අත් යට අඳුරු පැහැය නැති කරගන්න පහසු ක්රම 08ක්

Aug 12, 2020

අත් යට අඳුරු පැහැ වීම අද බොහෝ දෙනෙකුට තියන ගැටළුවක්. මේ නිසා තමන් කැමති ඇඳුමක් ඇඳීමත් අපහසු වන අවස්ථා එමට යි. ඉතින් අත් යට කළු පැහැ වීම නැති කරගන්න ගෙදරදී ම කරන්න පුළුවන් පහසු සත්කාර 8ක් ගැන තමයි අද අපි කියන්නේ. ඔබත් අත් යට අඳුරු පැහැය නිසා පීඩා විඳින කෙනෙක් නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්ම යි.

Continue Reading Below

01) ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා

ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2 සහ බේකින් සෝඩා තේ හැඳි 2 ගෙන හොඳින් මිශ්ර කරන්න. එවිට මිශ්රණය බුබුළු දමන්නට පටන් ගනීවි.ටික වේලාවකින් බුබුළු දැමීම අඩු වූ පසු මිශ්රණය ගෙන ඔබේ කිහිලි ප්රදේශයේ ආලේප කර වියළීමට හරින්න. මිනිත්තු 10-15 ට පසු සීතල වතුරින් සෝදා හරින්න. සතියකට තෙවරක් පමණ මෙය සිදු කිරීමෙන් වඩාත් හොඳ ප්රතිඵල ලබා ගත හැක.

02.රෝස වතුර සහ බේකින් සෝඩා

බේකින් සෝඩා ස්වල්පයකට රෝස වතුර ස්වල්පයක් දමා හොඳින් මිශ්ර කරන්න. මෙය තරමක් ඇලෙන සුලු මිශ්රණයක් විය යුතු ය. ඉන් පසු මෙය ඔබේ කිහිලි ප්රදේශයේ ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සීතල ජලයෙන් සෝදා හරින්න.

සතියකට දෙවරක් පමණ මෙය සිදු කිරීම වඩා සුදුසු ය.

03.කිරි කහ සහ මී පැණි මිශ්රණය

කිරි මේස හැඳි 01

කහ තේ හැඳි 01

මී පැණි තේ හැඳි 01

ඉහත ද්රව්ය සියල්ල ගෙන හොඳින් මිශ්ර කර කිහිලි ප්රදේශයේ ආලේප කරන්න. ඉන් පසු එය වියළෙන්නට හැර සාමාන්ය ජලයෙන් සෝදා හරින්න. සතියකට තෙවරක් සිදු කරන්න.

04. දුඹුරු සීනි සහ ඔලිව් තෙල් මිශ්රණය

දුඹුරු සීනි මේස හැඳි 03

ඔලිව් තෙල් මේස හැඳි 02

ඉහත ද්රව්ය දෙක හොඳින් මිශ්ර කර ඔබේ කිහිලි ප්රදේශයේ ආලේප කර මිනිත්තු 02ක් පමණ ඇඟිලිවලින් පිරිමදින්න (Scrub). ඉන් පසු තවත් මිනිත්තු 05ක් පමණ එය තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් මෙය සිදු කරන්න

05. ආමන්ඩ් තෙල්

ආමන්ඩ් ස්වල්පයක් ගෙන ඔබේ කිහිලි ප්රදේශයේ ගල්වා හොඳින් සම්භාහනය කරන්න. මිනිත්තු 10 පමණ මෙසේ සම්භාහනය කර සේදීමෙන් හෝ පිසදැමීමෙන් තෙල් ඉවත් කරන්න. මෙය දිනපතාම සිදු කිරීමෙන් ප්රතිඵල වැඩි කර ගත හැක.

06.මුල්තානි මිට්ටී සහ දෙහි මිශ්රණය

මුල්තානි මිට්ටී මේස හැඳි 02

දෙහි මේස හැඳි 01

වතුර ස්වල්පයක්

ඉහත ද්රව්ය තුන එකට දමා හොඳින් මිශ්ර කර පල්පයක් සකසා ගන්න. මෙය ඔබේ කිහිලි ප්රදේශයේ ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් මෙය සිදු කරන්න.

07. අර්තාපල්

සාමාන්ය ප්රමාණයේ අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර සිහින්ව කපා ගන්න. නැතිනම් ග්රේට් කර ගන්න. පසුව රෙදි කැබැල්ලකට මේ ටික දමා හොඳින් මිරිකා අල යුෂ ටික වෙන් කර ගන්න. දැන් මෙම යුෂ ඔබේ අත් යට ආලේප කර විනාඩි 15ට පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙවරක් උදෑසන සහ රාත්රීයට මෙම සත්කාරය කරන්න.

08.ටී ට්රී ඔයිල්

වතුර විදිනයක් සහිත බෝතලයකට (spray bottle) වතුර කෝප්පයක් දමන්න. එයට ටී ට්රී ඔයිල් බින්ඳු කිහිපයක් දමා හොඳින් සොලවන්න. දිනපතා මෙය ඔබේ කිහිලි ප්රදේශයට ස්ප්රේ කරන්න. මෙය සෝදා ඉවත් කිරීමේ අවශ්යතාවයක් නැත.

Tags

beauty Body

Share Now

Related Article