පි හැමෝගෙම අරමුණ සතුටින් සහ සැහැල්ලුවෙන් ජිවත් වීමයි. ජිවිතයේ ඇති කර ගන්නා පුංචි පුංචි වෙනස්කම් වලින් අපේ ජිවිත වලට සැහැල්ලුව ලඟා කර ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ හොඳින්ම හඳුනන, ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු තමාගේ ජිවිතයට අවශ්‍ය සැහැල්ලුව සහ සතුට ලඟා කර ගැනීම සඳහා ඇති කරගෙන තිබෙන උදෑසන පුරුදු කිහිපයක් ගැනයි. මේවයින් ඔබටත් ගත හැකි ආදර්ශයන් තියෙනවද කියලා එහෙනම් කියවලාම බලන්නකෝ.

 


fb-like-beg


1 Barack Obama

ඔහු ඇමරිකාවේ හිටපු ජනාධිපති තුමයි. මෙතුමා උදෑසන කෝපි පානය කිරීමෙන් වැලකි සිටිනවා. කෝපි වෙනුවට ඔහු පානය කරන්නේ දොඩම් යුෂ, ග්‍රීන් ටී හෝ ජලයයි. එසේ කිරීමෙන් ඔහු සිය සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරනවා.

2 Jennifer Aniston

ඇය ඇමෙරිකානු රංගන ශිල්පිනියක්. ඇගේ විශේෂත්වය වන්නේ ඇය උදෑසනම අවදි වීමට දක්වන ප්‍රියතාවයයි. ඇය සෑම දිනකම උදෑසන 4.30ට අවදි වන බව කියවෙනවා. ඇය මුහුණ සෝදා ගෙන, ලෙමන් යුෂ මුසු කල උණු ජලය වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව විනාඩි 20ක් භාවනා කරනවා.

3 Oprah Winfrey

ඇය ඇමෙරිකානු මාධ්‍ය හිමිකාරිනියක්, රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නියක්, රංගන ශිල්පිනියක්, නිෂ්පාදකවරියක් සහ සමාජ සේවිකාවක් ලෙස ක්‍රියා කරයි. ඇය සෑම උදෑසනකම විනාඩි 20ක භාවනාවක නිරත වෙනවා. එමඟින් ඇය මානසික ආතතිය අඩු කර ගැනීම, ඵලදායිතාවය ඉහළ නැංවීම, නිර්මාණශීලීත්වය වැඩි දියුණු කර ගැනීම සහ සෞඛ්‍ය මට්ටම ඉහලින් පවත්වා ගැනීම යන අරමුණු ඉටු කර ගන්නවා.

4 Tim Ferriss

ඇමරිකානු කතෘවරයෙක්, ව්‍යවසායකයෙක් සහ ප්‍රසිද්ධ කථිකයෙක් වෙනවා. ඔහු පවසන්නේ ඔහු උදෑසන අවදි වූ ගමන් කරන්නේ ඔහු කම්මැලිම දෙය වන ඇඳ අස් කිරීම බවයි. ඔහු පවසන්නේ උදෑසන ඔහු දිනූ විට, ඔහුගේ සම්පුර්ණ දිනයම දිනනා බවයි.

5 Lea Michele

ඇය ඇමරිකානු රංගන ශිල්පිනියක්, ලේඛිකාවක් සහ ගායිකාවක් වෙනවා. ඇය සෑම උදෑසනකම හුමාලයෙන් ස්නානය කිරීමට පුරුදු වී සිටිනවා. එමඟින් ඇගේ සිරුරේ ඇති සියලු විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් වී යන බව ඇය පවසනවා.

6 Richard Branson

ඔහු ව්‍යාපාරික ප්‍රධානියෙක්, ආයෝජකයෙක්, ලේඛකයෙක් සහ සමාජ සේවකයෙක් වෙනවා. ඔහු මොන තරම් රාජකාරි තිබුනත් උදෑසන වරුව සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වෙන් කරනවා. ඔහු පවසන ආකාරයට මේ පුරුද්ද නිසා ඔහුට මානසික ලිහිල් බවක්, ඉහල සෞඛ්‍ය මට්ටමක් සහ දීර්ගායුෂ ලැබෙන බව ඔහු විශ්වාස කරනවා.

SHARE