කොණ්ඩය ස්ට්රේට් කිරීමෙන් මුහුණදිය හැකි අතුරු ආබාධ ගැන දැණුවත්ද?

Nov 21, 2019

ගොඩ දෙනෙක් ආසයි හොඳ කෙලින් තිබෙන ලස්සන කෙස් කළඹක් හිමි කර ගන්න. නමුත් හැමෝටම එහෙම පිහිටන්නේ නැහැ. එම නිසා වර්තමානයේ බොහෝ දෙනෙක් ගෙදරදී අයන් එකෙන් තාවකාලිකව වගේම සැලුන් එකට ගිහින් රසායන ද්රව්ය යොදවලා කොණ්ඩය පිළිවෙලකට ස්ට්රේට් කර ගන්නවා. අප අද කියන්න යන්නේ එහෙම කරන එක වැරදියි කියල නෙවේ. හැමෝම ආසයි විවිධ විලාසිතා කරලා ලස්සනට ඉන්න. නමුත් එයින් ඔබේ කොණ්ඩයට ඇතිවෙන අතුරු ආබාධ ගැන සහ ඒවගෙන් බේරෙන හැටි ගැන දැණුවත් කරන්නට අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා.

Continue Reading Below

1) හිසකෙස් වල වියලි බව

ඔබ කොණ්ඩය අයන් කරද්දී ඉහළට යන දුම දැකල තියනවද? අවාසනාවට ඒ දුමක් නෙවේ. ඔබේ කොණ්ඩයේ ඇති ජල වාෂ්පයි. අයන් එක මගින් කරන්නේ කොණ්ඩය ලස්සනට තබන්න කොණ්ඩයේ තිබෙන තෙත ඉවත් කිරීමයි. ස්නානයෙන් පස්සේ මෙන්න මේ නිසා තමයි කොණ්ඩය නැවත තිබුන ස්වරූපයට යන්නේ. ඉතා දිගු කාලයක් නිතරම කොණ්ඩය අයන් කරද්දී එහි ස්වභාවික තෙල් ඉවත් වෙලා දැඩි වියලි බවක් සහ කැඩෙන සුළු බවක් එකතු වෙනවා.

2) හිසකෙස් පහසුවෙන් කැඩී යාම

ඔබ දැන් දැනගත්තා කොණ්ඩය අයන් කරද්දී වියලි බවට පත් වෙනවා කියල. ඒ පමණක් නොවේ ඔබේ කොණ්ඩය කාලය එක්ක දුර්වල වෙනවා. එවිට පහසුවෙන් කෙස් ගස් මැදින් කැඩී යා හැකියි.

3) හිසකෙස් අග පැලීම

අග පැළුන කෙස් කළඹ කොහෙත්ම ඔබට සුන්දරත්වයක් එකතු කරන්නේ නැහැ. එවිට කොණ්ඩය අගින් කපා දමන්න සිදු වෙනවා. නැතහොත් මේ පැලීම කෙස් ගසේ මුල දක්වා ගමන් කළ හැකියි.

4) හිසකෙස් මලානික වීම

හිස් කබලෙන් ශ්රාවය වන ස්වභාවික තෙල් ඔබේ කෙස් කළඹ ලස්සනට බබලන්න හේතු වෙනවා. නමුත් දිගු කාලයක් රසායන මගින් හෝ අයන් එක මගින් හානි වුන හිසකෙස් වල මේ සජීවී සුන්දර දිදුලන පෙනුම නැති වෙලා යනවා.

5) හිසකෙස් ගැලවී යාම

හිසට නිතර උණුසුම වදිද්දී කොණ්ඩය පලුදු වෙනවා විතරක් නෙවේ හිස් කබලේ රෝම කූප වලටත් හානි වෙනවා. කොණ්ඩයට රසායන සත්කාර කර ස්ට්රේට් කරද්දී කෙස් ගසේ මුලට හානි වෙනවා. දුර්වල කේශ මූල තිබෙද්දී පහසුවෙන් ඔබේ හිස කෙස් ගැලවෙන්න පටන් ගන්නවා. නැවත නැවත උණුසුම සහ රසායන කෙස් මුලට වැටීම නිසා සදහටම වුනත් ඔබේ හිසකෙස් නැතිව යා හැකියි.

6) අසාත්මිකතා සහ කැසීම

ඔබේ හිස කෙස් ස්ට්රේට් කරන්නට යොදන ඇතැම් ආලේපන උණුසුමේදී formaldehyde gas නිකුත් කරන්න පටන් ගන්නවා. නැවත නැවත දිගු කාලයක් මෙයට ලක් වෙද්දී ඔබේ සමේ අසාත්මිකතා හට ගන්න ලොකු ඉඩක් තිබෙනවා.

මේ අතුරු ආබාධ වලින් වැළකෙන්නේ කොහොමද?
  • ඔබ කැමති ඇති ලස්සනට කොණ්ඩය තියා ගන්න. එහෙනම් මේ කරුණු ටිකෙන් ඔබට පොඩි උදවුවක් ලැබේවි.
  • ඔබ කොණ්ඩය අයන් කරන හැම විටම උණුසුමින් හිස කෙස් ආරක්ෂා කරන heat protectant එකක් භාවිතා කර ඔබේ හිසකෙස් සම්පූර්ණයෙන් විනාස වීම වලකා ගන්න පුළුවන්.
  • හැකි නම් සතියකට වරක් වගේ මට්ටමකට කොණ්ඩය අයන් කිරීම කරන්න. දිනපතා නම් කොහෙත්ම එපා.
  • කොණ්ඩය අයන් කරද්දී ලා උෂ්ණත්වයට ඔබේ අයන් එක හදන්න. වැඩිම උෂ්ණත්වයට කරන්න එපා. සැලුන් එකේදී වුනත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
  • ඔබේ කොණ්ඩය තෙත පිටින් තියෙද්දී අයන් කරන්න එපා.
  • අයන් කරන්න පෙර කන්ඩිෂනර් ආලේප කරන්න අමතක කරන්න එපා. සති දෙකකට වරක් deep conditioning එකක් කරන්න.
  • සතියකට වරක් යෝගර්ට්, පොල් කිරි , ඔලිවු තෙල් වගේ දේකින් Hair mask එකක් යොදන්න. එවිට ස්වභාවිකව ඔබේ හිසකෙස් ප්රතිස්ථාපනය වේ.

Tags

beauty Hair

Share Now

Related Article