ඔබේ මුහුණට දක්වන සැලකින්න සිරුරටත් දක්වනවාද?

Jun 30, 2020

ඔබේ මුහුණ සඳහා පරිපූර්ණ රැකවරණයක් තිබීම් ඉතාම වැදගත්. අද කාලෙ බොහෝ දෙනෙක් උදේට සහ රාත්රියට මුහුනට හොදින් සත්කාර කරනවා. මුහුණ රැකබලා ගන්නේ කොහොමද කියල අපි නිතරම කතා කරනවා. නමුත් බෙල්ලේ සිට පහළට අපගේ ශරීරයේ ඉතිරි කොටස් ගැන බොහෝ දෙනෙක් නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බොහෝ විට පුරුෂ පාර්ශවයේ අවධානය හිමි වෙන්නේ මුනුනට විතරයි කියල හිතනවා නම් ඒක වැරදියි.

Continue Reading Below

බොහෝ දෙනෙක් ස්නානය කිරීමෙන් පසු සිරුර පුරා Body lotion අලේප කිරීම වගේ මූලික සත්කාර ක්රම අනුගමනය කරනවා. නමුත් එතනින් එහාට ගිහින් Body Care රූටින්ග් එකකට හරියට හැඩගැහෙන පිළිවෙල අද අපි කතා කරමු.

1) ක්ලෙන්සර් කරන්නේ මුහුණ විතරද?

ඔබේ මුහුනට වගේම ඇඟටත් හොඳ ක්ලෙන්සර් කිරීමක් අවශ්යය වෙනවා. මේකට ඔබට හොද ශවර් ජෙල් එකක් පාවිච්චි කරන්න පුලුවන්. හැම වෙලේම එම නිශ්පාදන මිලදී ගන්නා විට සබන් රහිත (soap free / Paraban free) නිශ්පාදනයක් මිලදී ගන්න. අපි ගොඩක් අයගෙ මුහුන තෙල් ගතියෙන් යුක්ත උනත් ඇග වියලියි. එම නිසා සෑම විටම hydrating ශවර් ජෙල් එකක් ගන්න.

2. ශරීරයත් ස්ක්රබ් කරන්න ඕනේ

අපේ මුහුණේ විතරක් නෙවේ සිරුරේත් මැරුණු සම තැම්පත් වෙලා තිබෙනවා. සතියකට සැරයක් වත් ඒවා ඉවත් කළ යුතුයි. ඒ සඳහා ඔබට කෝපි කුඩු ටිකක්, සීනි ටිකක් සහ ඔලිව් තෙල් ටිකක් දාලා ගෙදරම හොද බොඩි ස්ක්රබ් එකක් හදා ගන්න පුලුවන්. ඒ වගෙම scrubbing gloves මිලට ගන්න තිබෙන නිසා එයින් එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.

3. සිරුරේ අනවශ්යය රෝම අවලස්සනයි

ඔබේ සමෙහි ඇති අනවශ්යය රෝම මගින් ඔබේ සමට අවලස්සනක් එකතු කරනවා. එම නිසා ඒවා නිසි ලෙස ඉවත් කර, නිතර සම හොද තෙතමනයකින් තබා ගැනීම වැදගත්.

4. හැකි තරම් වතුර බොන්න ඕනේ

මේ සියල්ලටම අමතරව ඔබේ සමේ තෙතමනය ආරක්ශා කර ගැනීමට හොදින් වතුර බොන්න අවශ්යයි.. සමට නිසි පෝෂණයක් ලැබෙන මාළු, පලා, පලතුරු වගේ දේවල් ආහාරයට ගන්න.

5) බොඩි පැක් එකක් භාවිතා කරන්න

ඔබෙ මුහුණට වගේම සිරුරේ සමටත් හොද පැක් එකක් දාන්න අමතක කරන්න එපා. කඩල පිටි, දොඩම් පොතු කුඩු සහ මී කිරි මිශ්ර කර සමේ ආලේප කරන්න හොද පැක් එකක් හදා ගන්න පුලුවන්.

එහෙනම් අනිත් දවසෙ අපි මූන වගේම ඇග ගැනත් සැලකිලිමත් වෙමු නේද?

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Tags

beauty Body

Share Now

Related Article