පි හැමෝගෙම අරමුණ සතුටින් සහ සැහැල්ලුවෙන් ජිවත් වීමයි. ජිවිතයේ ඇති කර ගන්නා පුංචි පුංචි වෙනස්කම් වලින් අපේ ජිවිත වලට සැහැල්ලුව ලඟා කර ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ හොඳින්ම හඳුනන, ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු තමාගේ ජිවිතයට අවශ්‍ය සැහැල්ලුව සහ සතුට ලඟා කර ගැනීම සඳහා ඇති කරගෙන තිබෙන උදෑසන පුරුදු කිහිපයක් ගැනයි. මේවයින් ඔබටත් ගත හැකි ආදර්ශයන් තියෙනවද කියලා එහෙනම් කියවලාම බලන්නකෝ.

 


fb-like-beg


පළමු කොටස සඳහා පිවිසෙන්න

7 Jessica Alba

ඇය ඇමරිකානු රංගන ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක් වෙනවා. ඇය සෑම උදෑසනකම ඇගේ මිතුරියන් සමඟ ව්‍යායාම සඳහා පිටතට යනවා.

 

8 Brittany Snow

ඇය ඇමරිකානු රංගන ශිල්පිනියක්, නිෂ්පාදකවරියක්, අධ්‍යක්ෂකවරියක් සහ ගායිකාවක් ලෙස ක්‍රියා කරනවා. ඇය ඇය ප්‍රිය කරන ගීත, ධනාත්මක හඬ පට රැස් කරගෙන තිබෙනවා. ඇය හැම උදෑසනකම ඒවාට සවන් දෙනවා. එමඟින් ඇගේ මනස සැහැල්ලු වන බව ඇය පවසනවා.

 

9 Julianne Hough

ඇය ඇමෙරිකානු ගායිකාවක්, නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස ක්‍රියා කරනවා. උදෑසන 6.30ට අවධි වන ඇය ඇඳ මත වාඩි වී, ඇයට ලැබී ඇති දේවල් මතක් කර ඒවාට සිතින් ස්තුති පුර්වක වෙනවා. ඇය පවසන්නේ මේ ස්තුතිපුර්වක වීමේ පුරුද්ද නිසා ඇගේ ඉදිරි පැය 24ම සාර්ථක වන බවයි.

 

10 David Karp

ඔහු ඇමෙරිකානු ව්‍යවසායකයෙක්, වෙබ් අඩවි සංවර්ධනය කරන්නෙක් ලෙස ක්‍රියා කරනවා. ඔහු පවසන ආකාරයට ඔහු කවදාවත් උදෑසන වරුවේ ඔහුගේ ඊමේල් ලිපි බලන්නේ නැහැ. ඔහු පවසන්නේ උදෑසන ඊමේල් බැලීමෙන් මානසික ආතතිය ඇති වන බවයි.

 

11 Kate Hudson

ඇය ඇමෙරිකානු සහ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් සහ ලේඛිකාවක් ලෙස කටයුතු කරනවා. ඇය සෑම උදෑසනකම අයිස් පිරවූ ජාල බඳුනකින් ඇගේ මුහුණ සේදීම කරනු ලබනවා. එමඟින් ඇගේ සම මෘදු වී, දිදුලන ස්වභාවයක් හිමි වන බව ඇය පවසනවා.

 

12 Mark Zuckerberg

ඔහු ෆේස්බුක් ජාලය නිර්මාණය කල නිර්මාණකරුවායි. ඔහු පවසන ආකාරයට ඔහු කුඩා කුඩා තීරණ ගැනීම වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නැහැ. උදාහරණ ලෙස ඔහු සෑම විටම අඳින්නට උත්සාහ කරන්නේ අළු පැහැති ටීෂර්ට්ය. එමඟින් ඔහු ඇඳීමට තෝරා ගත යුත්තේ කුමන ඇඳුම දැයි සිතන්නට කාලය වෙන් කිරීමෙන් වැලකි ඉන්නවා.

SHARE