කාන්තාවන් කියන්නේ නිවසේ මුළුතැන්ගෙයට සීමා වුණු චරිතයක් කියන මිත්‍යා මතය දැන් වෙනස් වෙමින් පවතිනවා. මේ වන විට ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් නූතන කාන්තාවන් ඉදිරියටම පැමිණ ව්‍යාපාර ලෝකයේ කිරුළු දරමින් සිටිනවා. කාන්තා ව්‍යවසායකයින් මේ වන විට ලෝකය නවමු අතකට වෙනස් කරමින් සිටිනවා යැයි කිවොත් නිවැරදියි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


06. Amanda Signorelli

Techweek හි ප්රධාන විධායක නිලධාරි Amanda Signorelliය. Techweek විසින් නව ව්‍යාපාර රැසක් ගොඩ නැගීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.


07. Lisa Wang

ව්‍යාපාරික ලෝකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට විශාල වෙනසක් සිදු කළ හැකිය. නමුත් ව්‍යාපාර ලොවට ප්‍රවේශ වීමේදී මුහුණ පෑමට සිදු වන බාධක නිසා ඔවුන් පසුබට වේ. ලීසා වෑන්ග් සහ ඇගේ සමාගම වන SheWorx, කාන්තා නායකයින්ට කළ හැකි දේ නැවත අර්ථ දැක්වීමට උත්සාහ දරයි. ඒවාට උපකාරක පද්ධති, උපදේශකයින් සහ ගුණාත්මක දැනුම ලබා ගැනීමට උපකාර කිරීම සිදු කරනු ලබයි.


08. Danielle Sabrina

19 වන වියේදී වෝල් වීදියෙහි ලාබාලතම වෙළඳාම්කරුවෙකු බවට පත්වීමෙන් පසු, ඩැනියෙල් සැබ්රිනා What Vibes Your Tribe සන්නිවේදන සමාගම ආරම්භ කරන ලදී.


09. Stacey Ferreira

ස්ටේසි ෆෙරේරාගේ Forge සමාගම සේවක පිරිවැය හා මානව සම්පත් පිරිවැය මත විශාල බලපෑමක් එල්ල කර ඇත. ඇය තම පළමු සමාගම විකුණා දැමුවේ වයස අවුරුදු 20 දීය.


10. Ooshma Garg

ආහාර සකසා ගැනීමට වෙලාවක් නොමැති අයට රසවත් සහ ගුණවත් ආහාර ලබා ගැනීමේ ගැටළුවක් පවතිනවා. කාර්යබහුල ජීවන රටාවකට ගැලපෙන රසවත් ආහාර, කාර්යබහුල වෘත්තිකයන් හට ලබා දීම මේ සමාගම මඟින් සිදු කෙරේ.


මෙම ලිපියේ පළමු කොටස සදහා

2018 දී වඩාත් අවධානයට ලක්වූ හා කැපී පෙනෙන කාන්තා ව්‍යවසායකයන් 10 දෙනෙකුගේ තොරතුරු – 1 කොටස

SHARE