අවුරුදු කෑම මේසයට රසය ගෙනෙන ස්විස් රෝල් නිවසේදීම සාදා ගන්නා අයුරු

Apr 6, 2016

Swiss Roll කුඩා දරුවන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශවයම ඉතා ප්‍රිය කරන ආහාරයක්. වෙළෙඳපොළේ නොයෙකුත් මිල ගණන්වලින් මේවා මිලට ගත හැකියි. නමුත් මේ ලිපියෙන් අප ඔබට හඳුන්වාදෙන්නේ swiss roll නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබඳවයි.

Continue Reading Below


අවශ්‍ය ද්‍රව්‍ය
  • පිටි ග්‍රෑම් 100
  • වැනිලා තේ හැඳි 1
  • බිත්තර 4
  • බේකින් පව්ඩර් තේ හැඳි 1
  • සීනි ග්‍රෑම් 100
  • ජෑම් මේස හැඳි 4
සාදන ක්‍රමය
  • ස්විස් රෝල් ටින් එකක තෙල් කඩදාසි අතුරා බටර් ස්වල්පයක් ග තුනීවට පිටි ඉසින්න.
  • බිත්තර හතර කඩා භාජනයකට දමා මිනිත්තු තුනක් පමණ වෙලා ගසා සීනි ස්වල්පය බැගින් එකතු කරමින් ගසන්න
  • මෙසේ මිනිත්තු 10ක් පමණ ගසා බේකින් පව්ඩර් මිශ්‍රකොට ගත හලාගත් පිටි සහ වැනිලා බිත්තර මිශ්‍රණයට එක් කරන්න
  • ඉන්පසු කලින් පිළියෙළ කොට ගත ටින් එකේ මේ මිශ්‍රණය අඟල් ¼ක් පමණ ඝනකමට වත්කර උණුසුම් පෝරණුවකින් පදමට පුළුස්සා ගන්න.
  • මෙය පිළිස්සෙන තුරු ජෑම් කෝප්පයකට දමා පොඩි කර ගන්න.
  • ඉන්පසු පිරිසිදු ලෑල්ලක සුදු සීනි තුනීවට අතුරා කේක් එක අනෙක් පැත්ත හරවා කඩදාසි ඉවත්කර ලෑල්ල මතුයෙහි දමන්න.
  • එහි මතුපිට රත්කළ ජෑම් ගා ඉක්මනින් රෝල් කරගන්න.

Share Now

Related Article