වෘ

ත්තිය ජීවිතේ වගේම සාමාන්‍ය ජීවිතේදීත් ආගිය තොරතුරු කතා කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ නොසැලකිල්ලෙන් අහන ඇතැම් ප්‍රශ්න වලින් අනික් කෙනා අපහසුවට ලක් වෙනවා නම් ඔබ ගැන අප්‍රසාදයක් ඇතිවෙන්නේ නිතැතින්මයි. ඉතින් දක්ෂ ගැහැනියක් ලෙස ජීවත් වෙද්දී හැමෝගෙම ප්‍රසාදයට ලක් වෙන්න සතුටු ඔබ මේ දේවල් කාගෙන්වත් අහන්න එපා.


fb-like-beg

 


මේ ඔයාගේ අම්මාද ?

වසක් මගේ යහළුවෙක් ඔහුගේ බිරිඳ සමග ව්‍යාපාරික ගමනක් ගිහින් තිබුණා. ඔවුන් දෙදෙනාම ව්‍යාපාරයේ සම අයිතිකාරයෝ. ඉතින් අනික් පාර්ශව හමු වුන විගස එම පාර්ශවය එකවර අසා තිබුනා…

“ කමල් ..මේ ඔබේ අම්මාද ? “ කියල. හිතන්නකෝ එවැනි වෙලාවක මගේ මිතුරා වගේම ඔහුගේ භාර්යාව පත්වුණ මානසික මට්ටම. ඔවුන් දෙදෙනාම අපහසුවට ලක් වුණා . එතැනින්ම ව්‍යාපාරික කටයුත්ත නැවතුනා.

මේ විදිහට මේ ඔබේ සහෝදරියද , බිරිඳද, අම්මාද කියල අහන එක ගොඩක් අනතුරුදායකයි. ඒ වගේම එයින් බොහෝ විට අනික් පාර්ශවය අපහසුවට පත් වෙලා ඔබේ හොඳ හිත පවා නැති විය හැකියි. එම නිසා කවදාකවත් ඔවුන් පවසනතුරු ඥාතීත්වය පිළිබඳව ප්‍රශ්න කරන්න එපා.

ඔයාල බැඳලා කොච්චර කල්ද ?

ගැහැනියක් සහ පිරිමියෙක් එකට ගමනක් යන්නේ අඹු සැමියෝ නිසාම නෙවෙයි. ඇතැම් විට සහෝදර , සහෝදරියෝ / දෙමාපිය , දරුවෝ/ නිකන්ම යාළුවො ගමන් බිමන් යනවා. දුටු මතින් ඔවුන් දෙදෙනා අඹු සැමියෝ ලෙස අනුමාන කරලා ඒ ගැන අහන්න එපා.

දරුවෝ ගැන ප්‍රශ්න.

මේ වැඩේට නම් ලංකාවේ අපි ගොඩක් දක්ෂයි. විවාහක යුවලක් දැකපු ගමන් අපි අහන්නේ ..

“ කවදද දරුවෙක් ගේන්නේ?”

“ ඔයා ගර්භනීද?”

“ තව ළමයෙක් හදන්න කාලේ හරි නේද ?” වගේ ගැටලුයි.

ඇත්තටම මේ දේවල් අහන එක හරිම අසීලාචරයි. ඒ වගේම හිතන්න දරුවෙක් හදනවා කියන්නේ පුද්ගලික තීරණයක්. අනුන්ගේ පුද්ගලික දේවල් ගැන කටදැමීම ගොඩක්ම බලපාන්නේ වෛද්‍ය හේතු මත දරුවෝ නොලබා ඉන්න උදවියටයි. එම නිසා දරුවන්ගේ මාතෘකාව හැකි තරම් මගහරින්න.

ඊයා ඇයි මේ බල්ලට / පූසට මෙච්චර ආදරේ ?

කෙනෙක් සතෙක් හදන එක ඔහුගේ හෝ ඇයගේ තීරණයක්. ඔවුන් ඒ වෙනුවෙන් වියදම් කරනවා නම් එය ඔවුන්ගේ පුද්ගලික සතුට. ඔබ සතුන්ට අකමැතියි කියල ඔබට අයිතියක් නැහැ අදාළ පුද්ගලයා හෝ හුරතලා හෝ ඒ හුරතලා ලබන සැප ගැන කරදර වෙන්න අයිතියක් නැහැ. ඒ ගැන කරන විවේචන වලින් වෙන්නේ ඔවුන් ඔබ කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගැනීම විතරයි.

මේකේ ගාන කීයද ?

කෙනෙක් අලුත් ඇඳුමක් ඇන්දොත්, භාණ්ඩයක් ගත්තොත් ඇතැම් කට්ටිය දැක්ක ගමන්ම අහන්නේ මේකේ මිල කීයද කියල. මේක ගොඩක් නරක වගේම අසීලාචාර සිරිතක්. ඒ නිසාමේ වරද කරන්න නම් එපා.

මේ ප්‍රශ්න ඔයාගෙන් ඇහුවොත් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද ?

ගොඩක් විට පිළිතුරු නොදී මගහැරීම ප්‍රමාණවත්. මාතෘකාව මාරු කරන්න, කෙටි පිළිතුරක් දෙන්න වැනි දේවල් ඔබට උත්සහ කළ හැකියි. මේ වගේ දෙකට තරහා වෙලා ඔබ ප්‍රතිචාර දැක්වීම සුදුසු නැහැ. එම නිසා අදාළ පුද්ගලයාට වරද තේරෙන්න ප්‍රතිචාර දක්වන්න.

SHARE