බත් එක්ක කන්න රසම රස පරිප්පු කරියක් හදමු

Feb 23, 2018

ලොකු පරිප්පු හොද්දක් පාන් කන්න හොඳට ගැලපුනත් බත් කන්න පරිප්පු හදනකොට හොදි අඩුවෙන් තියන එක තමයි ගැලපෙන්නේ. ඒ වගේම පරිප්පු ඇට අමු නොවෙන්නත්, ඕනෑවට වඩා බෙරි නොවෙන්නත් උයා ගන්න පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට පරිප්පු කරියක් හදන හැටි කියා දෙන්න.

Continue Reading Below

අවශ්‍ය ද්‍රව්‍ය
  • පරිප්පු අවශ්‍ය ප්‍රමාණයට
  • කපා ගත් ලූණු, අමුමිරිස් සහ කරපිංචා
  • රම්පා හෝ සේර කොළ
  • තලා ගත් සුදුලුනු බික් කීපයක්
  • අබ ඇට ස්වල්පයක්
  • මිරිස් කුඩු, කහ කුඩු සහ අමුතුනපහ කුඩු
  • වියළි මිරිස් කැබලි
  • ලුණු ස්වල්පයක්

සාදන ආකාරය
  • පරිප්පු වල තිබෙන පෙණ ගතිය යන සේ හොඳින් සෝදන්න. – හොඳට හේදුවේ නැත්තම් ඉව්වට පස්සේ අමුතු රසක් එනවා.
  • වතුරට දාලා ටික වෙලාවක් පෙඟෙන්නට තියන්න. – මේ මඟින් පරිප්පු ඉව්වට පස්සේ ඇට ගතියක් ඇති වෙන එක වළක්වනවා.
  • මිරිස් කුඩු, කහ කුඩු, අමුතුනපහ කුඩු සහ ලුණු දමා පරිප්පු වතුරෙන් හෝ දිය කිරි වලින් තම්බා ගන්න. වතුර ගතිය හිඳුනු පසු ලිපෙන් බා ගන්න.
  • වෙනත් බඳුනකට තෙල් ස්වල්පයක් දමා රම්පා, සුදු ළුණු, ළුණු, කරපිංචා සහ අබ රන්වන් පැහැ වන තුරු බැදෙන්නට හරින්න. – මුලින් අබ ඇට, කරපිංචා සහ රම්පා බැදෙන්නට දමන්න. එය රන් පැහැ ගැන්වී එන විට සුදුළුණු සහ වියළි මිරිස් දමන්න. අවසානයේදී කපා ගත් ළුණු එක් කරන්න.
  • බා ගත් පරිප්පු එයටම එක් කර මිටි කිරි ස්වල්පයක් එක් කර කලවම් කරන්න. කිරි උතුරන තෙක් තබා පරිප්පු කරිය බා ගන්න.

Share Now

Related Article