ජීවිතය අරුත්බර කර ගැනීමට අප හැමෝම එක ලෙස කැමතියි. නමුත් මිනිසුන්ගෙන් එක් කොටසකට තම ජීවිතය සාර්ථක කර ගැනිමට ලැබෙද්දී, තවත් මිනිසුන් කොටසක් අසාර්ථක වන්නේ ඇයි? ඔබට තාමත් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනේ නම්, ඔබ තුල පහත සඳහන්ව ඇති වැරදීම් ඇති බව අපට විශ්වාසයි. පහත සඳහන් වැරදීම් ඔබේ සාර්ථකත්වයේ මඟ අහුරමින්, ඔබ තුල සිත් වේදනා හා ආතතීන් ඇති කරවනවා නොවේද යන්න සිතා බැලීමට goodhousekeeping.lk වෙබ් අඩවිය අද ඔබට ආරාධනා කරනවා.


fb-like-beg

1 පළමුව කළ යුතු දේ  හඳුනා නොගැනීම

ඔබ මුලින් කළ යුත්තේ වැදගත් බවින් වැඩි කටයුතුයි. ඔබට පාඩම් කිරිමට හෝ නියැලීමට ව්‍යාපාර කටයුතු ‍රැසක් තිබියදී ඔබට චිත්‍රපට නැරඹීමට හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට සිත් දෙනවා නම් එය විශාල ගැටලුවකි. එමඟින් සිදු වන්නේ ඔබ කළ යුතුම, සහ වැදගත්ම කටයුතු ඔබෙන් මඟ හැරී යාමයි.

2 ඉහළට යාමට උත්සාහ කිරීම වෙනුවට තරඟ කිරීමට යාම

ඔබ උත්සාහ කල යුත්තේ ඉහළට යාමයි. ඒ වෙනුවෙන් ඉලක්ක ඇති කර ගත යුතුය. නමුත් වර්ථමානයේ බොහෝ දෙනෙක් සිදු කරන්නේ තවකෙකු පරදවාලීමට තරඟ වැදීමයි. ඉගෙන ගන්නා දරුවෙකුගේ ඉලක්කය විය යුත්තේ 90%ට වඩා ලකුණු ගැනීමයි. නමුත් බොහෝ වැඩිහිටියන් තම දරුවන්ව පොලඹවන්නේ එහා ගෙදර සිසුවාට වඩා ලකුණු ගැනීමටයි. මේ පුරුද්ද දරුවා වැඩිහිටිවියට පැමිණුනත් වෙනස් වන්නේ නැහැ. ‍රැකියා ජිවිතයේ ඉහලට යාමේ ඉලක්කය වෙනුවට ඔවුන් ඇති කර ගන්නේ සහෝදර සේවකයා අභිබවා යෑමටයි. එවැනි ඉලක්ක ඇති කර ගත් විට ඔබ තුළ ඊර්ශ්‍යා සිතුවිලි ඇති වෙනවා. අනෙකා පරාජය කිරීමට උපක්‍රම යොදන විට ඔබට ඔබ වෙනුවෙන් වැඩ කිරිමට කාලය මදි වෙනවා.

3 එකවර වැඩ කිහිපයක් කිරීමට පෙලඹීම

වැඩ රාජකාරී ‍රැසක් ඇති විට ඒවා සාර්තකව සිදු කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඒවා බෙදාගෙන කිරීමයි. නමුත් බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ වැඩ කිහිපයක් එකට කිරීමටයි. එහි ප්‍රථිඵලයක් ලෙස එක වැඩක්වත් සාර්තකව නිම කර ගැනිමට බැරි වෙනවා. ‍රැකියා ස්ථානයේ කටයුතු නිවසට පැමිණ සිදු කිරීමෙන්, ඔබට නිවසේදී කිරිමට ඇති රාජකාරී  මඟ හැරෙනවා. එමෙන්ම වැඩ කටයුතු ‍රැසක් එකවර කිරිමට යාමෙන් ඔබෙ මානසික ආතතිය වැඩි වෙනවා.

4 ඉලක්ක ඇති කර නොගැනීම

ලොව සාර්ථක වූ සෑම අයෙකුටම ඉලක්කයක් තිබුණා. ඉලක්කයක් නැති මිනිසුන් ඉබේටම ජීවත් වෙන්නන් වාලේ ජීවත් වීමට පෙලඹෙනවා. කල යුත්තේ කුමක්දැයි නොදන්නා විට, බොහෝ ජිවිත අසාර්ථක වී යනවා. අරමුණක් ඇති මිනිසුන්ගේ ජීවිත සාර්ථකත්වය දෙසට ඉබේටම ගමන් කෙරෙනවා. ඉලක්කයක් ඇති විට සැලසුම් සහගතව වැඩ කිරිමටත්, සැලසුම් තුලින් ඉලක්ක ජය ගැනීමටත් පෙලඹීමක් ඇති වෙනවා.

5 අසාධාරණ ඉල්ලීම් ප්‍රතික්ශේප කිරීමට ඇති බිය

ඔබේ ඉලක්ක වලට බාධා ගෙන දෙන, ඔබේ නිදහසට හානි කරන දේවල් ප්‍රතික්ශේප කිරීමට ඔබට හැකි විය යුතුය. නැති නම් ඔබට සිදු වන්නේ අනුන්ගේ රූකඩ බවට පත් වී, ඔබේ වැඩ කටයුතු පසෙක දමා, අන් අයගේ අවශ්‍යතා ඉ‍ටු කිරීමටයි. ඔබේ මානසීක ආතතිය අඩු කර ගැනීමට නම්, ඔබට කිරිමට අපහසු දෙවල් භාර ගැනීමෙන් වැලකී සිටිය යුතුමයි. අනුන්ගේ උවමනාවන් වෙනුවෙන් කිසි දිනක ඔබේ වටිනාකම් සහ අභිමානය කැප කිරිමට නොයන්න.

6 තම වගකීම් හඳුනා නොගැනීම

තමන්ගේ වගකීම් නිසියාකාරව හඳුනාගෙන සිටින තැනැත්තෙක් කිසි දිනක පරාජයට පත් කල නොහැකියි. තමාගේ වගකීම් නිසියාකරයෙන් ඉ‍ටු කරනා තැනැත්තෙකුට සමාජයෙන් අනවශ්‍ය චෝදනා වලට ලක් වීමට සිදු වන්නේ නැහැ [වගකීම් ඉ‍ටු නොකළ බවට]. ඒ වගේම එවැනි පුද්ගලෙකු මත අනවශ්‍ය වගකීම් පටවා, රවට්ටවාලීමටත් කිසිවෙකුටත් හැකියාවක් නැහැ [අනුන්ගේ වගකීම් ඔහු පිට පැටවීමට]. තමා ඉ‍ටු කළ යුතු දේ නිවැරදිව ඉ‍ටු කර නිදහසේ සිටිමේ හැකියාව ඔහු සතුයි.

7 වැඩ කල් දැමීම

මේ මොහොතේ කළ යුතු දේ පසුවට කල් දැමීමේ අගුණය සෑම අයෙකු තුලම නැතිවා නොවේ. නමුත් සාර්ථක  පුද්ගලයන් තුල ඒ අගුණය පිහිටන්නේ නැහැ. ගෙවී යන කාලය නැවත ලබා ගැනීමට නොහැකි බව අවබෝධ කර ගන්නා පුද්ගලයන් කවදාවත් තමන්ගේ වැඩ පසුවට කල් දමන්නේ නැහැ.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න –

ඔබට වැරදුනු තැන් – 2 කොටස

 

SHARE