බුද්ධිමත් මිනිසෙකු ලෙස සමාජයේ ජීවත්වීමට නම් ඔබට ඔබ අවට ලෝකයේ සිදු වන්නේ කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් තිබීම අනිවාර්යයයි. අන්තර්ජාලයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දැන් ඔබ අවට ලෝකයේ තොරතුරු දන ගැනීම ඉතා පහසුයි. නමුත් තොරතුරු මූලාශ්‍ර බහුල වීම නිසා යම් දෙයක් පිලිබඳ දැනගැනීමට තමන් පරිහරණය කළ යුතු නිවැරදිම මූලාශ්‍රය කුමක්දැයි සොයා ගැනීම ඇතැමුන්ට අපහසුයි. සාමාන්‍ය දැනීම වර්ධනය කරගැනීම සඳහා ඔබට පරිශීලනය කළ හැකි වෙබ් අඩවි කිහිපයක් ගැන ඔබට හඳුන්වාදීමට අප තීරණය කළේ ඒ නිසායි.

(මාතෘකාව මත click කිරීමෙන් එම වෙබ් අඩවිවලට පිවිසීමට ඔබට පුළුවන්)

fb-like-beg


Highbrow

එක් එක් මාතෘකා ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය ඔන්ලයින් පාඨමාලා මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයි. ඔවුන් සතුව ඇති දැනුම ලබා ගැනීමේ පාඨමාලා පිලිබඳ තොරතුරු උදෑසනම ඔබේ ඊ මේල් ලිපිනය වෙත එවීමට ඔවුන් ක්‍රියා කරනවා.


WikiWand

සුප්‍රකට විකිපීඩියා අඩවියේ නවතම අන්තර්ජාල මුහුණත මෙයයි. ඔබේ ජංගම දුරකථනයට හා පරිගණකයට application එකක් වශයෙන් මෙය download කර ගත හැකියි.


Britannica

මෙය සුප්‍රකට සාමාන්‍ය දැනීම විශ්වකෝෂයක්. මෙහි තොරතුරු ලබාගැනීම සඳහා අන්තර්ජාලය හරහා නොමිලේ ලියාපදිංචි විය හැකියි.


Quora

ඔබේ ගූගල් ලිපිනය හා ෆේස්බුක් ගිණුම හරහා ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට මේ තුළ ප්‍රශ්න ඇසිය හැකියි. ඔබ විසින් නගන ප්‍රශ්නවලට මෙහි අනෙක් පරිශීලකයන් විසින් පිළිතුරු ලබා දීම සා සාකච්ඡා කිරීම සිදුවනවා.


BrainPump

සාමාන්‍ය දැනීම කරුණු පිලිබඳ ඇති සරල, විනෝදාත්මක වීඩියෝ මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වෙනවා.


Mental Floss

ප්‍රශ්නාවලි, තරඟ ආදිය මගින් ඔබේ සාමාන්‍ය දැනීම් මට්ටම මැන ගැනීමට ප්‍රශ්නාවලි ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවනවා.


Crash Course

මෙය අධ්‍යාපනික වීඩියෝ අඩංගු youtube චැනලයක්.


කියවන්න,

බුද්ධි පරීක්ෂණ සඳහා ලොව පතල වෙබ් අඩවි 5ක්

SHARE