ලෝක ප්‍රකට ‘ෆොර්බ්ස්’ සඟරාව විසින් 2016 වසරේ ලොව බලවත්ම කාන්තාවන්ගේ නම් ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත්වී අවසන්.

ලොව පුරා සාර්ථකත්වයට පත් ව්‍යවසායිකාවන්, ප්‍රධාන විධායක නිලධාරිනියන්, සමාජ ක්‍රියාකාරිනියන්, කලාකාරියන් ආදී විවිධ ක්ෂේත්‍රයන්හි සිය ආධිපත්‍යය පතුරාගෙන සිටින කාන්තාවන් මේ ලැයිස්තුවේ සිටිනවා.

මාධ්‍ය හමුවේ පෙනී සිටීම, ආදායම, සමාජයට සිදු කර ඇති සේවය ආදී නිර්ණායකයන් මගිනුයි ඔවුන්ව මෙම ලැයිස්තුව සඳහා ඇතුලත් කරගෙන තිබෙන්නේ.

පහත දැක්වෙන්නේ එහි මුල්පෙළේ සිටින කාන්තාවන් 10 දෙනායි.

fb-like-beg


1. ඇන්ජලා මර්කල්

ජර්මානු චාන්සලර්වරිය වන ඇය මෙම වසරේ පුද්ගලයා ලෙස ලෝ ප්‍රකට ටයිම්ස් සඟරාව විසින්ද නම් කරනු ලැබුවා. කාන්තාවක් වසරේ පුද්ගලයා ලෙස නම් කරනු ලැබුවේ වසර 26කත පමණ පසුවයි. යුරෝපයේ වත්මන් රාජ්‍ය නායකයින් අතරින් වැඩිම කාලයක් මුල් පුරවැසි වගකීම දරා ඇත්තේද ඇයයි.


2. හිලරි ක්ලින්ටන්

හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ බිරිඳවන හිලරි ක්ලින්ටන් මහත්මිය මෙවර ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා මේ වන විට තරඟ වැද සිටිනවා.


3. මෙලින්ඩා ගේට්ස්

ලෝක ප්‍රකට බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපතිනිය ඇයයි.


4. ජැනට් යෙලන්

ඇමරිකානු රාජ්‍ය නිලධාරිණියකි.


5. මේරි බාරා

ඇමරිකාවේ සුප්‍රකට ජෙනරල් මෝටර්ස් හි ප්‍රධාන විධායක නිලධාරිණිය ඇය වෙයි.


6. ක්‍රිස්ටීන් ලගාඩේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියයි.


7. ඩිල්මා රෝසේෆ්

බ්‍රසීල ජනපතිනිය ව සිටි ඇය ආර්ථික විද්‍යාඥවරියකි. මීට දින කිහිපයකට පෙර ධුරයෙන් පැහැ කරනු ලැබීය.


8. ෂෙරිල් සෑන්ඩ්බර්ග්

Facebook ප්‍රධාන මෙහෙයුම් නිලධාරිණිය ඇයයි.


9. සුසාන් වොචිස්කි

Youtube හි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරිණියයි.


10. මිෂෙල් ඔබාමා

ඇමරිකානු ජනපති බැරක් ඔබාමා ගේ බිරිඳයි

SHARE