ත්ම විශ්වාසය කියන්නේ ඔබට ආභරණයක්. හොඳ ආත්ම විශ්වාසයක් ඇති පුද්ගලයෙකුගේ සහ ආත්ම විශ්වාසය අඩු පුද්ගලයෙකුගේ වෙනස කැපී පෙනෙනවා. ඔබේ ආත්ම විශ්වාසය අඩුයි නම්, ඔබේ ජිවිතයේ සෙසු අංශ කඩා බිඳ වැටෙන්නට වැඩි අවදානමක් පවතිනවා. මේ නිසා ඔබ ඔබේ ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට ක්‍රියා කල යුතුයි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.


fb-like-beg


1 ඔබ සිටිය යුතු තත්වය සිතින් මවා ගන්න

ඔබ අනිවාර්යයෙන්ම ඉහල තත්වයක් වෙත ලඟා වීමට කැමැත්තෙන් සිටින අයෙකු වන්නට ඇති. නමුත් ඔබ නිතරම සිතන්නේ “මට ඉහලට යන්න වාසනාව නෑ, මට ආස වුනත් ඉහලට යන්න බෑ” වගේ දේවල් නම් ඔබේ ආත්ම විශ්වාසය බිඳ වැටීම වලක්වන්න බැහැ. මේ නිසා ඔබ ඔබේ සිහිනය සිතින් මවා ගන්න. ඔබ එම තත්වයේ සිටින බව සිතන්න. ඔබේ සිහිනයට සහ ඔබට ගරු කරන්න. එය ඔබට නව ජවයක් ලබා දේවි.

2 ඔබේ අරමුණ ස්ථිර වශයෙන්ම සිතට ගන්න

ඔබට ඉහලට යා හැකි බව ඔබට විශ්වාස කරවීමේ වගකීම ඔබ සතුයි. ඒ නිසා ඔබේ අරමුණු සහ ලබා ගැනීමට අපේක්ෂා කරන තත්වයන් ඔබ ලබා ගන්නා බව ඔබටම පොරොන්දු වන්න. ඔබ ඔබටම කතා කරන්න. ඔබ ඉහලට යන බව ඔබ ඔබටම අවධාරණයෙන් පවසන්න. එය බොහොම බලවත් ආයුධයක් බව ඔබටම හැඟෙවි.

3 ඔබේ සෑම දවසකදිම ඔබ බිය වන යමක් කරන්න

බොහෝ විට ඔබ බිය වෙන්නේ අන් අය පහසුවෙන්ම කරන දේවල් වලටයි. පොඩි පොඩි දේවල් වලට බය වෙලා, අරමුණු වලට බය වෙලා නම් ඔබට ඔබේ ආත්ම ශක්තිය වැඩි කර ගන්න ලැබෙන්නේ නැහැ. ඔබ බය වෙලා තියෙන්නේ බිය විය යුතු දේකට නෙවෙයි කියලා වැටහෙන්නට නම් ඔබ එය කල යුතුමයි.

4 ඔබවම විවේචනය කර ගන්න එක නවත්වන්න

ඔබ පහුගිය වසර ගණනාවටම කලේ ඔබවම විවේචනය කර ගන්න එකයි. නමුත් එයින් ඔබට ලැබුණු දෙයක් නැහැ. සිදු වුනේ ඔබේ ආත්ම ශක්තිය බිඳ වැටුණු එක විතරයි. ඔබේ සිත ඇතුළෙන්ම ඔබට සෘණාත්මක විවේචන ලැබෙනවා නම්, එය අදම නවත්වන්න. ඔබට වැරදීම් සිදු වෙලා ඇති. හැබැයි වැරදීම් සිදු වුනු එකම කෙනා ඔබ නෙවෙයි. වැරදීම් සිදු වූවත්, තමාවම විවේචනය කර ගැනීමෙන් වැළකුණු පුද්ගලයා ඉක්මණින්ම ජය ගන්නවා.

5 බැරි දෙයට බැහැ කියන්න පුරුදු වෙන්න

ඔබේ අකමැත්තෙන් ඔබව පහළට දමන්න කාටවත් ඉඩ දෙන්න එපා. මිනිස්සු ඔබෙන් ඉල්ලන අසාධාරණ සහ මෝඩ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න පුරුදු වෙන්න. අනුන්ගේ තේරුමක් නැති ඉල්ලීම් ඉටු කර දෙන්න ගියාම ඔබට ඔබ වෙනුවෙන් යොදවන්න වෙලාවක් ඉතිරි වන්නේ නැහැ. හැමෝටම හිස නවන පුද්ගලයෙක් වී ජිවත් වීමට පුරුදු වන්නන්ගේ ආත්ම විශ්වාසය ඉක්මණින්ම බිඳ වැටෙනවා.

6 ඔබව දිනවන්න

අරමුණක් වෙත යාමේදී යා යුත්තේ පියවරෙන් පියවරයි. බොහෝ දෙනෙකු පරාජය වන්නේ එකවර දිගු පියවර තබන්නට යාම නිසයි. පරාජයට ලක් වීම නිසා ඔබේ ආත්මශක්තිය බිඳ වැටෙන එක වලක්වන්න බැහැ. ඒ නිසා කෙටි පියවර තබමින්, ජයග්‍රහණය වෙත යන්න. කෙටි කාලීන ඉලක්ක ඇති කර ගනිමින්, එකෙන් එක ඒවා ඉටු කර ගන්න. කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය වෙත ලඟා වීමේදී ඔබේ ආත්ම ශක්තිය ඉබේටම වැඩෙනවා.

7 යමෙකුට උපකාර කරන්න

තවකෙකුට උපකාර කිරීමෙන් ඔබට නොසිතු ප්‍රතිඵලයක් අත් වෙනවා. තවකෙකුව සතුටට පත් කිරීම පිළිබඳව ඔබේ සිත සතුටු වෙනවා. ඔබේ සිත ඔබට ස්තුතිපුර්වක වන්නට පටන් ගන්නවා. ඔබ නොසිතු ලෙස ඔබේ ආත්ම ශක්තිය ඉන් වැඩෙනවා. ඔබේ අඩුපාඩු, ඔබේ නොහැකියාවන් වැනි දේ ගැන සිත සිතා සිටීමට කාලය වෙන් නොකර, ඔබ තවත් අයෙකු වෙනුවෙන් කල හොඳක් ගැන කල්පනා කරන්න.

8 ඔබේ අවශ්‍යතා ඉටු කර ගන්න

ආත්ම ශක්තිය දුර්වල අයෙකුගේ ලක්ෂණයක් තමයි තමාගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සාහ නොදැරීම. ඔබට කන්නට ආස දේ කන්නටත්, ඔබ අඳින්නට ආස දේ මිලදීගෙන අඳින්නටත් පුරුදු වන්න. ඔබ කැමති දේ ඔබ ඔබටම ඉටු කර දෙන්න. එයින් ඔබේ සිත තුල සතුටක් ඇති වෙනවා. ව්‍යායාම කිරීමට, පිරිසිඳු ආහාර සහ ජලය ලබා ගැනීමට උනන්දු වන්න.

9 සමාජය තුල සීමා මායිම් ඇති කර ගන්න

බාහිර බලවේග අනවශ්‍ය ලෙස ඉවසීමෙන් ඔබ සමාජයේ ගොදුරක් වෙනවා. සමාජයෙන් තැලෙන අයෙකුගේ ආත්ම ශක්තිය කවදාවත් වැඩෙන්නේ නැහැ. ඒ නිසා සමාජයට ඔබ වෙත අසාධාරණකම් කිරීමට, ඔබව ගොදුරු කර ගැනීමට ඉඩ දෙන්න එපා. ඔබට අවශ්‍ය දේ නොලැබෙන විට එය ඉල්ලීමටත්, ඔබට අනවශ්‍ය දේ ලැබෙන විට ප්‍රතික්ෂේප කිරීමටත් බිය නොවන්න.

     

 

     

SHARE