වෙනස්ම රසකට අල කරියක්

Mar 20, 2018

හැමදාම කන අල හොදි ව්‍යංජනයයි, අල තෙල් දාලා හදන ව්‍යංජනයයි දැන් එපා වෙලා කියලා කිව්වම, ටිකක් වෙනස් විදිහට අල කරියක් හදන ක්‍රමයක් ගැන ගමේ අම්මා කෙනෙක් අපිට කියලා දුන්නා. හදලා බැලුවම ඇත්තටම කන්න ආස හිතෙන, වෙනස් රසක් අපිට දැනුනා. ඉතින් අපේ ගෘහණියන්ට හැමදාම අළුත් දෙයක් ගෙනත් දෙන වෙබ් අඩවියක් විදිහට අපි තීරණය කළා මේ වෙනස් අල කරිය හදන හැටි ගැන ඔබට කියා දෙන්න.

Continue Reading Below


අවශ්‍ය ද්‍රව්‍ය
  • පොඩි අල ගෙඩි ග්රෑම් 250ක්
  • කබලේ බැද ගත් පොල් මේස හැඳි 3ක්
  • බැදපු මිරිස් කුඩු තේ හැන්දක්
  • රතු ලූනු ගෙඩි 2ක්
  • සුදු ලූනු බික් 2ක්
  • රම්පා
  • කරපිංචා
  • කුරුඳු පොත්තක්
  • ගොරකා කැබැල්ලක්
  • අබ ඇට ස්වල්පයක්
  • බැදපු උළුහාල් ස්වල්පයක්
  • ලුණු

සාදන ක්‍රමය
  • පොත්ත පිටින් අල තම්බා ලෙලි ඇර ගන්න. අල ප්‍රමාණයෙන් විශාල නම් කැබලි වලට කපා ගන්න.
  • පොල්, රම්පා, කරපිංචා සිහින්ව අඹරා ගන්න.
  • අල, පොල් මිශ්‍රණය, බැදපු තුන පහ කුඩු, ලුණු, බැදපු උළුහාල් සහ ගොරකා හැර ඉතිරි ද්‍රව්‍ය වලින් තෙම්පරාදුවක් සාදා ගන්න.
  • එයට අල, පොල් මිශ්‍රණය, බැදපු තුන පහ කුඩු, ලුණු, බැදපු උළුහාල් සහ ගොරකා දමා, වතුර අඬු කෝප්පයක් දමන්න. ඉන් පසු එය හින්දා ගන්න.

Share Now

Related Article