කකුලේ නියපොතු ලස්සනට තියා ගන්නේ කොහොමද ?

Oct 5, 2016

ඔබේ කකුල් දෙක කියන්නේ මුහුණ වගේම පිරිමින්ගේ අවධානයට ලක් වෙන තැනක්. කොහොම උනත් සුන්දර, නීරෝගී නියපොතු කියන්නේ ගැහැණු ළමයෙක්ගේ අත්‍යවශ්‍යම අංගයක්.

Continue Reading Below

1) පයේ නියපොතු මෙලෙක්ව තබා ගන්න තෙල් වර්ගයක් හෝ පෙට්‍රෝලියම් ජෙල් පාවිච්චි කරන්න.

what is cuticle oil used for

කකුලේ නියපොතු කාලය සමග දැඩි වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිපලයක් ලෙස එවුවා පහසුවෙන් කැඩී යන්නට පුළුවන් වෙනවා වගේම කපන්නත් අමාරු වෙන්න පුළුවන්. නියපොතුවල තෙතමය සුරැකෙන්න සහ දැඩි බව අඩු වෙන්න පෙට්‍රෝලියම් ජෙල් හරි පොල් තෙල්, ආමන්ඩ් තෙල් වගේ තෙල් වර්ගයක් ගාල හොඳින් මසාජ් කරන්න. ඒ වගේම නියපොත්ත වටෙත් තෙල් ගා හොඳින් සම්බාහනය කරන්න අමතක කරන්න එපා.


2) ඇසිටෝන් අඩංගු Nail Polish Remover භාවිතයෙන් වලකින්න.

remove-nail-polish

මේ වර්ගයේ දියර මගින් නියපොතු වේලා දමන නිසා නියපොතු වල නිරෝගී කම නැති වෙනවා. ලේබලය හැම විටම පරික්ෂා කර ‘ non – acetone” යනුවෙන් ගසා ඇත්දැයි බලන්න. මෙවැනි non – acetone නිෂ්පාදන මගින් නියපොතු සුද්ද කරද්දී තරමක් වෙලාවක් යාවි. නමුත් නියපොත්තෙ නිරෝගී කම ගැන හිතල සැර දියර පාවිච්චි කිරීමෙන් වලකින්න.


3) ඔබේ විටමින් වලට බයෝටින් එක් කරන්න.

4b6c748f03c8963f001e3da60cf2116d

නියපොතු වල අලංකාරය සහ ශක්තිය මෙමගින් වැඩි කරනවා.


4) සතියකට වරක් නියපොතු කපා දමන්න.

57cf9b32af14e

කකුලේ නියපොතු ගොඩක් දික් උනොත් ඇතුලතින් වේදනාකාරී වෙන්න පුළුවන්. හැම සතියකටම වරක් නියපොතු කපන එක ඉතාම හොඳයි.


5) නියපොත්තේ දෙපස නියමල් පැදෙන්න ගැඹුරට කපන්න එපා. එමගින් නියපොතු ආසාධනයට ලක් වෙන්න පුළුවන්.

d0b2d180d0bed181d188d0b8d0b9-d0bdd0bed0b3d0bed182d18c_0


6) Nail Buffer එකක් අරගෙන සැහැල්ලුවෙන් නියපොතු වල කුණු පැල්ලම් ඉවත් කර ගන්න.

french-pedicure


7) හැමදාම නාද්දී පරණ දත් බුරුසුවකින් නියපොතු සබන්ගා හොඳින් පිරිසිදු කර ගන්න.

b448ed017f6407e002f9dda7ded6896b


8) නිය ආලේපන ගැලවීමේදී පළමුව බේස් කෝට් එකක් ආලේප කරන්න.

85347_web


9) හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු නැති නිය ආලේපන වර්ග පමණක්ව භාවිතා කරන්න.

54867004_wide

හානිකර රසායන ද්‍රව්‍ය වන formaldehyde, toluene, dibutyl phthalate අඩංගු නැති “3 free” යනුවෙන් හඳුන්වන නිය ආලේපන වර්ග පමණක් භාවිතා කරන්නට වග බලා ගන්න.

Share Now

Related Article