මනාලියක් වීමට පෙර සිට කළ යුතු රූපලාවණ්ය සත්කාර

Dec 10, 2019

ඕනෑම විවාහ මංගල්යයක කැපී පෙනෙන තාරකාව වන්නේ මනාලියයි. විවාහය සඳහා සියලු කටයුතු සංවිධානය කෙරෙන අතරේ, ඔබ වඩාත්ම උනන්දු විය යුත්තේ මනාලිය වීමට සිටින යුවතියගේ රූප සෞන්දර්යය තව තවත් ඔප් නංවා ගැනීමට කීවොත් නිවැරදියි. ඉතින් අපි Goodhousekeeping.lk හරහා මේ සැරසෙන්නේ විවාහාපේක්ෂිත යුවතියකට ඔබින රූපලාවන්ය උපදෙස් කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නටයි.

Continue Reading Below

CTM

C – Cleansing (පිරිසිදු කිරීම)

T – Toning (ටෝනර් කිරීම)

M- Moisturizing (මොයිස්චරයිස් කිරීම)

ඉහත දැක්වෙන පියවර තුන ඔබ අඛණ්ඩව සිදු කළ යුතුය. මෙමගින් ඔබේ සමේ අඳුරු බව ඉවත් වී, තරුණ පෙනුමක් ලැබේවි. පිරිසිදු, අපද්රව්ය නැති මුහුණක් ඔබේ සමට වඩා හොඳින් හුස්ම ගැනීමට උපකාර කරනු ඇත. සිදුරු නැවත වැසීම සඳහා ටෝනර් කිරීම යොදා ගන්න පුළුවන්. ඔබේ සම මෘදුව තබා ගැනීමට සහ අවශ්ය තෙතමනය රඳවා ගැනීමට මොයිස්චරයිස් කිරීම උපකාරී වෙනවා.

ස්ක්රබ් කිරීම

සම මත ඇති මැරුණු සෛල සහ බ්ලැක්හෙඩ්ස් ඉවත් කිරීමට ඇති හොඳම ක්රමය ස්ක්රබ් කිරීම කිව්වොත් නිවැරදියි. සිනිඳු ඇට සහිත ස්ක්රබ් එකක් සතියකට දෙවතාවක් පමණ භාවිතා කරන්න. ඔබ මේ සඳහා ගොරෝසු ඇට සහිත ස්ක්රබ් භාවිතා කළොත් ඔබේ සමට හානි සිදු විය හැකියි. මේ සඳහා ඔබට නිවසේදීම සකස් කර ගත් ස්ක්රබ් එකක් භාවිතා කළ හැකි නම් වඩාත් සුදුසුයි (සහල් පිටි හෝ සීනි වැනි).

මුහුණේ සහ හිස කෙස් වල සුවතාවය ගැන උනන්දු වීම

විවාහ මංගලයට පෙර අවම වශයෙන් මාස හයක සිට මසකට වතාවක් ෆේෂල් එකක් සිදු කිරීම ආරම්භ කරන්න. ඔබ සතුව ඉතිරිව ඇත්තේ අඩු කාලයක් නම්, සතිපතා Gold Facial එකක් බැගින් සිදු කර ගන්න. නමුත් අලුත් නිෂ්පාදනයක් ගැල්වීමට පෙර, සෑම විටකම Patch Test එකක් කර, එය ඔබේ සමට ගැලපේදැයි සොයා බලන්න.

මසකට වතාවක් ඔබේ හිස කෙස් වලට සාත්තු කර ගැනීම සඳහා රූපලාවන්යාගාරයකට යන්න. හිස කෙස් වලට සාත්තු කිරීම විවාහයට මාස 6කට පෙර සිටවත් ආරම්භ කරන්න. ඔබ ඔබේ හිස කෙස් වලට රසායනික සාත්තු කිරීමට අකමැති නම්, නිවසේදීම හෙයාර් මාස් සකසාගෙන සාත්තු කරන්න.

සායනික සහ ගෘහස්ත ප්රතිකර්ම

ඔබේ සමේ වැඩි කැළැල් ප්රමාණයක් තිබේ නම්, ඔබට ඉක්මනින්ම ප්රතිකාර වෙත යොමු වෙන්නට සිදු වෙනවා. විවාහ මංගල උත්සවයට මාස 6 කට පමණ පෙර සිටවත් ඔබේ ප්රතිකාර ආරම්භ කල යුතුයි. සම මත ඇති විවිධ කැළැල් වර්ග, තුවාල, ආසාදන සහ ඇක්නි වර්ග සුව කළ හැකි නවීන වෛද්ය ප්රතිකර්ම ක්රම ඔබට අත්හදා බැලිය හැකියි. මීට අමතරව ඔබට නිවසේදීම මෙවැනි ගැටළු සඳහා අත්හදා බැලිය හැකි ස්වභාවික ප්රතිකර්ම සිදු කර නැවුම් සමක් ලබා ගන්න.

සුන්දර දෑතක් සහ දෙපයක් හිමි කර ගන්න

රාත්රී කාලයේදී නින්දට යාමට පෙර ඔබේ දෑත් සහ දෙපා වල ඔලීව් තෙල් ගල්වා සම්බාහනය කරන්න. නින්දට යාමේදී ඔලිව් තෙල් ගල්වාගෙනම නින්දට යන්න. මෙය ඔබගේ අත් සහ පාද මත ඇති වියළි හම ඉවත් කරනු ඇත. ස්නානය කිරීමේදී ඔබේ පතුල් ඇතිල්ලීම සඳහා ගලක් හෝ බුරුසුවක් භාවිතා කරන්න.

අත් හා පාදවල නියපොතු ඔප දමා, නිය ආලේපන ගැල්වීමෙන් ඔබේ පෙනුම වර්ධනය කරයි. විවාහාපේක්ෂිත යුවතියක් සතිපතා හෝ මාසිකව මෙනික්යු සහ පෙඩික්යු කර ගැනීම අනිවාර්ය වේ.

අනවශ්ය රෝම ඉවත් කිරීම

ඔබේ සමේ රෝම පිහිටන ප්රමාණය වැඩියි නම්, එය සමේ පැහැපත් පෙනුම අඩු කර පෙන්වනවා. සුමුදු සමක් ලබා ගැනීම වෙනුවෙන් ඔබට සම මත ඇති අනවශ්ය රෝම ඉවත් කිරීමට සිදු වෙනවා. ඔබේ පාද සහ අත් වල රෝම පිටතට නිරාවරණය වන බැවින් ඒවා ඉවත් කර ගන්න. ඔබේ ඇහිබැමවල හැඩය තබා ගන්න. ඔබ විවාහය ආසන්න වී හදිසියේ රෝම ඉවත් කළොත් ඔබේ සමට හානි විය හැකියි. මේ නිසා මාස 6ක පටන්, සතිපතා ඔබේ සම මත ඇති රෝම ඉවත් කරන්න.

Share Now

Related Article