ඔබත් විටමින් B12 ඌනතාවයෙන් පෙළෙනවාද?

විටමින් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම සංඝටකයක්. විටමින් නිසි පරිදි නොලැබීම නිසා අපේ ශරීරය අඩපන වෙනවා. ශරීරයේ ක්‍රියාකාරිත්වය බිඳ වැටෙන නිසා අපි රෝගීන් බවට පත් වෙනවා. මේ නිසා විටමින් කියන්නේ ඔබේ ශරීරයේ ආරක්ෂකයා කිවොත් නිවැරදියි. Goodhousekeeping.lk වෙබ් අඩවිය තුලින් අද අපි කතා කරමු විටමින් පවුලේ සාමාජිකයෙක් වෙන විටමින් B12 වල වැදගත්කම

විටමින් B12, කෝබොලයිමින් යනුවෙන්ද හැඳින්වෙනවා. අපේ ශරීරයට ඉතාමත් වැදගත් විටමින් ඛාණ්ඩයක් වන විටමින් B12 මඟින් ඔබේ රතු රුධිර සෛල සහ DNA නිපදවීම සඳහා මහඟු සේවාවක් ඉෂ්ට කරනවා. ඒ වගේම තමයි විටමින් B12 ඔබේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහාද මුලික වශයෙන්ම බලපානවා. ඔබට විටමින් B12 ස්වභාවිකවම සත්ව ආහාර, මස්, මාළු, කුකුල් මස්, බිත්තර සහ කිරි ආහාර වලින් ලබාගන්නට පුළුවන්…

මුලික වශයෙන්ම විටමින් B12 ඌනතාවය නිසා ලෙඩ රෝග ඇතිවෙන්නේ වයස්ගත අවධියේදීය. විටමින් B12 ඌනතාවය ඇති වූ විට සිදුවන්නේ ඔබ ගන්න ආහාර වලින් අවශ්‍ය පෝෂක කොටස් උරාගැනීමට ඔබේ ශරීරය අපොහොසත් වීමයි. එතකොට ඉතින් කොයි තරම් පෝෂ්‍යදායි ආහාර ගත්තත් ඒ කිසිම පෝෂක කොටසක් ඔබේ ශරිරයට අවශෝෂනය වන්නේ නෑ.

අවාසනාවකට, විටමින් B12 ඌණතාවේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට වසර ගණනාවක් ගත වෙන්නට පුළුවන්. ඒ වෙද්දී රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා සුව කල නොහැකි තරම් සංකීර්ණ වෙලා තියෙන්නත් පුළුවන්. එම නිසා මේ ලිපිය කියවල බලන්න ඔබටත් විටමින් B12 ඌනතාවයේ මේ ලක්ෂණ තිබෙනවාද කියල ?

fb-like-beg


01. සුදුමැලි හෝ පාණ්ඩු පැහැති සම.

ඔබේ රතු රුධිරානු සෛල නිපදවන්නේ ඇට මිදුළු තුලය. විටමින් B12 ඌන වූ විට මෙම රතු රුධිරානු ප්‍රමාණයෙන් විශාල වෙනවා. එවිට ඇට මිදුළු තුලින් රතු රුධිරානු රුධිරයට මුදා හැරෙන්නේ අඩුවෙන් නිසා ඔබේ රුධිරයේ රතු රුධිරානු ප්‍රමාණය අඩු නිසා තමයි ඔබව සුදු මැලි වෙන්නේ. එයට අමතරව විටමින් B12 අඩු වූ විට ඔබේ රතු රුධිර සෛල දුර්වල වෙන නිසා ඉක්මනින්ම බිඳීමට ලක් වෙනවා. රතු රුධිරානු සෛල නිපදවීම සඳහා අත්‍යවශ්‍ය සංඝටකයක් වන විටමින් B12 ඔබේ ශරීරය තුල යහමින් නොමැති නිසා ඔබේ ශරීරයේ රතු රුධිරානු මට්ටම පහත වැටෙනවා. මේ නිසා විටමින් B12 ඌනතාවයෙන් පෙළෙනවා නම් ඔබේ සමත් සුදුමැලි හෝ පාණ්ඩු පැහැතිය.


02. තෙහෙට්ටුව සහ ආතතිය.

වෙනදට වඩා ඇගට මහන්සිය තෙහෙට්ටුව දැනෙනවා වැඩියිද ? එසේ නම් සමහර විට ඔබ විටමින් B12 උනතාවයෙන් පෙළෙනවා විය හැකිය. එයට හේතුව වන්නේ අපේ ශරීරය පුරා ඔක්සිජන් ගෙන යන රතු රුධිරානු වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණවත් විටමින් B12 මට්ටම ශරීරයේ නොමැති වීමයි. එහි ප්‍රතිපලයක් ලෙස ඔබේ ශරීරයේ නිසියාකාර ඔක්සිජන් පරිවහනයක් සිදු කිරීමට රතු රුධිර සෛල අසමත් වන නිසා ඔබට දැනෙන්නේ තෙහෙට්ටු ගතියක්.


03. ඉදිකටු ඇනෙනවා සේ දැනීම.

ඔබ දන්නවාද දීර්ග කාලයක් පුරා විටමින් B12 නිසි පරිදි නොලැබී ගියහොත් එය ඔබේ ස්නායු වලට අහිතකර ලෙස බලපාන බව. එවිට ඔබේ ස්නායු දුර්වල වී ඔබට ඉදිකටු වලින් අනිනවා මෙන් දැනෙන්නට පටන් ගන්නවා. විටමින් B12 මඟින් ශරීරයේ පරිවෘතිය ක්‍රියාවන් ක්‍රමානුකුල කරන මයිලින් නමැති සංඝටකය නිෂ්පාදනයට උදව් කරනවා. මෙය මේද සංඝටකයක්. මෙම සංඝටකය ඔබේ ස්නායු ආරක්ෂා කරනවා. යම් හෙයකින් ඔබේ ශරීරයේ විටමින් B12 මට්ටම අඩු වුවහොත් මෙම මයිලින් නිෂ්පාදනය වන්නේ එහි අවශ්‍ය ස්වරුපයෙන් බැහැරවයි. එම ආකාරය පෙර පරිදි ඔබේ ස්නායු ආරක්ෂා කරන්නේ නෑ මේ නිසා ස්නායු දුර්වල වෙනවා. එවිට තමයි ඔබට දැනෙන්නේ ඉදිකටු වලින් අනිනවා වගේ. නමුත් මෙම ඉදිකටු ඇනෙනවා වගේ දැනීම සෑමවිටම ඇතිවන්නේ විටමින් B12 උනතාවය නිසාමත් නෙවෙයි. වෙනයම් රෝගයක මුල කාරයක්ද වෙන්නට පුළුවන්.


04. චලනය වීමේ වෙනස්කම්.

දීර්ග කාලයක් පුරාවට විටමින් B12 නොලැබීම නිසා ඇතිවන ස්නායු අකර්මන්‍යතාවය ඔබ ඇවිදින සහ චලනය වන ආකාරය වෙනස් කරන්න පුළුවන්. එයට අමතරව එය ඔබේ සමබරතාවයට බලපෑම් කරන්නට පුළුවන්. මෙය වැඩි වශයෙන්ම හඳුනා ගන්නට හැකිවන්නේ වැඩිහිටි වයසේ පුද්ගලයන් ආශ්‍රයෙනි.


05. ග්ලෝසිටිස් සහ මුඛ විකෘතිතා.

ග්ලොසිටිස් යනු දැවිල්ල සහිත දිවක් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.
ඔබ ග්ලෝසිටිස් රෝගයෙන් පෙළෙනවා නම්, ඔබේ දිවේ වර්ණය හා හැඩය වෙනස් වී, වේදනාකාරී ඉදිමීම් ඇති වෙනවා. ඔබට රස දැනෙන දිවේ ඇති රස අංකුර සියල්ල මේ නිසා විනාශ වෙනවා. එවිට ඔබ කෙතරම් රස ආහාරයක් ගත්තත් එය ඔබට දැනෙන්නේ නෑ. මෙම රෝගයේදී දිව ඉදිමුමට ලක් වන නිසා ඔබ කතා බහ කරන ආකාරය පවා වෙනස් වන්නට පුළුවන්. මෙම රෝගයට මුලිකම හේතුව තමයි විටමින් B12 ඌණතාවය.


06. ක්ලාන්තය සහ හුස්ම ගැනීමේ අපහසුතා.

විටමින් B12 ඌණතාවය නිසා සමහර අවස්ථාවල ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයත් ඒ නිසාම ක්ලාන්ත ගතියකුත් දැනෙන්නට පුළුවන්. මෙයට හේතුව තමයි ඔබේ ශරීරය පුර ශරිරයට අවශ්‍ය තරම් ඔක්සිජන් පරිවහනය සඳහා ප්‍රමාණවත් තරම් රතු රුධිරානු නොමැති වීමයි. මෙම තත්වය බොහෝ රෝග වල පුර්ව ලක්ෂණයක් වන්නට පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.


07. අපැහැදිලි දෘෂ්ටිය.

විටමින් B12 ඌණතාවයේ තවත් අයහපත් තත්ත්වයක් තමයි දෘෂ්ටියේ අපැහැදිලි බව. ඔබ විටමින් B12 ඌණතාවයෙන් පෙළෙනවා නම් ඔබේ පෙනීම දුර්වල වෙනවා. මෙයට හේතුවන්නේ ඇසෙ ස්නායු දුර්වල වීමයි. මෙමඟින් සිද්ද වෙන්නේ ඔබේ ඇස ග්‍රහණය කරගන්න රුප මොලයට යවන ස්නායු අඩපන වීමයි. මෙහිදී ඇසට හසුවන රුප මොලයට යැවෙන්නේ නැති නිසා ඔබට රුප හඳුනා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා.


08. මනසේ වෙනස්වීම්.

B12 හි අඩුපාඩු සහිත අය බොහෝ විට මනෝගතීන්ගේ වෙනස්කම් වාර්තා කරනවා. ඒ කියන්නේ විටමින් B12 ඌණතාවය නිසා කෙනෙකුගේ මානසික මට්ටම පවා වෙනස් වෙන්නට පුළුවන්. එවැනි අයට ආතතිය, සාංකාව, විශාදය ආදී රෝග ඇතිවන බව පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා.


09. ඉහල උෂ්ණත්වය.

විටමින් B12 ඌණතාවය නිසා ඇතිවන තවත් දුර්ලබ රෝගී තත්වයක් තමයි ශරීරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම. මෙය මුල් කාලීනව කුමන කරුණක් නිසා ඇති වනවාද යන්න සොයා ගැනීමට නොහැකි වූ විට වෛද්‍යවරු කලේ විටමින් B12 ලබාදීමය. මෙසේ ශරීරයේ උෂ්ණත්වය ඉහල යන්නේ විටමින් B12 ඌණතාවය නිසාම පමණක් නොවන බවත් සිහියේ තබාගන්න.


ඉහතින් අප සඳහන් කල රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම් නොපමාව වෛද්‍යවරයෙකු හමුවන්න.

SHARE