කාන්තා ඔබේ රුව නසන වැරදි විලාසිතා 6ක්

Jul 3, 2019

වැරදි විලාසිතා කරද්දී අහිමි වෙන්නේ ඔබේ ස්වභාවික අලංකාරයමයි. බොහෝ දෙනෙක් නොදැනුවත් කම නිසා නොගැලපෙන සහ වැරදි විලාසිතා කරනවා. සමහර විට ඔබත් මේ නොගැලපෙන විලාසිතා කරන ගමන්, ඒ විලාසිතා සුන්දරයි කියලා හිතාගෙන ඉන්නවා ඇති. ඒත් ඔබ වැරදියි. ඔබ නොගැලපෙන විලාසිතා කරද්දී ඔබ වටේ ඉන්න අයට එය ඉක්මනින්ම දැනෙනවා. සමහර විට ඔබේ හිත රිදවන්න බැරි නිසා ඔවුන් මේ ගැන ඔබට නොකියා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා එවැනි නොගැලපෙන විලාසිතා වර්ග 6ක් ගැන ඔබව දැනුවත් කරන්න.

Continue Reading Below

1 ඇඟට වඩා ලොකු කලිසම්

ඔබේ සිරුරේ ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් ඇඳීමෙන් ඔබේ සුන්දරත්වය අඩු වෙලා යනවා. ඉහත රූප දෙක සංසන්දනය කර වෙනස වටහා ගන්න උත්සාහ කරන්න.

2 සාමාන්‍ය සෙරප්පු වලට මේස්

මේස් දැමිය යුත්තේ සපත්තු වලටයි. නමුත් සමහර කාන්තාවන් සාමාන්‍ය සෙරප්පු වලට මේස් පළඳින්නට පුරුදු වී සිටිනවා. නමුත් එය හොඳ විලාසිතාවක් නම් නෙවෙයි.

3 පමණට වඩා තද ඇඳුම්

සිරුරට වඩා විශාල ඇඳුම් වගේම, පමණට වඩා තද ඇඳුමුත් අශෝබනව පෙනෙන අවස්ථා තියෙනවා. මේ නිසා ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

4 Harem Pants

මේ විලාසිතාව ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධයි තමයි. ඒත් ගොඩක් රූපලාවන්‍ය ශිල්පීන්ගේ අදහස වන්නේ එය ඔබේ රුව අඩු කර පෙන්වන්නට සමත් වන විලාසිතාවක් බවයි. ඔවුන් කියන නිසා නෙවෙයි, ඒ විලාසිතාව කිරීමට ඔබට අවශ්‍යම නම් එය ඔබේ සිරුරට ගැලපෙනවද කියලා හොඳට නිරීක්ෂණය කරලම තීරණය කරන්න.

5 පමණ ඉක්මවූ ආභරණ

ඇඳුමට ගැලපෙන්නට එක් ඔරලෝසුවක්, එක් බ්‍රේස්ලට් එකක් සහ එක් මුදුවක් පැළඳුවම හොඳටම ප්‍රමාණවත් නේද? පමණට වඩා ආභරණ පළඳින්න ගියාම ඒ එකකවත් විලාසිතාව හරියට පෙනෙන්නේ නැහැ.

6 ගෘහස්ත අවස්ථාවන්ට සන්ග්ලාස්

ඔබ සන්ග්ලාස් පැළඳුවම සුන්දරව පෙනෙනවා ඇති. නමුත් එම විලාසිතාව ගැලපෙන්නේ එළිමහන් අවස්ථා වලටයි.

Share Now

Related Article