සොඳුරු නාරි දේහයක් හිමි කරගැනීමට මේ වැරදි පුරුදු 5 මග හරින්න

Mar 28, 2016

පියයුරු යනු කාන්තාවකට ඇති ආභරණයක් ලෙසයි සැලකෙන්නේ. මනාව වැදුණු පියයුරු යුගලක් තිබීම කාන්තාවකගේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නක්. එහෙත් ඇතැම් අවස්ථාවල නොදැනුවත්වම සිදු කරන වැරදි පුරුදු නිසාම පියයුරු එල්ලා වැටෙන තත්වයකට පත් කරගැනීමට කාන්තාවන්ම කටයුතු කරනවා. පහත දැක්වෙන්නේ එවන් වැරදි පුරුදු කිහිපයක්.

Continue Reading Below

වැරදි ප්‍රමාණයේ තිසරපට (bra) ඇඳීම.

තිසරපටයක් තෝරාගන්නා විට ඔබේ පියයුරුවල ප්‍රමාණයට සහ හැඩයට ගැලපෙන පරිදි එය තෝරාගත යුතුවනවා. එසේ නොමැතිව තරමට වඩා ලිහිල්ව හො තදට තිසරපට ඇඳීමෙන් සිදුවන්නේ පියයුරු එල්ලාවැටීමට මග පෑදීමයි. ඇතැම් පර්යේෂකයන් පවසන ආකාරයට දවසින් වැඩි කාලයක්, එනම් රාතියට පවා තිසරපට ඇඳගෙන නින්දට යාමද මෙයට හේතුවක් වනවා.

කියවන්න,

පියකරු ඔබට හොඳින්ම ගැළපෙන තිසරපටය කුමක්ද?

නිසි ලෙස ජලය පානය නොකිරීම

පියයුරු එල්ලා වැටීමට පමණක් නොව ශරීර සෞඛ්‍යට බොහෝ සේ හානිදායක අවස්ථාවන් පැමිණෙන්නේ නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා බව ඔබ නොදැන සිටින්නට විදිහක් නැහැ නේද?


දුම් පානය කිරීම

දුම් පානය නිසා elastin ප්‍රෝටීනයට හානි සිදුවනවා. සමේ තරුණ බව රැක ගැනීමට මෙම ප්රෝටීනයෙන් සිදුවන්නේ මහගු උපකාරයක්. එයට හානි සිදුවීම නිසාත් පියයුරු එල්ලා වැටීම සිදුවනවා.


අධික හිරු රශ්මිය සහ උණුසුමට නිරාවරණය වීම

ඔබ කර පළල් උඩු ඇඳුම් අඳිනවානම් මේ අවදානම ඇත්තේ ඔබටයි. ඒ නිසා විශේෂයෙන්ම මේ දිනවල sun screen එකක් ආලේප කිරීම සුදුසුයි.


සිරුරේ බර නිතර නිතර වෙනස් වීම

බර වැඩිවීම නිසා ඇදුණු සම බර අඩු වීම නිසා යාලු හැකිළෙන විටත් පියයුරු එල්ලා වැටීමේ තත්වයන් දැක ගත හැකියි. ඒ නිසා සිරුරේ බර ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම වැදගත්.

Share Now

Related Article