ඔබේ සම හැමදාම ලස්සනට තියාගන්න ටිප්ස් 8 ක්

Feb 18, 2020

අවුරුදු 25 න් පස්සේ අපි හැමෝගෙම සමේ වයසට යාමේ ක්රියාවලිය ආරම්භ වෙනවා. සමහරු තමන්ගේ වැරදි පුරුදු නිසා ඒ වයසට යන ක්රියාවලිය වේගවත් කරගෙන ඉක්මනින්ම මහලු පෙනුමක් සමේ ඇතිකර ගන්නවා. අද අපි ඔබට කියල දෙන්න හිතුවේ සමට වයස්ගත පෙනුමක් ඇති නොවෙන්න නම් ඇතිකරගන්න ඕනේ හොඳ පුරුදු ගැනයි.

Continue Reading Below

  • 1) දිනපතා ආහාරයට එකතු කරන ආහාර වට්ටෝරුව

    අපි වයසට යාම පාලනය කරවන ප්රති ඔක්සිකාරක නැත්නම් antioxidants අඩංගු ආහාර තිබෙනවා. බොහෝ දෙනෙක් කතා කරන්නේ පිටරටවල තියන මිල අධික ආහාර ගැනයි. නමුත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් කීයෙන් කී දෙනෙක්ටද? ඒ නිසා මෙන්න මේ ආහාර දෙස බලන්න. ලාභදායක වුනත් හැමදාම ලස්සන සමක් ඇතිකරගන්න උදවු වෙනවා.

    කහ : ප්රතිඔක්සිකාරක ගබඩාවක් වන කහ අපේ ජීවිතේ අපි එදිනෙදා ආහාර පිසීමට භාවිතා කරන කුලුබඩුවක්. ගුණය කියා නිම කරන්න බැහැ. ආහාරයට පමණක් නෙවේ බාහිර ආලේපනය කිරීම මගින්ද ඔබේ සම පැහැපත් කරවනවා විතරක් නෙවේ බිබිලි, ආසාධන නැති කරනවා. සම වයසට යාමේ ක්රියාවලිය අඩපන කරලා සමට නැවුම් බවක් ලබා දෙනවා.

    මුරුංගා : විටමින් සහ ඛනිජ ලවන ගබඩාවක් වන මෙහි ප්රෝටීන් ද යහමින් ඇති දිනපතා ආහාරයට එකතු කර ගත යුතු වටිනා ශාකයකි. කරල් පමණක් නොව, කොළ පවා රස්වත් ආහාරයක් විතරක් නෙවේ සමේ වයසට යාම පාලනය කරන විස්මය ජනක ඔසුවක්.

    එළඟිතෙල් : එළඟිතෙල් වල යහමින් අඩංගු විටමින් A,D,E සහ K සමේ ලස්සනට විතරක් නෙවේ අස්ථි වල නිරෝගීතාවයට , මොලයේ ශක්තිය වර්ධනය වීමට මෙන්ම සිරුරේ ප්රතිශක්තිය වර්ධනය වෙන්නත් හේතු වෙනවා.

    දෙහි / දොඩම් : ප්රභල ප්රතිඔක්සිකාරකයක් වන විටමින් C යහමින් අඩංගු දෙහි සහ දොඩම් හැම විටම ඔබේ සමේ සුන්දරත්වයට, නිරෝගී බවට සහ වයසට නොයා ආරක්ෂා කර ගැනීමට දායක වෙනවා.

  • 2) සීනි සහ සීනි අඩංගු ආහාර ගැනීම සීමා කරන්න

    ළඟදී කළ අධ්යනයකින් තහවුරු වුනා සීනි පරිභෝජනය නිසා සමේ වයසට යාමේ ක්රියාවලිය ඉක්මන් වෙනවා සහ සමේ අඳුරු ලප , සම විජලනය ලක් වීම වගේම රැලි හටගැනීම වගේ නරක ප්රතිපල අත්කර දෙනවා කියල. ඉක්මනට වයසට නොයා හැමදාම ලස්සන සමක් තියාගන්න ඕනේ නම් සීනි සහිත ආහාර භාවිතය සීමා කරන්න.

  • 3) මුනින් අතට නිදියන්න එපා

    ඔයත් නිදියන්න හුරු වෙලා ඉන්නේ මුනින් තලාව වැතිරිලා නම් ඒ පුරුද්ද අදම වෙනස් කර ගන්න. බොහෝ වෛද්ය වරුන් විශ්වාස කරන්නේ මුනින් තලාව නිදා ගැනීමෙන් මුහුණේ ගැඹුරු රැලි ඇතිවීම ඉක්මනින් සිදු වෙන බවයි. ඉක්මනින්ම මුහුණේ ලස්සන අහිමි කරගන්න ඕනේ නැති කෙනෙක් ඉන්නවා නම් මුහුණ උඩු අතට සිටින විදිහට නිදාගන්න හුරු වෙන්න.

  • 4) කැල්සියම් අවශ්යතා සපුරා ගන්න

    ඔබේ සිරුරට අවශ්ය තරම් කැල්සියම් ලැබෙද්දී මුළු සිරුරම වයසට යාමේ ක්රියාවලිය මන්දගාමී වෙනවා. කිරි, පොඩි මාළු, සෝයා, ඇට වර්ග වගේ ආහාර ඔබේ කෑමට එකතු කරගන්න. ඒ වගේම කැල්සියම් මට්ටම පරීක්ෂා කරගන්නත් ඔබට පුළුවන්. සුදුසු අගයට නැති නම් කැල්සියම් පෙති මගින් සිරුරට ලබා ගත හැකියි.

  • 5) දිනපතා Green Tea පානය

    වයසට යන එක පරක්කු කරගන්න ඕනේ කෙනෙක් නම් Green Tea ඔබේ දිනපතා ජීවිතයට එකතු කරගන්න අමතක කරන්න එපා. ග්රීන් ටී වල තිබෙන ප්රතිඔක්සිකාරක සමේ වයසට යාම පාලනය කරනවා.

  • 6) ටිකක් නාන්න

    ඔබ උණුවතුරින් නානවා නම් ගොඩක් වෙලා ඔබේ සම උණු ජලයට නිරාවරණය කරගෙන ඉන්න එපා. එය සැමට හොඳ නැහැ. විශේෂයෙන්ම මුහුණේ සම රැලි වැටෙන්න හේතුවක් වෙනවා ඕනෙවට වඩා වෙලාවක් ස්නානය කිරීම.

  • 7) ඉර එළියෙන් ආරක්ෂා වෙන්න

    අපේ වගේ රටක එලියට දවල් කාලයේ යද්දී කුඩයක් , තොප්පියක් සමග යාම ගොඩක් වැදගත් වෙනවා. අපේ සමට ඉන්න ලොකුම හතුරා තමයි ඉර එලිය. SPF අගය 30 වගේ Sun Screen එකක් ආලේප කිරීම ගොඩක් වටිනවා. මොන දේ කරත් වැඩක් නැහැ ඔබේ සම හිරු රශ්මියට නිරාවරණය වෙනවා නම්.

  • 8) මානසික පීඩනය අවම කරගන්න

    මානසික පීඩනය වැඩි වෙද්දී ඒ බව ඉස්සෙල්ලම එලියට පේන්නේ ඔබේ මුහුණේ සමෙන්. වයසට යාම ඉක්මන් කරවනවා අධික පීඩනයක් ඇතිව ජීවත් වීමෙන්. සරල භාවනාවක් කිරීම, සුළු ව්යායාමයක් කිරීම, සිත සැහැල්ලු වෙන ක්රියාකාරකම් වල යෙදීම පුරුද්දක් කරගන්න.

Share Now

Related Article