විලාසිතා ලොවේ රැජිනක් වන්න කාන්තා කොමුපිලි ගැන හරියටම දැනගන්න

Jan 6, 2016

ලස්සනට අඳින්න පළඳින්න කැමති වුණත් අපි අතරින් බහුතරය අවධානය යොමු කරන්නේ පිටතට පෙනෙන ඇඳුම් පැළඳුම් ගැන පමණයි. යට ඇඳුම් එහෙමත් නැත්නම් කොමුපිළි (lingerie) පිලිබඳ සැලකිලිමත් වීම ඉතාම අඩුයි. ඇඳුමට නොගැලපෙන යට ඇඳුම් නොඇඳීම නිසා විශේෂයෙන්ම උත්සව අවස්තාවලදී අපහසුතාවයට හා ලැජ්ජාවට පත්වන කාන්තාවන් මෙන්ම පිරිමින්ද සමාජයේ සුලබව දකින්නට ලැබෙනවා.

එම නිසාම කොමුපිළි(lingerie) පිලිබඳ දැනුමක් ඔබට තිබීම ඉතාම වැදගත් බව අමතක නොකළ යුතුයි. එය ඔබේ ගතට මෙන්ම සිතටද පහසුවක් ඇති කරන අතර සනීපාරක්ෂාව රැකගැනීමටද රුකුලක් වනවා.

මේ තැනට හා ඇඳුමට ගැලපෙන ආකාරයේ කොමුපිළි(lingerie) මොනවාද යන්න ඔබව දැනුවත් කිරීම සඳහා අප විසින් ගෙන එන ලිපි පෙලේ පළමු වැන්නයි. කාන්තා තිසරපට වර්ග කිහිපයක් හා ඒවා ගැලපෙන්නේ කුමන ආකාරයේ අයටද යන්න පිලිබඳ දැනුවත් කිරීමක් මෙයින් සිදු කෙරෙනවා.

Continue Reading Below


1. බ්‍රයිඩ්ල් බ්‍රා (Bridle Bra)

මංගල දිනයදා බටහිර පන්නයේ මංගල ඇඳුමකින් සැරසීමට ඔබ අදහස් කරනවා නම් තෝරාගත යුත්තේ මෙම වර්ගයේ බ්‍රා එකක්. ඔබේ ශරීරයේ හැඩය මනාලෙස පවත්වාගැනීමට උපකාරී වන අතරම ශරීරයටද පහසුවක් දැනෙන ආකාරයටයි බ්‍රයිඩ්ල් බ්‍රා නිමවා තිබෙන්නේ. බ්‍රයිඩ්ල් බ්‍රා වලද වර්ග කිහිපයක් තිබෙනවා. ඔබේ මංගල ඇඳුම සකසා ඇති ආකාරයට ගැලපෙන බ්‍රා එකක් තෝරාගැනීමට ඔබ වග බලා ගත යුතුයි. උදාහරණයක් ලෙස, පිට රහිත මංගල ඇඳුමකට සුදුසු වන්නේ පටි රහිත (strapless bridle bra) බ්‍රා එකක්. කර ගැඹුරට කපා ඇති මංගල ඇඳුමකින් සැරසෙනවානම් බැල්කනි බ්‍රා (balcony bra) එකක් තෝරාගත යුතුයි.


2. ඇඩ්හෙසිව් බ්‍රා (Adhesive Bra)

සිල්ක් හා විනිවිද පෙනෙන ඇඳුම් භාවිතා කරන යුවතියන් අතර ඉතා ප්‍රචලිත බ්‍රා වර්ගය වන්නේ ඇඩ්හෙසිව් බ්‍රා. මේවා නිපදවා තිබෙන්නේ පියයුරු වලට ඇලෙන අයුරින්. පිට රහිත උඩුකය ඇඳුම් සඳහාත් යෝග්‍ය වුවත් එයින් පියයුරු හැඩයට රඳවා ගැනීම සඳහා එතරම් සහයක් ලබා දෙන්නේ නැහැ.


3. බෙලි ඩාන්ස් බ්‍රා (Belly Dance Bra)

බෙලි ඩාන්ස් බ්‍රා වල ප්‍රමාණය සාමාන්‍ය බ්‍රා එකක ප්‍රමාණයට සමාන වනවා යැයි බොහෝ දෙනා සිතා සිටියද ඇත්තෙන්ම එය එසේ නොවේ. උදාහරණයක් ලෙස, 32C ප්‍රමාණයේ බ්‍රා එකක් පාවිච්චි කරන කාන්තාවකට 34C ප්‍රමාණයේ බෙලි ඩාන්ස් බ්‍රා එකක් කදිමට ගැලපෙනවා. බෙලි ඩාන්ස් බ්‍රා නිමවා තිබෙන්නේ පියයුරු හොඳින් ආවරණය වන ලෙසටයි.


4. බැන්ඩේඋ බ්‍රා (Bandeau Bra)

මේවා මගින් පියයුරුවලට සහයක් හෝ හැඩයට රඳවා ගැනීමේ පහසුවක් ලබා දෙන්නේ නෑ. සරල ලෙස රෙදි පටියක් මගින් පියයුරු ආවරණය කරගැනීමක් තමයි බැන්ඩේඋ බ්‍රා මගින් සිදුවන්නේ. බ්‍රා ඇඳීම ආරම්භ කරන දැරිවියකට මේවා මනාව ගැලපෙනවා. එමෙන්ම ඔබ නින්දට යන විටද බ්‍රා එකක් අඳිනවා නම් එම අවස්ථාවටද සුදුසු වන්නේ මෙම වර්ගයේ බ්‍රා එකක්.


5. කන්වර්ටබල් බ්‍රා (Convertible Bra)

විවිධ ආකාරයන්ගෙන් උර පටි සකස් කරගැනීමට ඇති හැකියාව මෙහි විශේෂත්වය වනවා. උර පටි නොපෙනෙන ලෙස ඇඳුම් ඇඳීමට කැමති අය සඳහා මෙන්ම විවිධ මොස්තරයන්ගෙන් යුත් සාරි හැට්ට භාවිත කරන කාන්තාවන්ටද මෙම වර්ගයේ බ්‍රා ඉතාම ප්‍රයෝජනවත්.


6. බිල්ට් – ඉන් බ්‍රා (Built – in Bra)

කෙටි කලිසම් හා ටී ෂර්ට් ඇඳීමට කැමැත්තක් දක්වන කෙළිලොල් තරුණියන්ට මෙය ඉතාම සුදුසු ඇඳුමක්. පියයුරු ප්‍රදේශයට කප්, පුළුල් ඉලාස්ටික් පටි හෝ අවශ්‍ය වූ විට ඉවත් කළ හැකි වයර් වලින් මෙය සමන්විතයි.


7. කප්ලස් බ්‍රා (Cupless Bra)

මේවා විශේෂයෙන්ම ප්‍රචලිත වී ඇත්තේ බටහිර රටවල ජීවත් වන කාන්තාවන් අතරයි. ඉතා සරාගී යට ඇඳුමක් ලෙස මෙය හැඳින්වෙනවා. මෙහි පියයුරු ආවරණය වන ලෙස කප් නොමැති අතර ළමැද ප්‍රදේශය වටා යන ෆ්‍රේම් එකකින් පමණක් සමන්විත වනවා.


8. ඩෙමි බ්‍රා (Demi Bra)

පියයුරු සම්පූර්ණයෙන්ම ආවරණය නොකරන මෙම බ්‍රා වර්ගය ඉතාම සුදුසු වන්නේ කර ගැඹුරට කපා ඇති ඇඳුම් අඳිනා කාන්තාවන්ටයි. උර පටි දෙක ආසන්නයෙන් පිහිටා ඇති අතර මෙහි කප් එකිනෙක හා සම්බන්ද වන්නේ ඒ මැදින් මසා ඇති කුඩා පටියකින්. ඒ නිසා ක්ලේවාජ් ප්‍රදේශය හොඳින් ඉස්මතු වී පෙනෙනවා. කුඩා පියයුරු ඇති කාන්තාවන්ට ද මෙමැ වර්ගයේ බ්‍රා ඇඳීම සුදුසුයි.


9. පීප්හෝල් බ්‍රා (Peephole Bra)

සාපේක්ෂව ලිහිල් මෙම බ්‍රා වර්ගය සැකසී ඇත්තේ තන පුඩු (nipples) නිරාවරණය වන ආකාරයටයි.


10. යූ – ප්ලන්ග් බ්‍රා (U – Plung Bra)

ගැඹුරු කරක් සහිත ඇඳුම් අඳින කාන්තාවන් සඳහා මෙය සැකසී තිබෙනවා.

Share Now

Related Article