කාන්තාවන් කියන්නේ නිවසේ මුළුතැන්ගෙයට සීමා වුණු චරිතයක් කියන මිත්‍යා මතය දැන් වෙනස් වෙමින් පවතිනවා. මේ වන විට ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් නූතන කාන්තාවන් ඉදිරියටම පැමිණ ව්‍යාපාර ලෝකයේ කිරුළු දරමින් සිටිනවා. කාන්තා ව්‍යවසායකයින් මේ වන විට ලෝකය නවමු අතකට වෙනස් කරමින් සිටිනවා යැයි කිවොත් නිවැරදියි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


01. Julia Taylor Cheek

තමාගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමට නම්, ඔබට විද්‍යාගාර ප්‍රතිඵල පිළිබඳව දල අවබෝධයක් හෝ තිබිය යුතුය. ජූලියා ටේලර් චෙක් විසින් වෛද්‍ය සායනයකින් තොරව ලබාගත හැකි සාම්පල් එකතු කිරීමේ සහ විද්‍යාගාර ප්‍රතිඵල ලබා දෙන EverlyWell වෛද්‍ය පරීක්ෂක සමාගම පිහිටුවන ලද්දේ එබැවිනි. ඇය සිය සමාගම දියත් කර මාස දොළහක් ඇතුළත ලද වාර්ෂික විකිණූම් ආදායම ඩොලර් මිලියනයක් සේ වාර්තා වී ඇත.


02. Lauren Washington

ලෝරන් වොෂින්ටන් විසින් පවත්වාගෙන යනු ලබන KeepUp යනු app එකකි. මේ app එක මඟින් සාමාන්‍ය මිනිසුන්ට ව්‍යාපාර වලට තම සමාජ ජාලා නිවැරදිව තබා ගැනීමට අත හිත දීමක් සිදු කෙරේ. ඇය විසින් මෑතකදී ඩොලර් බිලියන ගණනක ව්‍යාපාර ගොඩ නැගීමට වෙහෙසෙමින් සිටි කළු කාන්තාවන්ට ඔවුන්ගේ ව්‍යවසායික අභියෝග ජයගැනීමට උපකාර කරන Black Women Talk Tech ආයතනය හා එක් වුවාය.


03. Regina Gwynn

වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුල රූපලාවන්‍ය කටයුතු සඳහා කාලය සොයා ගැනීමට අපහසු ය. රෙජිනා ග්වන් සිය වසර ගණනාවක අත්දැකීම් සමඟින් TresseNoire ආරම්භ කරන ලදී. මෙම ආයතනය විසින් සේවා දායකයන්ගේ නිවසට හෝ කාර්යාලයට මෝස්තර ශිල්පීන් යවා, කාන්තා වෘත්තිකයන්ගේ රූපලාවන්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම වඩාත් හොඳින් ඉටුකරයි.


04. Natasia Malaihollo

නටාශියා මලයිහෝලෝ විසින් පාරිභෝගිකයින්ගේ උනන්දුව ඉහළ නැංවීම සඳහාත්, වඩා සාර්ථකව දත්ත රැස් කර ගැනීම සඳහාත් Wyzerr නමැති ස්මාර්ට් සමීක්ෂණ පද්ධතියක් නිර්මාණය කරන ලදී.


05. Miki Agrawal

සමාජ ව්‍යවසායිකාවක වන මිකී අග්රාවල්, THINX, WILD සහ Tushy ඇතුළු සමාගම් කීපයක් ආරම්භ කර ඇත.


මෙම ලිපියේ දෙවන කොටස සදහා

2018 දී වඩාත් අවධානයට ලක්වූ හා කැපී පෙනෙන කාන්තා ව්‍යවසායකයන් 10 දෙනෙකුගේ තොරතුරු – 2 කොටස

SHARE