88 වැනි ඇකඩමි සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 28 වනදා රාත්‍රියේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theatreහිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඇකඩෙමි සම්මාන උළෙල එසේත් නැත්නම් ශ්‍රී ලාංකිකයන් අතර වඩාත්ම ප්‍රචලිත වී ඇති නාමය වන ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) ආයතනය විසින්. කාණ්ඩ 24ක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වනවා.

fb-like-beg


පහත දැක්වෙන්නේ 2016 ඇකඩමි සම්මාන උළෙලේදී සම්මාන ලැබූ චිත්‍රපට හා නළු නිළියන්ගේ නම් ඇතුලත් සම්පූර්ණ ලැයිස්තුවයි.


  • හොඳම චිත්‍රපටය – ස්පොට්ලයිට් (Spotlight)
  • හොඳම නළුවා – ද රෙවනන්ට් (The Revenant) චිත්‍රපටය වෙනුවෙන් ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio)
  • හොඳම නිළිය – රූම් (Room) චිත්‍රපටය වෙනුවෙන් බ්‍රී ලාර්සන් (Brie Larson)
  • හොඳම සහය නළුවා – බ්‍රිජ් ඔෆ් ස්පයිස් (Bridge of Spies) චිත්‍රපටය වෙනුවෙන් මාර්ක් රයිලන්ස් (Mark Rylance)
  • හොඳම සහය නිළිය – ද ඩේනිෂ් ගර්ල් (The Danish Girl) චිත්‍රපටය වෙනුවෙන් ඇලිසියා විකන්ඩර් (Alicia Vikander)
  • හොඳම සජීවිකරණ (animated) චිත්‍රපටය – ඉන්සයිඩ් අවුට් (Inside Out)
  • හොඳම සිනමාකරණය (cinematography) – ද රෙවනන්ට් (The Revenant) චිත්‍රපටය වෙනුවෙන් එම්මානුවෙල් ලුබෙස්කි (Emmanuel Lubezki)
  • හොඳම අධ්‍යක්ෂණය – ද රෙවනන්ට් (The Revenant) චිත්‍රපටය වෙනුවෙන් ඇලහැන්ඩ්‍රෝ ඉනරිටු (Alejandro G. Iñárritu)
  • හොඳම කෙටි වාර්තා චිත්‍රපටය – අ ගර්ල් ඉන් ද රිවර් (A Girl in the River: The Price of Forgiveness) චිත්‍රපටය වෙනුවෙන් ශර්මීන් ඔබයිද්-චිනෝයි (Sharmeen Obaid-Chinoy)
  • හොඳම විදේශ භාෂා චිත්‍රපටය – සන් ඔෆ් සවුල් (Son of Saul) (හංගේරියාව)
  • හොඳම සංගීතය – ද හේට්ෆුල් එයිට් (The Hateful Eight) චිත්‍රපටය වෙනුවෙන් එනියෝ මොරිකෝන් (Ennio Morricone)
  • හොඳම නිෂ්පාදන සැලසුම්කරණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් කොලින් ගිබ්සන් (Colin Gibson)
  • හොඳම කෙටි චිත්‍රපටය (සජීවී ක්‍රියාදාම) – ස්ටටරර් (Stutterer) (අධ්‍යක්ෂණය – බෙන්ජමින් ක්ලේරි සහ සෙරීනා ආර්මිටේජ්)
  • හොඳම නාද සංයෝජනය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය
  • හොඳම තිර රචනය (අනුවර්තිත) – ද බිග් ෂෝර්ට් (The Big Short) චිත්‍රපටය.
  • හොඳම වේශ නිරූපණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් ජෙනී බීවන් (Jenny Beavan)
  • හොඳම වාර්තා චිත්‍රපටය (විශේෂාංග) – ඇමි (Amy) චිත්‍රපටය (අධ්‍යක්ෂණය – අසීෆ් කපාඩියා සහ ජේම්ස් ගැරීස්)
  • හොඳම සංස්කරණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් මාග්‍රට් සික්සල් (Margaret Sixel)
  • හොඳම අංගරචනය සහ හිසකෙස් විලාසිතා – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය
  • හොඳම ගීතය – ස්පෙක්ට්‍ර (Spectre) චිත්‍රපටයේ ‘Writings of the wall’ ගීතය
  • හොඳම කෙටි චිත්‍රපටය (සජීවිකරණ) – බෙයා ස්ටෝරි (Bear story)
  • හොඳම තිර රචනය (ස්වතන්ත්‍ර) – ස්පොට්ලයිට් (Spotlight) චිත්‍රපටය
  • හොඳම නාද සංස්කරණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් මාර්ක් මැන්ගිනි සහ ඩේවිඩ් වයිට්
  • හොඳම දෘශ්‍ය ප්‍රයෝග – එක්ස් මැෂිනා (Ex Machina) චිත්‍රපටය

මෙවර සම්මාන උළෙලේ කාගේත් අවධානය යොමුවූ පුද්ගලයා වූවේ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝයි. ඒ හොඳම නළුවා වෙනුවෙන් සිය ප්‍රථම ඔස්කාර් සම්මානය දිනාගැනීම නිසායි. මීට ප්‍රථම ඔහු සය වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණත් සම්මානයක් දිනා ගැනීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ.

SHARE