ඔබත් ඔබේ ලස්සන වෙනුවෙන් දවසක් වෙන් කරනවාද?

Nov 9, 2016

හැම ගැහැණියක්ම සුන්දරයි. සමහරු නොසැලකිල්ල නිසා තමන්ගේ උපතින් ලැබුන සුන්දරත්වය නැති කර ගන්නවා. අපට වෙලාවක් නැහැ කියන එක හොඳ නිදහසට කරුණක් විදිහට මම සලකන්නේ නැහැ. සුන්දරත්වය වෙනුවෙන් සතියකට එක දවසක් අනිවාර්යයෙන්ම වෙන් කර ගත යුතුයි.

ඔබට ඔබවම විශේෂයෙන් දැනෙන්න, ඔබේ බාහිර අභ්‍යන්තර රූපය සුන්දර කර ගන්න එක දවසක් වෙන් කරනවා කියන්නේ ආයෝජනයක්. ඒ කාලය තමයි සතියේ ඔබේ වටිනාම කාලය.

Continue Reading Below

ලස්සන වෙන දවස හැටියට මම යොදා ගන්නේ ඉරිදා. රැකියාවේ කාර්ය බහුල කමෙන් , ගෙදර වැඩ, පොඩ්ඩන්ගේ වැඩ වලින් මිදෙන දවස. මගේ ඉරිදා දවසේ ලස්සන රැකගන්න මෙන්න මේ දේවල් මම කරනවා. ඔබත් ඒක අත්හදා බලන්න. වෙනසක් අත් විඳින්න. ඔබටම දැනේවි නැවුම් හැගීමක්.


1.කොණ්ඩය හේදීමෙන් පටන් ගන්න.

ඔබ කැමතිම සුවඳ, ගුණ ඇති ෂැම්පු වර්ගය මේ සඳහා යොදා ගන්න පුළුවන්.


2.ඊළඟට නාන බේසම පිරිසිඳු මද උණුසුම් ජලයෙන් පුරවන්න.

එයට ඔබ කැමතිම වර්ගයක පෝෂක ද්‍රව්‍යක් එකතු කරන්න පුළුවන්. මම මේ සතියේ එකතු කලේ කොහොඹ කොළ තැම්බුව වතුර. මොකද මේ දවස් වල උණුසුම නිසා දහදිය බිබිලි මතු වෙලා. ඇතැම් විට නිකන්ම bath salt එක්ක අපූරු bubble bath එකක් ගන්න අවස්ථාවන් තිබෙනවා. එවිට හම හොඳින් පිරිසිඳු වෙනවා. සුදුහඳුන් කුඩු, වෙනිවැල්ගැට ජලය , කහ වතුර වගේ ස්වභාවික විශිෂ්ට පෝෂක ද්‍රව්‍යන් වගේම වෙළඳපොලේ ඇති නිෂ්පාදනත් ඔබට භාවිතා කරන්න පුළුවන්.


3.නාන අතරතුර තුවායෙන් කොන්ඩේ තෙත මාත්තු කරලා, හොඳින් conditioner අරගෙන පරිස්සමෙන් කොන්ඩේ ආලේප කරන්න.

Conditioner එක තිබෙද්දී shower cap එකකින් හිස වහගෙන තුවාය හිස වටේ ඔතා පැතිරීමට ඉඩ හරින්න.


4.දැන් වතුරට බැහැ ගන්න.

විනාඩි පහක් , දහයක් ඔබේ වෙහෙස , පීඩනයන් ගෙන් මිදෙන තුරු සුවඳවත් මද උණුසුම් ජලයේ බැස සිටින්න.


5.මැරුණ සම ඉවත් කිරීමට ඇති pumice stone එකකින් යටි පතුල, කකුල් වැලමිට වැනි සම තද ස්ථාන සෙමින් ස්ක්‍රබ් කරන්න.

6.ශරීරය අතුල්ලන ලූෆා ස්පොන්ජ් එකට හොඳ නාන ජෙල් එකක් හෝ සබන් තවරා යටි පතුලේ සිට උරහිස දක්වා සෙමෙන් උඩු අතට අතුල්ලන්න.

7.ශරීරය හොඳින් සෝදා බේසමෙන් උඩට පැමිණ ශරීරය හොඳින් පිස දමන්න.

8.හොඳ වර්ගයකට අයත් බොඩි ලෝෂන් එකක් යොදා ශරීරය හොඳින් මසාජ් කරන්න.

9.ඔබේ ශරීරය දැන් ලස්සනන් , කපු dressin ගවුමකින් ආවරණය කරගන්න.

10.දැන් උණු වාෂ්ප ස්නානයෙන් ප්‍රබෝධමත් උන මුහුණ scrub එකක් ආධාරයෙන් හොඳින් scrub කර ගන්න.

බබලන , සුසිනිදු බවක් ඔබේ මුහුණට ලැබේවි.


11.දැන් ඔබ කැමතිම face පැක් එකක් ආලේප කරන්න.

සුන්දර සංගීතයක් පසුබිමේ ඇහෙන්න ඇඳේ හාන්සි වෙන්න. කකුල් කොට්ටයක් වැනි උස දෙයක් මත තබා ගන්න. ඇස් දෙක පියාගන්න. නිදහස , සැහැල්ලුව මනසින් අත්විඳින්න.


12.දැන් නැවත නාන කාමරයට යන්න.

මුහුණ උණු වතුරින් සෝදා කොණ්ඩය සින්ක් ඒකට අල්ලා හොඳින් සෝදන්න. ඇඟේ වතුර ගැවෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් කරන්න. කොණ්ඩය පළමුව සෝදා තුවායෙන් පිසින්න. මුහුණ සෝදා ටිෂු එකකින් පිස දමන්න.


13.ඔබේ මුහුණු සත්කාර නිමා කරන්නට ටෝනර් ස්වල්පයක් මුහුණේ ගාන්න.

ඇස වටේ ගැන ක්‍රීම් ( eye cream) ස්වල්පයක් තවරා මදක් සම්බාහනය කරන්න.


14.සුන්දර දවස තවත් සුන්දර කරගන්න උණුසුම් තේ හෝ ඔසු පැන් කෝප්පයක් තොල ගාමින්, ඔබ කැමතිම පොතක් කියවන්න.

Share Now

Related Article