කුමාරිකාවන්ගේ සුන්දර සමක රහස “ සැෆ්රන් “ ගැන දන්නවාද ?

Mar 3, 2020

කාන්තා රූප සොභාව වර්ධනය කරන පැළෑටි අතරින් Crocus sativus නැත්නම් ඔයාල හැමෝම දන්නා විදිහට සැෆ්රන් කියන්නේ මුලටම එන ශාකයක්. වර්තමානයේ නොයෙක් රටවලින් වෙළඳ පොලට එන මේ සැෆ්රන් කුලුබඩුවක් ලෙස, රූපලාවණ්ය නිෂ්පාදන වෙනුවෙන්, සුවඳ විලවුන් කර්මාන්තයේදී වගේම බෙහෙතක් ලෙසින් භාවිතයට ගැනීම වසර 3,000 ක් එහා අතීතයට දිව යනවා. අද අපි Goodhousekeeping.lk හරහා කතා කරන්නේ සැෆ්රන් වල ගුණ , එයින් නිරෝගී පැහැපත් සමක් ලබන ආකාරය වගේම වෙළඳුන්ට නොරැවටී ස්වභාවික සැෆ්රන් පමණක් මිලදී ගන්නා ආකාරයයි.

Continue Reading Below

මොනවද මේ සැෆ්රන්? ඇයි මෙච්චර ගණන්?

Crocus sativus පැලෑටියේ මලේ රේණු තුනක් පමණ තිබෙනවා. එම රේණු ප්රවේශමෙන් නෙලා ගල් අඟුරු උණුසුමින් වේලා ගැනීම ඉරානය, ඉතාලිය, ප්රංශය , ස්පාඥ්ඥය සහ ග්රීසිය වගේ මධ්යධරනී දේශගුණයේ බහුලව වගා කරනවා. සාමන්යයෙන් සැෆ්රන් කිලෝ එකක් හදන්න මල් 200,000 ( ලක්ෂ දෙකක්) පමණ දල වශයෙන් ලබාගත යුතු බව කියවෙනවා. නිෂ්පාදන ක්රියාවලිය අධිකව මිනිස් ශ්රමය මත යැපෙන නිසා වගේම රේණු වල පවතින දුලභ බව නිසා සැෆ්රන් වලට ලෝක වෙළඳ පොලේ ඉහල මිලක් ලැබෙනවා.

සැෆ්රන් වල සෞඛ්‍ය ප්රතිලාභ මොනවද ?

මිලෙන් ඉතා අධික වුනත් ඈත අතීතයේ සිට අද දක්වාම කාන්තාවන්ගේ රුව රැක ගැනීමට සැෆ්රන් භාවිතා කරනවා. සම සහ හිසකෙස් වල සුන්දරත්වය වැඩි කරගැනීමට අවශ්ය පෝෂක පදාර්ථ වගේම වෙනත් සෞක්ය ප්රතිලාභත් ඔබට එකතු කරදෙන වටිනා ඔසුවක්. එහි ශරීරය වියපත් කිරීමට එදිරිව සටන් කරන ප්රතිඔක්සිකාරක නැත්නම් antioxidants බහුලව තිබෙනවා. ඒ මගින් සිරුරේ සෛල අලුත්වැඩියාව ඉක්මන් වෙලා ඔබේ සිරුර වයසට යාමේ ක්රියාවලිය මන්දගාමී කරවනවා.

ඒ වගේම සැෆ්රන් මගින් ඔබේ හෝර්මෝන සමතුලිත කරවීම සිදු කරන නිසා ඔබේ මානසික පීඩනය අවම වෙනවා.

සැෆ්රන් වලින් ඔබේ රුව රැකගන්නේ කොහොමද?
සමේ පැහැපත්බව ඇතිකරයි

සැෆ්රන් රේණුවක් කිරිවල දමා පානය කිරීම හෝ මුහුණේ ආලේප කිරීම මගින් පැහැපත් සමක් ලබා ගැනීමට අතීතයේ රාජිනියන්, කුමරියන් කටයුතු කළා. මෙය පෝෂණ පදාර්ථ අඩංගු වටිනා ඔසුවක් නිසා ගොඩක් පාවිච්චි කිරීම යහපත් නැහැ. අධිකව භාවිත කිරීමෙන් ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙලා මලබධ්ධය , අර්ශස් රෝගය වගේ රෝග ඇතිවීමේ ඉඩක් තිබෙනවා. එම නිසා පැහැපත් සමක් ලබන්න නම් එක රේණුවක් දවසට එක වරක් කිරි සමග බීම ප්රමාණවත් වෙනවා.

Anti – Inflammatory

ප්රතිදාහකාරකයක් ලෙස සලකන සැෆ්රන් ඉර එලියට සිදුවුණා පිළිස්සීම් , දද, කැසීම රතුවීම වගේ සමේ රෝග වලට හොඳ ප්රතිකාරයක් ලෙස සැලකෙනවා.

කුරුලෑ සහ කැළැල් අවම කරයි

බැසිල් කොළ කීපයක් සහ සැෆ්රන් රේණු කීපයක් ගෙන හොඳින් පිරිසිදුව අඹරා ආලේප කර විනාඩි 15 කින් පමණ සෝදා දැමීමෙන් කුරුලෑ සුව වන අතර කැළැල් වලටද සාර්ථක විසඳුමක් ලැබෙන බව පොත පතේ සඳහන් වේ.

දිදුලන සමක් ලබාදේ

සමේ අඳුරු ලප ඉවත් කර සම පැහැදිලි බවට පත් කරන සැෆ්රන් සැමට නැවුම් පෙනුමක් එකතු කරයි. සමේ මැරුණ සෛල ඉවත් කිරීමේ ක්රියාවලිය වේගවත් කරන නිසා සමේ පැහැපත් බව රැකදේ.

සැෆ්රන් රේණු කීපයක් රාත්රිය පුරා වතුර තේ හැන්දක පොඟවන්න. ලුණු ස්වල්පයක් සහ ඔලිවු/ පොල් තෙල් වර්ග වලින් එකක් ගෙන ස්වල්පයක් වතුර තේ හැන්ද සමග මිශ්ර කරන්න. මෙම මාස්ක් එක විනාඩි 15 ක් පමණ වේලෙන්න තියල සෝදා හරින්න. ටික කාලයක් මේ සත්කාරය කරද්දී ඔබටම වෙනස තේරේවි.

සම සුමුදු කරයි ..සමේ තෙතමනය රැක දේ

සම සුමුදු කිරීම සහ සමේ තෙතමනය රැක දීම සැෆ්රන් මගින් ලබාදෙන තවත් ප්රතිලාභයකි. ලෙමන් යුෂ සහ සැෆ්රන් රේණු මුසු කර ඔබේ සමේ ආලේප කරන්න. එවිට ලෙමන් මගින් සම පිරිසිඳු කරන අතර සැෆ්රන් සමේ සුමුදු බව සහ තෙතමනය රැක දෙනු ඇත.

ව්‍යාජ සැෆ්රන් වලට රැවටෙන්න එපා

“ Good saffron will always SMELL sweet and never TASTE sweet”

සැෆ්රන් වලට තිබෙන ඉල්ලුම නිසා ව්යාජ සැෆ්රන් ඕනේ තරම් වෙළඳ පොලේ තිබෙනවා. ඔබට කියා දෙන්නම් සැබෑ සැෆ්රන් හඳුනාගන්න පිළිවෙල. සැෆ්රන් රේණු කොහෙත්ම පැණිරස නැහැ. සැබෑ සැෆ්රන් වල ලා තිත්ත සහ කහට රසක් එනවා (Real saffron will have bitter and slightly astringent taste when placed on the tongue) සැබෑ සැෆ්රන් වල එයටම ආවේනික සුවඳක් තිබෙනවා. පොලව, දුම්කොළ, වැනිලා , පැණි වගේ මිශ්ර සුවඳක් එනවා. හැබැයි බොරු සැෆ්රන් සුවඳ නැහැ.

සැබෑ සැෆ්රන් වල මෙන්න මේ වගේ හැඩයක් තමා තිබෙන්නේ. එය වතුරෙන් එලියට ගත්තමත් වර්ණය වෙනස් නොවී තිබෙනවා නම් සැබෑ සැෆ්රන්. නමුත් ව්යාජ සැෆ්රන් වල තිබෙන කෘතීම වර්ණ කාරකය වතුරේ දිය වෙලා ගිහාම රේණු වල වර්ණය වෙනස් වෙනවා.සැබෑ සැෆ්රන් ගිල්ලවූ වතුර පැණි කහ වර්ණය ලබනවා. ව්යාජ සැෆ්රන් වතුර රතු දුඹුරු වර්ණයක් ගන්නවා.

Tags

beauty Skin

Share Now

Related Article