ඔබේ මුහුණේ හැඩය හරියටම හඳුනා ගැනීමට පහසුම ක්‍රමය පියවර 3කින්

May 18, 2016

ආභරණ තොරාගන්නකොට, make up දානකොට, උපැස් යුගළක් තොරාගන්නකොට විතරක් නෙවෙයි හිසකෙස් විලාසිතා කරනකොටත් මුහුණේ හැඩය දැනගෙන සිටීම ඔබට ඉතාම ප්‍රයෝජනවත්. එසේ නොමැතිව අනුන් කරන දේම කරන්න ගියොත් ඔබේ ස්වභාවික රූ සපුව විකෘති වෙලයි අනෙක් අයට පෙනෙන්නේ. ඒ නිසා ඔය මොනවා කරන්නත් කලින් මුහුණේ හැඩය මොකක්ද කියල හරියටම හඳුනාගෙන ඉන්න එක හරිම වටිනවා.

Continue Reading Below

කැඩපතක් ඉදිරිපිට සිටගන්න

ඔබ සිට ගත යුත්තේ ඉදිරියට නැවෙන්නේ නැතිව කැඩපතේ යමක් ඇඳිය හැකි වන තරමේ දුරක් තබාගෙනයි. එමෙන්ම ආලෝකය එන දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. විදුලි බල්බය ඔබේ හිසට උඩින් සිවිලිමේ තිබෙනවානම් තමයි වඩාත් හොඳ.


මුහුණේ පිළිබිඹුව මත lipstick එකකින් අඳින්න

එක ඇසක් වසාගැනීම මේ කාර්යය වඩාත් පහසු කරාවි. ඔබේ නිකටේ පහල කොටසේ සිට දකුණට හෝ වමට ඇඳීම පටන් ගෙන නිකටේ පහළ කොටසින්ම ඇඳීම අවසන් කරන්න. හැකිතාක් නොසෙල්වී සිටීමට වග බලා ගන්න.


මුහුණේ හැඩය තීරණය කර ගන්න

දැන් ඔබ කැඩපත මත ඇඳ ඇති පිළිබිඹුව දෙස බලමින් ඔබේ මුහුණේ හැඩය කුමක්දැයි තීරණය කරගත හැකියි.

මුහුණේ හැඩයන් සාමාන්‍යයෙන් සෘජුකෝණාශ්‍ර හැඩය, ත්‍රිකෝණාකාර හැඩය, සමචතුරශ්‍ර හැඩය, හදවතක හැඩය, රවුම් හැඩය, ඕවලාකාර හැඩය, ෂඩාශ්‍ර හැඩය ලෙස ආකාර කිහිපයකට හඳුන්වනවා. ඒ සඳහා පහත chart එක ඔබට උපකාරී වේවි.

Share Now

Related Article