මංගල දිනයට මාස තුනක පමණ පෙර සිට යුවතියක් කළ යුතු දෑ 25ක්

May 6, 2016

සිහිනයෙන් පවා දකින මංගල දිනයේ පුළුවන් තරම් ලස්සනට ඉන්නයි යුවතියන් ආශා කරන්නේ. විශේෂයෙන්ම සිහිවටනයක් ලෙස ළඟ තබා ගන්නා මංගල ඡායාරූප ඇල්බමය සුන්දර වන්නේ ප්‍රධාන වශයෙන්ම මනාලියක් වන ඔබ නිසායි.

Continue Reading Below

මාස තුනකට පෙර,
  • Beauty Vitamins ගැනීම ආරම්භ කළ යුතුයි

මේ සඳහා වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීමයි වඩාත්ම සුදුසු. ඊට අමතරව ඔබ ගන්නා ආහාර පාන පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. Peanut butter, කෙසෙල් වැනි ආහාරවල නිය සහ හිසකෙස්වල නිරෝගී බවට වැදගත්වන බයෝටින් අඩංගු වනවා. යකඩ අඩංගු ආහාර මෙන්ම විටමින් C අඩංගු ආහාරද ඔබ විසින් ගත යුතුයි. යකඩ ඔබේ හිස කෙස්වල දීප්තිය වඩවන අතර විටමින් C මගින් සමට පෝෂණය සපයනවා.

  • සම පිලිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි.

ඔබ මෙතැන් පටන් cleanser කිරීම, scrub කිරීම, toning සහ moisturize කිරීම ආදී දේ නිසි කාලසටහනකට අනුව කිරීම ඇරඹිය යුතුයි.

  • සෞඛ්‍ය සහ පෝෂණය

විටමින් C ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩා සවිමත් වනවා. මංගල දිනයේ නැවුම් සහ ප්‍රබෝධමත් ලෙස සිටීමට නම් ඔබ ව්‍යායාම ආදියද කළ යුතුයි.

  • හිසකෙස් සැරසිලි සහ make up අත්හදා බැලීම්.

ඔබට වඩාත්ම ගැලපෙන්නේ කුමන ආකාරයේ හිසකෙස් සැරසිල්ලක්ද, make up කළ යුත්තේ කෙසේද කියා හඳුනා ගැනීමට නම් ඒ පිලිබඳ පෙර තියාම යම් යම් අත්හදා බැලීම් කර තිබිය යුතුයි.


මාස දෙකකට පෙර,
  • ආභරණ තෝරාගැනීම ආරම්භ කිරීම

ඔබේ සිතට මෙන්ම ඇඳුමටද වඩාත් ගැලපෙන ආභරණ මොනවාද යන්න සොයාගැනීමත් වැදගත්.

  • දන්ත සෞඛ්‍ය

මංගල දිනය දෑ ඔබ ලස්සනට හිනා වෙලා ඉන්න ඕන. ඉතින් ඒ නිසා දන්ත වෛද්‍යවරයෙකු හමුවී ඔබේ දත්වල සිදු කළ යුතු වෙනස්කම් මොනවාද යන්නත් කතා බහ කරගන්න.

  • ව්‍යායාම කිරීම

කලින් මාසයේ කළාට වඩා වැඩිපුර පැය බාගයක්වත් මේ සඳහා වෙන් කරගන්න.


සති දෙකකට පෙර,
  • හිස කෙස් පිලිබඳ සැලකිලිමත් වීම

මංගල දිනයේදී ඔබේ හිසකෙස් මෝස්තරය වෙනුවෙන් පෙර සූදානමක් විය යුතුයි. ඒ සඳහා ඔබේ හොසකෙස්වල කළ යුතු වෙනස්කම් පිලිබඳ සැලකිලිමත් වීම සති දෙකකට පමණ පෙර සිට ඔබ කළ යුතුයි.

  • Body Scrub එකක් භාවිතා කිරීම

සම පිරිසිදුව සහ පැහැදිලිව දිස්වීමට මෙය උපකාරයක් වේවි.

  • නියපොතු පිලිබඳ සැලකිලිමත් වීම

ඔබ නිය ආලේපන භාවිතා කර ඇත්නම් ඒවා ඉවත් කර මංගල දිනය වන තෙක් නිය ආලේපන නොගල්වා සිටිය යුතුයි.


සතියකට පෙර,
  • Facial එකක් කර ගැනීම.
  • ඇහි බැම සකසා ගැනීම.
  • අනවශ්‍ය රෝම ඉවත් කිරීම.

දින තුනකට පෙර,
  • නිවසේදීම සම වෙනුවෙන් කළ යුතු ප්‍රතිකර්ම කිරීම. (cleansing, scrubbing, toning)
  • Face mask එකක් දැමීම.
  • හිස කෙස් වෙනුවෙන් උණුසුම් තෙල් සාත්තුවක් ලබා දීම.
  • නියපොතු සහ දෑත්, දෙපා සඳහා Manicure/Pedicure එකක් කිරීම.

මංගල දිනයට පෙර දිනයේදී,
  • හොඳ නින්දක් ලබා ගන්න.
  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.
  • සීනි scrub එකෙන් තොල් scrub කර lip balm ආලේප කරන්න.
  • වැළමිට සිනිඳු කිරීම සඳහා salt scrub එකක් භාවිතා කරන්න.
  • හිස කෙස් සෝදන්න.

මංගල දිනයේදී,
  • Face tissues නිතරම ළඟ තබා ගන්න.
  • මුහුණ ඇල්ලීම කරන්න යන්නට එපා.
  • ඔබේ සමට ගැලපෙන SPF අගයක් අඩංගු sun screen එකක් මුහුණේ, දෑත් දෙපා වල මෙන්ම පිටේ ද ආලේප කරන්න.

Share Now

Related Article