මංගල ඡායාරූපය ගනිද්දී මේ ගැනත් හිතන්න

මංගල දිනය එක දවසකට හෝ දෙකකට සිමා වුනාට ජිවිත කාලය පුරාම ළඟ තියෙන දෙයක් තමයි මංගල ඡායාරූපය කියල කියන්නේ. විවාහයෙන් පසුව ඉතිරිවන සුන්දරම මතකයක් වෙන මංගල ජායාරූපය සඳහටම ඔබේ ළඟ රැඳෙනු ඇත. ඒකට ඉතින් හිතට ගැලපෙන ඡායාරූපයක් ලබාගන්න නම් එම ක්ෂේත්‍රය සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තියෙන ඡායාරූප ශිල්පියෙක් යොදාගත යුතුයි.

 

fb-like-beg


ඒ සඳහා තමයි මේ ට්‍රික්ස්

01) හොයන්න

විවාහය කියන්නේ ජිවිතේ ලොකුම හිනයක්නේ. ඒ හීනේ රාමුවකට ගන්න හොඳම කෙනා තෝරාගන්න නම් ඔබට තියනවා හෝම්වර්ක් ටිකක් කරන්න. අන්තර්ජාලය පීරලා හරි යාලුවන්ගෙන් නෑදෑයන්ගෙන් අහල බලලා හරි ඔබට පුළුවන් ඡායාරූප ශිල්පින් කිහිප දෙනෙක්ව පරික්ෂා කරලා බලන්න. ඔබ තෝරාගත් ඡායාරූප ශිල්පියා මින්පෙර වැඩකල සමඟ කතා බහ කරලා බලන්න. ඔවුන්ගේ අදහස් සතුටුදායක නම් ඔවුන් මිට පෙර කරලා තියෙන දේවල් ගැන කිරල මැනලා බලලා ඔබට පුළුවන් හිතට හරියන ඡායාරූප ශිල්පියෙක් තෝරාගන්න.


02) සුහදව කතා කරන්න

විවාහයට කලින් කිහිප වතාවක් ඔබේ ඡායාරූප ශිල්පියා මුණගැහිලා ඔබේ අවශ්‍යතාවය ඔහුට කියන්න. සුහදව කතා බහ කරන්න. ඔබේ අදහස ඔහුට කියනවා වගේම ඔහුගේ අදහස්ද විමසන්න. ඔහු කාලාන්තරයක් තිස්සේ එකම කාර්යයේ නිරත වෙන නිසා සමහරවිට ඔබේ හිතේ තියෙනවාට වඩා ලස්සන අදහසක් ඔහුගේ හිතේ ඔබ වෙනුවෙන් ඇති. ඒ නිසා නම්‍යශීලීව ඔහු සමග කතා බහ කරන්න.

කොයිතරම් ලොකු ප්‍රශ්නයක් උනත් විසඳගන්න පුළුවන් කතා බහෙන් තමයි.


03) ඡායාරූප ශිල්පියාත් මනුස්සයෙක්

හැම මනුස්සයෙක්ටම ඕනෙම දෙයක් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. ඡායාරූප ශිල්පියා කියන්නෙත් මනුස්සයෙක්නේ. ඒ නිසා ඡායාරූප ශිල්පිය සමඟ ගනුදෙනු කිරීමේදී ඔහුගේ තරමට වැඩ දෙන්න සිහි තබා ගන්න. ඔහුව අධික ලෙස වෙහෙසට පත් කිරීම එහෙමත් නැතිනම් ඔබේ සියලුම අවශ්‍යතා සීමාවක් නොමැතිව ඔහුගෙන් ඉටුකරගන්නට යාමෙන් මතක තියාගන්න සමහරවිට ඔබට හොඳම මංගල ඡායාරූපය මගහැරෙනවා විය හැකියි.

SHARE