ඔයාගේ කොන්ඩේ වොලියුම් එක වැඩි කර ගන්න ට්රික්ස් 9 ක්

Sep 9, 2020

පිරිපුන් නීරෝගිමත් කෙස් කළඹකට අපි හැමෝම කැමතියි. ඒත් බොහෝ දෙනෙකුගේ කොන්ඩය දිග වුනත් පිරිපුන් බව අඩුයි. අද අපි කියන්න යන්නේ කොන්ඩයේ පිරිපුන් බව නැතිනම් වොලියුම් එක වැඩි කර ගන්න සරල ක්රම කිහිපයක් ගැන.

Continue Reading Below

ජෙලටින් සහ එසෙන්ෂල් ඔයිල් මිශ්රණය

ප්රෝටීන් අඩංගු ජෙලටින් කියන්නේ කොන්ඩයට මනා පෝෂණ අතිරේකයක්. වතුර ස්වල්පයකට ජෙලටින් සහ එසෙන්ෂල් ඔයිල් ස්වල්පයක් එක් කර හොදින් මිශ්ර කරන්න. දැන් මේ මාස්ක් එක ඔබේ කොන්ඩයේ හොඳින් ගල්වා සම්බාහනය කරන්න. විනාඩි කිහිපයක් තියලා සීතල වතුරින් සෝදන්න. ඔබට ම මෙහි වෙනස වැටහේවි.

බිත්තර සහ යෝගට් මිශ්රණය

බිත්තරවල ප්රෝටීන්, බයෝටීන් සහ විටමින් B12 අඩංගුයි. මේ සියල්ල හිසකෙස් ශක්තිමත් කර පිරිපුන් බවක් ලබා දීමට උපකාරී වනවා. ඔබේ හිසකෙස්වල ප්රමානණය අනුව බිත්තර එකක් හෝ දෙකක් ගෙන යෝගට් එකකින් කාලක් විතර දාලා හොදින් මිශ්ර කරන්න. දැන් මෙය හිසේ ගල්වා පැයක් පමණ තබා ෂැම්පු යොදා හොඳින් කොන්ඩය සෝදන්න.

අලිගැටපේර සහ බිත්තර මිශ්රණය

හිසකෙස් පෝෂණයට රසායනික භාවිතයට වඩා ස්වභාවික දෑ භාවිතය වඩා හිතකරයි. අලිගැටපේර කියන්නෙ හිසකෙස්වලට මනා පෝෂණයක් ලබා දෙන පළතුරක්. අලිගැටපේර ගෙඩියක මදය ගෙන එයට බිත්තරයක් සහ ඔලිව් තෙල් හෝ ආර්ගන් තෙල් සහ මී පැණි ටිකක් එකතු කර මිශ්ර කරන්න. තෙත හෝ වියළි කොන්ඩයේ මෙය හොඳින් ගල්වා විනාඩි 20 පමණ තබා සෝදන්න. සතියකට වරක් මෙම සත්කාරය කිරීමෙන් ප්රතිඵල වැඩි කර ගන්න පුළුවන්.

කොන්ඩය ගෙඩියක් සේ සකසා නිදා ගන්න

නින්දට යාමේදී කොන්ඩය ගෙඩියක් නැතිනම් බන් එකක් ලෙස සකස් කිරීමෙන් පසු දින කොන්ඩයේ පිරිපුන් බව වැඩි කර ගන්න පුළුවන්. නෑමෙන් පසු තරමක් තෙත කොන්ඩය බන් එකක් දැමීමෙන් වඩාත් හොඳ ප්රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් ඔබට සෙම වැනි රෝග තත්ත්වයන් තිබෙනවා නම් එය සුදුසු නැහැ. කොන්ඩය බන් දෙකක් සේ දැමීමෙන් පිරිපුන් බව තවත් වැඩි කර ගන්න පුළුවන්.

නෑමට පෙර තෙල් යොදා හිසකෙස් සම්භාහනය කරන්න

හිස්කබල සම්භාහනය කිරීම මගින් රුධිර සංසරණය ක්රමවත් කරනවා. මෙය හිසකෙස් වර්ධනයටත් ශක්තිමත් කිරීමටත් උපකාරී වනවා. නෑමට පෙර පොල් තෙල්, ඔලිව් තෙල් හෝ ඔබ කැමති තෙල් වර්ගයක් යොදා රවුම් හැඩයට හිස සම්භාහනය කරන්න. මෙයින් ඔබට හිසකෙස් වලට පිරිපුන් බවක් මෙන් ම මනා පෝෂණයක් ද ලබා දිය හැකියි.

එළවළු, පළතුරු සහ ප්රෝටීන් අඩංගු ආහාර වැඩියෙන් ආහාරයට ගන්න

හිසකෙස් නිරෝගීව වර්ධනය වීමට යකඩ, බයෝටීන් සහ විටමින් වැඩිපුර අවශ්යයි.කොළ පැහැති ආහාර සහ වැඩියෙන් එළවළු පළතුරු ආහාරයට ගැනීමෙන් හිසකෙස්වල ට අවශ්ය පෝෂණය ලබා දිය හැකියි. ඒ වගේම වැඩිපුර ජලය පානයත් නිරෝගී කෙස් කළඹක් සදහා අත්යවශ්යයි. බාහිරින් කරන සත්කාර වගේම ශරීරයට නිසි පෝෂණයක් ලැබීමත් හිසකෙස් වර්ධනයට ඉතාම වැදගත්.

හිසකෙස් ගොඩක් දුර්වල නම් වෛද්ය උපදෙස් ගන්න

ඇතැම් විට විවිධ රෝග සහ සෞඛ්ය දුර්වලතාවයන් නිසාත් අධිකව හිසකෙස් වැටීම, කොන්ඩය වර්ධනය නොවීම සිදු විය හැකියි. විටමින්, යකඩ ඌණතා, තයිරොයිඩ් සහ හෝර්මෝන ආශ්රිත ගැටළු මීට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔබෙත් කොන්ඩය ඉතාම දුර්වල නම් වෛද්ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි.

අධික උණුසුම හිසකෙස්වල ට අහිතකරයි

නිතර නිතර කොන්ඩය අයන් කිරීම, කර්ල් කිරීම, එතරම් සුදුසු නැහැ. අධික උණුසුම හිසකෙස් දුර්වල කිරීමටත් කැඩීයාමටත් හේතු වනවා. ඒ වගේම නෑමෙන් පසු තුවායක් භාවිතයෙන් කොන්ඩයේ තෙත මාත්තු කර අඩු තාපයක් යටතේ කොන්ඩය වියළනය (Hair dryer) භාවිතා කරන්න. කොන්ඩය කර්ල් කිරීමේදීත් තාපක උපකරණ භාවිතය අවම කිරීම වඩාත් සුදුසුයි.

හිසකෙස් වර්ණ ගැන්වීමේදී හෙයාර් ස්ප්රේ යොදන්න

ඔබ හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක් නම් මෙය ඔබට වැදගත් වේවි. හිසකෙස් වර්ණ ගැන්වීමේදී එම වර්ණක හෙයාර් ස්ප්රේ සමග මිශ්ර කර භාවිතා කිරීමෙන් කොන්ඩයේ පිරිපුන් බව වැඩි කරන්න පුළුවන්.

ඉතින් අපි අද කියපු දේවල් වලින් ඔබට ගැළපෙන පහසු ක්රම අනුගමනය කරලා ලස්සන පිරිපුන් කෙස් කළඹක් ලබා ගන්න ඔබට පුළුවන්.

Share Now

Related Article