මිනිත්තු පහෙන් කරගත හැකි සරල මේකප් එකක්

Aug 24, 2016

කාර්යබහුල වීම ගැන බොහෝ කාන්තාවන් මැසිවිලි නගනවා. කොච්චර කාර්යබහුල වුණත් ලස්සනට ඉන්න එක මග ඇරගන්න බැහැනේ. ඒ නිසා කාර්යබහුල කාන්තාවන්ට ගැලපෙන සරල වගේම සුන්දර මේකප් එකක් කරගන්නා ආකාරය ගැන අපි මේ ලිපියෙන් ඔබට කියනවා. ඔබ රැකියාවකට යන යුවතියක් නම්කාර්යබහුල ගෘහණියක් නම් වේලාව ගැන මැසිවිලි නොනගා මෙහෙම සරල මේකප් එකක් කරල බලන්න.

Continue Reading Below


01.පළමුවඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගැනීම කළ යුතුයි.පිරිසිදු කරගත් මුහුණ මෘදු තුවායකින් හොඳින් තෙත මාත්තු කරගන්න.

02.ඉන්පසුවඔබේ සැමට ගැලපෙන ලික්විඩ් බේස් එකක් මුළු මුහුණ පුරාම හොඳින් ආලේප කරගන්න. ආලේප කිරීමේදී නිකට යට, කන්පෙති, බෙල්ල ප්‍රදේශය අමතක කරන්නට එපා.

03.අනතුරුවඔබේ කම්පැක්ට් පවුඩර් එක මුළු මුහුණේම සමමිතිකව විහිදෙන සේ ආලේප කරන්න. එය ආලේප කළ පසු විනාඩි දෙකක් පමණ එය වියළෙන්න ඉඩ හරින්න.

එම විනාඩි දෙකක පමණ කාලය තුලදී අයි මේකප් එක කරගැනීමට ඔබට පුළුවන්. මුලින්ම කරන්න ඕන අයිබ්‍රෝස් ඇඳ ගන්න එක. අයිබ්‍රෝ පෙන්සිල් එක භාවිතා කරමින් අයිබ්‍රෝ ඇඳීමේදී ඒක රේඛීයව නොව කඩ ඉරි ආකාරයට දේදුන්නක් සේ ඇඳ ගන්න. කළු පාට අයිබ්‍රෝ පෙන්සිල් එකකට වඩා දුඹුරු පැහැ පැන්සලක් මේ සඳහා වඩා යෝග්‍යය වෙනවා.


04.අනතුරුවකළ යුත්තේ අයි ෂැඩෝ තැවරීමයි දිවා කාලයේදී ලයිට් කලර් අයි ෂැඩෝ ද රාත්‍රී කාලයේදී තද පැහැ අයි ෂැඩෝ ද යොදාගන්න.

ඔබේ ඇඳුමේ වර්ණයට ගැළපෙන ලෙස අයි ෂැඩෝ ආලේප කරන්න. අයි ලයිනර්ස් අඳින්නේ ඉන්පසුවයි.

අයිලයිනර් එක ඇඳීමේදී ද පළමුව ඇස මැදට අඩක් දක්වා අඳිමින් පසුව ඉතිරි අර්ධය ඇඳ ගන්න. ඉන් පසුවයි ඇස් පිහාටු වල මස්කාරා ගල්වන්නේ. මස් කාරා ආලේප කිරීමේදී කිහිපවරක් ඉහළ පහළ ආලේපකරමින් ඇස් පිහාටු වල ගැල්වීමෙන් මනා පෙනුමක් ඇසට ලැබෙනවා. මස්කාරා මිනිත්තු එකහමාරක කාලයක් පමණ වියැළෙන්නට හරින්න.


05.පසුවලිප්ස්ටික් ආලේප කරන්න. ප්‍රථමයෙන් ලිප්ස් ලයිනර් එකකින් දෙතොල් වටා ඇඳගෙන ඉන්පසු ඔබේ ඇඳුමට උචිත සේ ලිප්ස්ටික් ගල්වන්න.

මේකප් එකේ අවසන් අදියර ලෙස බ්ලෂර් සහ ෆිනිෂින් පවුඩර් ආලේප කරන්න.

 

Share Now

Related Article