බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්තු පවුලක්. එහි සාමාජිකයන්ටම ආවේනික වූ විවිධ නීති රීති සහ පිළිපැදිය යුතු සිරිත් විරිත් ගොඩක් තියෙනවා. සාමාන්‍ය ගැබිණි මවක් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියා පිළිවෙත්, රාජකීය ගැබිණි කුමරියන් හට තහනම් වන අවස්ථා කීපයක්ම තියෙනවා. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.


fb-like-beg


1 දරුවාගේ ගැහැණු පිරිමි භාවය ප්‍රසිද්ධ කිරීම තහනම් වේ  

සාමාන්‍ය මව්වරු නම් වෛද්‍ය පරීක්ෂණ වලින් තම කුසේ සිටින දරුවාගේ දරුවාගේ ගැහැණු පිරිමි භාවය දැන ගත් පසු එය සඟවාගෙන සිටින්නේ නැහැ. නමුත් රාජකීය ගැබිණි මව්වරුන්ට නම් මේ ගැන ප්‍රසිද්ධ කිරීම තහනම් වෙනවා. රාජකීය නිතිය අනුව දරුවා උපත ලබන තුරු දරුවාගේ ගැහැණු පිරිමි භාවය අනාවරණය කරන්න දෙමව්පියන්ට අයිතියක් නැහැ. නමුත් සිංහාසනයේ උරුමක්කාරයා හෝ උරුමක්කාරියාගේ උපත පිළිබඳ ප්‍රවෘත්තිය නිවේදනය කිරීමට රාජකීය ප්‍රවෘත්ති කාර්යාලයට නම් නිල වශයෙන් බලය ලබා දී තිබෙනවා.

2 ත්‍යාග භාර ගැනීම තහනම් වේ

සාමාන්‍ය ගැබිණි මවකට නම් බොහෝ ත්‍යාග ලැබෙනවා. ඇගේ දරුවා වෙනුවෙන් අවශ්‍ය වන ඩයපර්ස්, ළදරු ඇඳුම් සහ වෙනත් ආම්පන්න ත්‍යාග ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් රජ පවුලේ නීතියට අනුව පිටස්තර පුද්ගලයන්ගෙන් දරුවා සඳහා ලැබෙන ත්‍යාග භාර ගැනීම තහනම් වෙනවා.

3 රිය පැදවීම තහනම් වේ  

සංඛ්‍යාලේඛන අනුව, ගර්භණීතාවයේ දෙවන කාර්තුවේ දී මෝටර් රථ අනතුරක් සිදුවීමේ අවදානම 42% කින් වැඩි විය හැකි බව කියවෙනවා. එයට හේතු වන්නේ ගර්භානිභාවයත් සමඟ ශරීරයේ ඇති වන අධික වෙහෙස, හිසරදය වැනි හේතුන්ය. ගැබිණි මව් කුමරිය හා දරුවා අනතුරට ලක්වීම වලක්වාලීම සඳහා මෝටර් රථ ධාවනය කිරීම තහනම් කර තිබෙනවා. ඒ වෙනුවට ඇය සැමවිටම පුද්ගලික රියදුරෙකුගේ සේවය භාවිතා කළ යුතු වෙනවා.

4 දුක්බර මනෝභාවය ප්‍රදර්ශනය කිරීම තහනම් වේ  

රාජකීය පවුල නියෝජනය කරන අය නිතරම හොඳ මනෝභාවයකින් සිටිය යුතුය. කුමරියන් සෑම විටම කාරුණික වීම, සිනහමුසු මුහුණින් සිටීම අනිවාර්ය කර තිබේ. ගැබ් ගැනීමේදී මවක් තුල ඇති වන ශාරීරික සහ මානසික වෙනස්කම් නිසා ඇය තුල දුක්බර සිතුවිලි මතු වීමත්, ඒවා පිටතට ප්‍රදර්ශනය වීමත් බොහොම සාමාන්‍ය සිදුවීම් වෙනවා. නමුත් සාමාන්‍ය ගැබිණි මව්වරුන් සේ දුක්බර මුහුණින් සිටීම, ප්‍රසිද්ධියේ කඳුළු සැලීම, අන් අය සමඟ තම වේදනාවන් ගැන පැමිණිලි කිරීම රාජකීය ගැබිණි කුමරියන් හට තහනම්ය.

5 ප්‍රසිද්ධ ස්ථාන වල ආහාර ගැනීම තහනම් වේ

සාමාන්‍ය ගැබිණි මවකට පිටතදී යම් ආහාරයක් ගැනීමට ආශාවක් ඇති වූවොත්, ඇය එම ආහාරය ගැනීමෙන් වැලකි සිටින්නේ නැහැ. නමුත් රාජකීය ගැබිණි මවක් මෙසේ පිටතින් ආහාර ගැනීමෙන් වැලකි සිටිනවා. මෙයට එක් හේතුවක් වන්නේ ගැබිණි මවකට ඇති වන ආහාර රුචිකත්වය අනුව ඇගේ දරුවාගේ ගැහැණු පිරිමි භාවය තීරණය කල හැකි බවට මතයක් පැවතීමයි. මවට වැඩිපුර පැණි රස කෑමට ආශාවක් ඇති වන්නේ නම්, ඇයගේ කුසේ සිටින්නේ දියණියක් බව සහ මවට වැඩිපුර ලුණු රස සහිත ආහාර වලට ආශාවක් ඇති වන්නේ නම්, ඇයගේ කුසේ සිටින්නේ පිරිමි දරුවෙක් බවත් බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. ඉතින් අනාගතයේ බිහි වන්නට නියමිත දරුවාගේ ගැහැණු පිරිමි භාවය පිළිබඳව කතිකාවතක් ගොඩනැගීම වැලැක්වීම සඳහා මේ නිතිය පනවා ඇති බව කියවෙනවා.

6 මාතෘ නිවාඩු මාස ​​5 ක් දක්වා විය යුතුය

ගැබිණි කුමරියන් දරුවා ලැබෙන තුරු සියලුම රාජකීය නිල උත්සව අවස්ථාවන්ට සහභාගී විය යුතුය. නමුත් දරුවා ලැබුණු පසු ඔවුන්ට මාතෘ නිවාඩු ලබා ගත හැක. නමුත් එය මාස 5 නොඉක්මවිය යුතුය.

7 වෙළඳ සැල් වලින් දරුවා සඳහා ඇඳුම් මිලදී ගැනීම තහනම් වේ

මේ තහනම පනවා ඇත්තෙත් දරුවාගේ ගැහැණු පිරිමි භාවය අනාවරණය නොවීම පිණිසය. වෙළඳ සැල් වලින් මිලදී ගන්නා ළදරු ඇඳුම්, ඒවායේ වර්ණයන් අනුව පැපරාසිකරුවන් දරුවා පිළිබඳව තීරණ වලට එළඹීම වලක්වාලීම සඳහා මෙම තහනම පනවයි.

8 ගැබිණි කුස පිටතට පෙනෙන සේ ඇඳුම් ඇඳීම තහනම් වේ

රාජකීය ගැබිණියක් ඇඳුම් ඇඳීමේදී තම ගැබිණි කුස ආවරණය වන සේ ඇඳුම් ඇඳිය යුතුය.  රාජකීය ගැබිණි කුමරියන් සඳහා පිහිනුම් ඇඳුම් සහ කුස නෙරා සිටින සේ දිස් වන තද ඇඳුම් ඇඳීම තහනම් කර තිබේ. දරුවාගේ චලනය වීම් වලට අවහිර නොකරන ලිහිල් ඇඳුම් පැළඳ සිටීම අනිවාර්ය කර ඇත.

9 දරුවා ලැබෙන්නට නියමිත දිනය ප්‍රසිද්ධ කිරීම තහනම් වේ  

රාජකීයයන් තම උරුමක්කාරයා උපත ලබන මාසය පමණක් නිවේදනය කරයි. ඔවුන් දරුවා උපත ලැබීමට නියමිත දිනය රහසක්ව තබා ගනී.   

SHARE