දිව පිනවන Creamy Fruit Salad එකක්

Apr 15, 2019

අපි බොහොම දෙනෙක් ෆෘට් සැලඩ් කන්නේ අතුරුපසක් විදිහටයි. හැබැයි අද අපි කියා දෙන ෆෘට් සැලඩ් එක නම් උදෑසන හෝ රාත්‍රී ආහාර වේල සඳහා ගන්න පුළුවන් සැලඩ් එකක්. මේ සැලඩ් එක ශරීරයේ බර අඩු කර ගන්න උනන්දු අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවේ, හැමදාම කන බත් වෙනුවට මේ සැලඩ් එක පුරුද්දක් විදිහට දවසට වරක් කෑවම ඔබේ සමත් අනිවාර්යයෙන්ම පැහැපත් වේවි. 

Continue Reading Below

අවශ්‍ය ද්‍රව්‍ය

කොළ ඇපල් ගෙඩියක්

රතු ඇපල් ගෙඩියක්

අන්නාසි ගෙඩියකින් කාලක්

ගස්ලබු ගෙඩි කාලක්

ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්

අඹ ගෙඩියක පාළුවක්

කොළ මිදි ගෙඩි 6/7ක්

දම් මිදි ගෙඩි 6/7ක්

ඔලිව් ගෙඩි 6/7ක්

දෙහි ගෙඩි දෙකක යුෂ

යෝගට් කෝප්පයක්

මී පැණි මේස හැඳි 1ක්

ක්‍රමය

සියලුම පලතුරු කුඩා කැබලි වලට කපන්න. නමුත් මිදි සහ ඔලිව් ගෙඩි කපන්න එපා. පලතුරු සහ දෙහි යුෂ සියල්ලම වීදුරු බඳුනකට දාලා මිශ්‍ර කරන්න.

යෝගට් එක වෙනම අරගෙන ඒකට මී පැණි දාලා බීට් කරන්න. ඊට පස්සේ යෝගට් ටික පලතුරු වලට මිශ්‍ර කරලා ආහාරයට ගන්න.

Share Now

Related Article