීත අතුරුපසක් හදමු

Jun 8, 2020



මේ දවස් වල හැමෝම වගේ ගෙවල් වලට කොටු වෙලා. අතුරුපස හදන්න ඕනේ වුනත් ගොඩ දෙනෙක්ට බඩු නැහැ. ඒ අතරේ ගෙදරට වෙලා ඉන්න සැමියා, දරුවෝ නිතරම කන්න ඉල්ලනවා. ඉතින් වැඩිය මුකුත් නැතුව , ලේසියෙන් , රසම රස අතුරු පසක් හදාගන්න පුළුවන් නම් කවුද අකමැති නේද?

වෙනස්ම රැසක් දෙන මේ අතුරුපස ගෙදර අයට හදල දුන්නොත් හැමදාම ඉල්ලයි.

Continue Reading Below

කෝපි ජෙලි සමග උකු කිරි

අවශ්ය ද්රව්ය :

කළු කෝපි තේ හැඳි 3 ක් පමණ

උණුවතුර ලීටර 500 ml

ජෙලටින් තේ හැඳි 4 යි

උකු කිරි ටින් එකක්

සාදන ක්රමය :

මුලින්ම උණුවතුර උණු කරලා කළු කෝපි තේ හැඳි 3 දාල හොඳින් දිය කරන්න. ඒක තේ පෙරන එකකින් පෙරාගෙන ජෙලි හදන බඳුනට දමන්න.

ජෙලටින් වලට උණු වතුර ටිකක් දාල හොඳින් හැන්දකින් දියකර ගන්න. දියවුණ ජෙලටින් කෝපි මුසු වතුරට දාල හොඳින් මුසු කරන්න. දැන් නිවෙන්න තියල ශීතකරණය තුලින් තබා පැය කීපයක් හොඳින් ඝන වෙන තුරු තබාගන්න.

මේ ජෙලි එක තිත්ත රසකින් යුතුයි.

කෑමට ගනිද්දී :

ජෙලි එක කැබලි වලට කප් වලට දමන්න. ඊට උඩින් උකු කිරි ස්වල්පයක් වත් කරගෙන කෙලින්ම ආහාරයට ගන්න. ලේසියි . පහසුයි. වැඩිය දේවල් ඕනෙත් නැහැ. රෙසිපිය වරදින්නෙත් නැහැ. හැබැයි එක දවසක් කෑවොත් ඔයා හැමදාම ඉල්ලයි.

Share Now

Related Article