නිරෝගී , දිගු වරලසකට ඔබ පිළිපැදිය යුතු ටිප්ස් 5 ක්

Jun 15, 2020

කාන්තාවකගේ සුන්දරත්වයට බලපාන එක සාධකයක් තමා සුන්දර , නිරෝගී හිසකෙස් කළඹක් කියන්නේ. හැම ලාංකික කාන්තාවකගේම හීනයක් තමා කොණ්ඩය සාරවත්ව වවා ගැනීම. ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියල අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කතා කරමු.

Continue Reading Below

මැජික් Treatments හෝ මැජික් තෙල් වර්ග නැහැ


මේ සත්කාර කියන්නේ එක දවසක් කරලා අතහරින්න දේවල් නෙවෙයි. සුන්දරත්වය කියන්නේ ජීවිතේ පුරුද්දක් කරගන්න. හොඳ සිරිත් විරිත් ඇතිව ගෙවන දවස් ගණනාවකින් පස්සේ ඔබට උදා වේවි ඔබ සුන්දරව බබලන දවසක්. ඒ නිසා ලස්සන වෙන, කොන්ඩේ වැවෙන මැජික් මේ ලෝකේ නැහැ කියල දැනගැනීම වටිනවා. කැපවීම සහ ඉවසීම ඔබට හොඳ ප්රතිපල ගෙනත් දේවි.

සාමාන්යයෙන් කොණ්ඩය වැවෙන වේගය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. මසකට අඟල් කාලක් සිට බාගයක් දක්වා වැවෙනවා. ඔබ ඉහත සඳහන් හැම දේම කරත් අඟලකට වඩා නම් මාසෙකට වැවෙන්නේ නැහැ. ඉතින් ඉවසිල්ලෙන් මේ හොඳ පුරුදු පුහුණු කරගෙන යන්න. ඔබට නිරෝගී, දිදුලන, දිගු කෙස් කළඹක් ලැබේවි.

1) සිරුරට දෙන ආහාර තමයි අංක එක



ඔබේ සම ලස්සන වෙන්න වුනත් ලස්සන කොණ්ඩයක් ලබන්න වුනත් පළවෙනිම කාරනාව තමයි පෝෂණය. ඔබ සිරුරට හරි දේ දෙන්නේ නැත්නම් හරි ප්රතිපලයක් ලබන්න බැහැ. විද්යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා ඇතැම් ආහාර වර්ග මගින් හිසකෙස් වල වැඩීම වේගවත් කරනවා කියල. විශේෂයෙන්ම විටමින් H නැත්නම් Biotin කියන්නේ හිසකෙස් වල වැඩීම වේගවත් කරන පෝෂණයක්. මේද අම්ල, කර්බෝහයිද්රේට් සහ ඇමයිනෝ ඇසිඩ් ජීරණය කරවීම පහසු කරන්නත් ශරීරයේ ප්රෝටීන් මට්ටම ඉහලට ගන්නත් මේ Biotin උපකාර කරනවා. කොණ්ඩය හැදිලා තිබෙන්නේ ප්රෝටීන් වලින් නිසා නිරෝගී දිගු කොණ්ඩයක් ලබන්න නම් biotin අඩංගු ආහාර ලබා ගන්න එක ගොඩක් වැදගත්.

කිරි , චීස්, බිත්තර , ඇට වර්ග, ඌරු මස් , සත්ව අක්මාව නැත්නම් cooked liver , සැමන් මාළු, cauliflower වගේ එළවලු සහ අලිපේර වගේ පලතුරු ඔබේ කොණ්ඩය වැවෙන්න ගොඩක් හොඳයි.

2) කොණ්ඩයේ අග කැපීම දිග වැඩි කරනවා



අපි හිතනවා කොණ්ඩයේ අගිස්ස කැපීම මගින් දිග අඩු වෙනවා කියල . නමුත් මෙය වැරදියි. කොණ්ඩය අග මාස 3 කට වතාවක් හරි කපනවා නම් පැලුන කොටස් ඉවත් වෙලා නිරෝගී පෙනුමක් එකතු වෙනවා. ඒ අතරේ පැලුන කොටස් ඉවත් වෙද්දී ඒවා කොණ්ඩයේ ඉහළට පැතිරීම නැවතිලා ඔබේ හිසකෙස් ආරක්ෂා කරනවා.

3) නිතර නාන එක හොඳද?



Shampo සහ සබන් යොදාගෙන නිතරම හිසකෙස් හෝදද්දී හිසකෙස් වල තිබෙන ස්වභාවික තෙල් ගතිය නැති වෙලා වියලි බවක් එනවා. ඒ වගේම කොණ්ඩයේ දූවිලි කුණු පුරෝගෙන ඉන්න එකත් නිරෝගී කොණ්ඩයකට හොඳ නැහැ. ඒ නිසා දුහුවිල්ලෙන් , කුනු වලින් හිසකෙස් පරිස්සම් කරන්න ඕනේ. Shampo දාල හෝදද්දී වුනත් හැම විටම සුමුදු ලෙස පරිස්සමෙන් හිස් කෙස් සහ හිස් කබලේ කුණු දූවිලි ඉවත් කරගැනීම වටිනවා.

4) නෑවට පස්සේ කොන්ඩේ වේලන ක්රමය ගැන සැලිකිලිමත් වෙන්න



ස්නානයෙන් පස්සේ ලංකාවේ බොහෝ දෙනෙක් කොණ්ඩය අඹරලා ටවල් එකෙන් ගෙඩියක් බැඳ ගන්නවා. මේ ක්රමය ඔයාට දිග කොණ්ඩයක් ඕනේ නම් කරන්න එපා. ටවල් එකේ රෙදි තන්තු වලින් කොණ්ඩය ඇඹරිලා, පලුදු වෙලා ගිහින් කැඩෙන්න බලනවා. වෙනම ලිපියකින් කියන්නම් කොහොමද කොණ්ඩය හරි විදිහට වේලා ගන්නේ කියල.

තව ඔබට දිග කොණ්ඩයක් ඕනේ නම් නිතරම කොන්ඩේ වේලන්න උණුසුම් Hair dryer එක භාවිතා කරන්න එපා. උණුසුම නිසා කොණ්ඩය පලුදු වෙනවා. පැලෙනවා.

5) සතියකට වරක් Hair Mask එකක් හෝ Oil Treatment එකක් මගින් පෝෂණය කරන්න



ඔබට සුන්දර , දිග කොණ්ඩයක් ඕනේ නම් Oil Treatment එකක් හෝ Hair Mask එකක් ගෙදරදීම කරගන්න පුළුවන් . කොණ්ඩය වැවීම උත්තේජනය කරන්න මේ ක්රියාවන් දායක වෙනවා. ගෙදරදීම Oil treatment එකක් කරන හරි ක්රමය වෙනම ලිපියක පල කරමු. කොණ්ඩයට තෙල් සාත්තුවක් කරද්දී හිස් කබලේ රුධිර සංසරණය වේගවත් වෙනවා. ඒ වගේම essential fats හිසකෙස් වල රැඳෙන්න සහ එයින් නිරෝගී පෙනුමක් දෙන්න හේතු වෙනවා.

Hair Mask කඩේ තිබෙනවා. සැලුන් එකකින් කරගන්න එක වඩාත් හොඳයි. නමුත් එයට ලොකු මුදලක් යන නිසා පැණි, ලෙමන්, අලිපේර , ඔලිවු තෙල් සහ ළූණු යුෂ වගේ අමුද්රව්ය යොදවල hair pack එකක් හදාගන්නත් පුළුවන්.

6) කම්මැලිකමට කන්ඩිෂනර් දාන එක මගහරින්න එපා



ඔයා හිතනවා ඇති කන්ඩිෂනර් එකෙන් වැඩක් නැහැ කියල. නමුත් ඔයා වැරදියි. ටවල් එකෙන් වෙන හානිය පවා වලක්වන්න conditioner හේතු වෙනවා. ඒ වගේම හිසකෙස් මනාව රැකගන්න conditioner සමත් වෙනවා. හැම වර්ගයකම හිසකෙස් වල නිරෝගීකම රකින්න conditioner දායක වෙනවා . ඒ නිසා හැම සේදුම් වාරයකටම වරක් conditioner දාන්න සැලකිලිමත් වෙන්න.

7) කපු කොට්ට උරය සිල්ක් හෝ සැටින් වලට මාරු කරන්න



ඔබේ කොණ්ඩය වර්ධනය කරන්න කළ යුතුම වෙනස්කමක් මේක නම්. කපු කොට්ට උරය වෙනුවට සිල්ක් හෝ සැටින් භාවිතා කිරීමේදී එය කොණ්ඩයේ නිරෝගීකමට හේතු වෙනවා. සැටින් සහ සිල්ක් රෙදි වල තිබෙන සිනිදු බව නිසා හිසකෙස් හානි වීම අඩු වෙනවා. අවුල් වීම අඩු වෙද්දී හිසකෙස් කැඩීයාම අවම වෙනවා.

8) කොණ්ඩය තදින් බඳින්න එපා.



අපේ කාර්යබහුල ජීවන රටාව එක්ක අපි හරි කැමතියි කොණ්ඩය තදට බැඳගෙන ඉන්න. නමුත් මේ දේ නිතර කරද්දී කොණ්ඩයට හානි වෙලා දුබල වෙනවා. ඉක්මනින් කැඩිලා යනවා. ඒ නිසා හැකි විට කොණ්ඩය නිදහසේ තබන්න. බඳින්න වෙනවා නම් බුරුලට බඳින්න.

9) හිරු රශ්මිය වැදෙන්න දෙන්න එපා


ඉර තමයි අපේ වගේ රටක කොණ්ඩයේ ලොකුම හතුරා. ඉතින් එලියට යද්දී නිතරම තොප්පියක් දාන්න, කුඩයක් ගෙනියන්න අමතක කරන්න එපා.

Tags

beauty Hair

Share Now

Related Article