උෂ්ණාධික සමයේ ඔබ ගත යුතුම ආහාර පාන වර්ග 10ක්

Mar 23, 2016

මේදිනවල සමස්ථ ශ්‍රී ලංකාවේම පවතින්නේ ඉතා උණුසුම් කාලගුණයක්. ඒ නිසා තම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිලිබඳ සියලු දෙනාම සැලකිලිමත් විය යුතුයි. මේ පරිසර තත්වය නිසා බහුලව දක්නට ලැබෙන තත්වය තමා විජලනය. විජලනය නිසා හිස කරකැවිල්ල, ඇඟපත දුර්වල වීම, වෙහෙස, උදරයේ වේදනාව, මුත්‍රා ආබාධ වැනි තත්වයන් රැසකට මුහුණ දීමට පවා සිදුවිය හැකියි.

Continue Reading Below

ඒ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සුදුසු ආහාර වර්ග ගැනීම තුලින් ශරීර උෂ්ණත්වය සමතුලිතව තබා ගැනීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ ලිපියෙන් කියැවෙන්නේ උෂ්ණාධික මෙවන් සමයක ඔබ විසින් ගත යුතු ආහාර පාන වර්ග කිහිපයක් පිළිබඳවයි.


මී කිරි/යෝගට්

වෙළෙඳපොලෙන් පහසුවෙන් සහ අඩු මිලකට මිලදී ගත හැකි මේ ආහාර වර්ග දෙකම උෂ්ණාධික දිනවලට ආහාරයට ගැනීම ඔබේ ශරීර උෂ්ණත්වය සමතුලිතව තබා ගැනීමට මහත් සේ උපකාරී වනවා.


පොල් වතුර

පොල් බිඳීන විට පොල් වතුර ඉවත දැමීම අපරාධයක්. සිසිලන ගුණය මෙන්ම ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් රාශියක් පොල්වතුරෙහි අන්තර්ගතයි. පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ ගුණයක් පොල්වතුරෙහි ඇති බවට දැන් දැන් වෛද්‍යවරුන් විසින් මත පළකරනවා.ඒ නිසා පොල් බිඳින විට පොල්වතුර ඉවත නොදමා පානය කරන්නට හුරු වන්න.


පිපිඥා


මිංචි කොළ

මේ දිනවල ඔබ සාදාගන්නා පානයන්ට හා සලාද වලට මිංචි කොළ එකතු කරගැනීම ඔබට පහසුවෙන්ම කළ හැකියි.


කොල පැහැති එළවලු

කොල පැහැති එළවලු වර්ග වසරේ ඕනෑම කාලයක ආහාරය ගත යුතු වුවත් උෂ්ණාධික සමයේදී ඒවා ආහාරයට ගැනීම සුදුසු වන්නේ ඒවායේ ජලය බහුලව අඩංගු වන නිසායි. නමුත් පමණට වඩා පිස ගැනීමෙන් මේ එළවලුවල ගුණය නැතිව යනවා කියා නම් කිව යුතුයි.


රතු ළූණු

ආහාර පිසීමේදී මාළුපිණිවලට රතු ළූණු එක්කර ගැනීම ඔබට කළ හැකියි. විශේෂයෙන්ම දැඩි හිරු රශ්මිය නිසා ඇතිවන ශරීර තත්වයන්ට එරෙහිව රතු ළූණු මගින් ආරක්ෂාවක් ලබා දෙනවා.


දෙහි යුෂ


පුහුල්


පැණි කොමඩු


ඉහත සඳහන් කළ ආහාර පාන සියල්ලම ඔබට ඉතා පහසුවෙන් සොයාගත හැකි දෑ වනවා. ඉතින් මේ උෂ්ණ සමයේ ඔබේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම ඉතා ලෙහෙසි වැඩක්.

Share Now

Related Article