ජීවිතය අරුත්බර කර ගැනීමට අප හැමෝම එක ලෙස කැමතියි. නමුත් මිනිසුන්ගෙන් එක් කොටසකට තම ජීවිතය සාර්ථක කර ගැනිමට ලැබෙද්දී, තවත් මිනිසුන් කොටසක් අසාර්ථක වන්නේ ඇයි? ඔබට තාමත් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනේ නම්, ඔබ තුල පහත සඳහන්ව ඇති වැරදීම් ඇති බව අපට විශ්වාසයි. පහත සඳහන් වැරදීම් ඔබේ සාර්ථකත්වයේ මඟ අහුරමින්, ඔබ තුල සිත් වේදනා හා ආතතීන් ඇති කරවනවා නොවේද යන්න සිතා බැලීමට goodhousekeeping.lk වෙබ් අඩවිය අද ඔබට ආරාධනා කරනවා.


fb-like-beg


8 අපිළිවෙල

යමෙකුගේ ජීවිතය අසාර්ථකත්වය වෙත ගෙන යන තවත් කරුණක් තමයි අපිළිවෙල. අපිළිවෙලට ජීවත් වීම ඔබේ මනස අවුල් කර දමනවා. ඔබ කරන වැඩ රාජකාරී සතුටින් සහ සැහැල්ලුවෙන් ඉ‍ටු කිරීමට නම්, ඔබ වටා ඇති පරිසරය පිළිවෙලට තිබීම ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි, නිසි පිළිවෙල ඔබේ කාලය ඉතිරි කර දෙනවා. අපිළිවෙල පුද්ගලයාට යමක් තිබූ තැන එකවර මතකයට නැ‍ඟෙන්නේ නැහැ. ඉතින් යම් රාජාකාරියක් ඉ‍ටු කිරීමට යාමේදී ඔහුගේ කාලය වැඩිපුර ගත වන්නේ අස්ථානගත වූ බඩු බාහිරාදිය සෙවීමටයි.

9 වගකීම් පැවරීමට ඇති බිය

අසාර්ථක වුණු ව්‍යාපාරිකයන් තුල පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් තමයි සේවකයන්ට වගකීම් නොපැවරීම. ඔවුන් තවකෙකුට වගකීම් පැවරීමට විශාල බියක් දක්වනවා. තමන් යමක් කිරීම පරිපූර්ණ බවත්, තවකෙකු එය කිරීමෙන් අඩුපාඩු සිදු විය හැකි බවත් මෙවැනි පුද්ගලයන් තරයේ විශ්වාස කරනවා. නමුත් එය අසාර්ථකත්වයට හේතු වන දරුණුතම ලක්ෂණයක්. සියල්ල බදා ගැනීමෙන් කිසිවක් කර ගත නොහැකි වීමත් [කාල වෙලාව සීමිත වීම නිසා], තමාව විශ්වාස නොකරන ආයතන ප්‍රදානියා ගැන කලකිරීම් ඇති වීම නිසා සේවකයන්ගේ උනන්දුව හීන වී, අකුරට වැඩ කිරීමට පෙලඹීමත් මෙහිදී සිදු වෙනවා.  නිවෙස් තුලත් මේ ගැටලුව පවතිනවා. ගෙදර ප්‍රධානියා නිවසේ සෙසු සාමාජිකයන් විශ්වාස නොකිරීම නිසා බිරිඳ සහ දරුවන් කලකිරීමට පත් වී නිවසේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කිරිමට නොපෙලඹීමත් උදාහරණ ලෙස දැක්විය හැකියි.

10 සිත් රිදවන තර්ක විතර්ක

ලෝකය දෙස එකිනෙකා බලන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. දෙදෙනෙකුගේ මතයන් එකිනෙකට වෙනස් වන්නේ ඒ නිසායි. එක් අයෙකුගේ මතයක් ඔබේ මතයට වඩා වෙනස් වූ පමණින් ඔහුගේ මතය වැරදි යැයි පවසීමට කාටවත් බැහැ. මේ බව තේරුම් ගැනීමට නොහැකි පුද්ගලයන් තර්ක කරමින් තමාගෙ කාලය කා දමනවා. වර්තමානයේ කිහිප දෙනෙකු එකතු වූ විට තර්ක විතර්ක ඇති වීම බොහෝම සාමන්‍ය සිදුවීමක් වී අවසානයි [උදා ; දේශපාලන තර්ක, එකිනෙකාව විවේචනය කර ගැනීම]. ඇත්තටම එයින් ඔබට ලැබෙන්නේ කුමක්ද යන්න අවංකව සිතා බලන්න. සිත් රිදවීම් ඇති වීමත්, නැති හතුරන් ඇති වීමත් හැර වෙනත් ප්‍රයෝජනයක් ඔබට ලැබෙනවාද ?

11 ජීවිතයේ පහසුව වෙනුවෙන් සොයා ගත් තාක්ෂණය අවභාවිතාව

මිනිසා විසින් සිදු කරන ලද සෑම සොයා ගැනීමකම අරමුණ වූයේ වැඩ පහසු කර ගැනීමයි. නමුත් වර්ථමානයේ මිනිසුන් මේ නව තාක්ෂණය භාවිතා කරන්නෙ අර්ථ විරහිත දේවල් වෙනුවෙනුයි. දුරකථනය සොයා ගත්තේ සන්නිවේදන වේගය ඉහල නැංවීමටයි. නමුත් වර්ථමානයේ බොහෝ දෙනෙක් දුරකතනය භාවිතා කරමින් තමාගෙ ජිවිතයේ ඇති වටිනා කාලය නාස්ති කරමින් සිටිනවා. අන්තර්ජාලය සොයා ගනු ලැබුවේත් තොරතුරු ඉක්මනින් සොයා ගැනිමේ සහ සන්නිවේදන කාර්‍යක්ෂමතාවය ඉහල නැංවීමේ අරමුණින් වූවත්, අද ඔබ  අන්තර්ජාලය භාවිතා කීරිම තුලින් වැඩි වශයෙන් සිදු කරන්නේ ඔබේ වටිනා කාලය නාස්ති කර ගැනීම නොවේද?

12 වෙළඳ දැන්වීම් වලට මුළා වීම

ඔබේ ජීවිතයට අවශ්‍ය දේ තීරණය කිරීමට ඔබ වෙළඳ දැන්වීම් වලට ඉඩ දෙනවාද? එසේනම් ඔබේ අසාර්ථකත්වය ලඟා කර ගැනීමට ඔබම කටයුතු කරණු ඇත. වෙළඳ දැන්වීම් වලින් ඔබට පෙන්වන සියලු දේ සත්‍යය නොවන බව දන්නා මිනිසුන් ඒවා මිලදී ගන්නේ, ඒවායේ ගුණත්වය සහ අවශ්‍යතාවය ගැන හොඳින් සොයා බැලීමෙන් අනතුරුවයි. පිටස්තර බලපෑමක් නිසා තමාට අවශ්‍ය නොවන දේවල්, අනවශ්‍ය මොහොතකදී මිලදී ගැනීමට පෙලඹීම අසාර්ථකත්වයේ ලක්ෂණයක්.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

ඔබට වැරදුනු තැන් – 1 කොටස

 

SHARE