රඟ විභාග ජයගන්න නම් සාමාන්‍ය දැනීම අත්‍යාවශ්‍යයි. ඔබේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගැනීමට උපකාරී වන ලිපි කිහිපයක්ම මෙම වෙබ් අඩවිය තුලින් අප ඔබ වෙත ගෙන ආවා. මේ ඒ ලිපි මාලාවේ තවත් එක් ලිපියක්

fb-like-beg


1. රන් දෙවොල

the-golden-temple-37a

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේ පිහිටා ඇත. සික්වරුන්ගේ අති පූජනීය ස්ථානයකි. 1984 වසරේ මෙහි සැඟවී සිටි සික් අන්තවාදී කණ්ඩායමට විරුද්ධව ඉන්දීය රජය විසින් ප්‍රහාරයක් දියත් කරන ලදී. අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිණිය ඝාතනය කිරීමට අන්තවාදීන් පෙළඹුණේ මෙම සිද්ධියෙන් පසුව බව කියැවේ.


2. ග්‍රිනිච්

එංගලන්තයේ නගරයකි. සම්මත වේලාව ගණනය කරනු ලබන රේඛාව වන දේශාංශ බින්දුවේ රේඛාව මෙම නගරය හරහා වැටී ඇත


3. කොටෝර්

ලෝන්ලි ප්ලැනට් වෙබ් අඩවිය විසින් 2016 වසරේ සංචාරය සඳහා හොඳම නගරය ලෙස නම් කරන ලද්දේ මොන්ටිනීග්‍රෝවේ කොටෝර් නගරයයි. කොටෝර් බොක්ක අසබඩ පිහිටි 15,000 ක පමණ ජනගහනයකින් හෙබි කොටෝර් නගරය මධ්‍යධරණී මුහුදුබඩ වඩාත් හොඳින් සංරක්ෂණය වූ සුන්දරතම නගරයකි.

2016 වසරේ සංචාරයට සුදුසුම නගරය (PHOTOS)


4. පර්ල් වරාය

1941 දෙසැම්බර් 07 දින ජපානය විසින් මෙම ඇමරිකානු වරායට බෝම්බ දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව සෘජු ලෙසම දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ විය.


5. ටියනාමන් චතුරශ්‍රය

චීනයේ අගනුවර වූ බෙයිජිං නුවර පිහිටා ඇත. 1989 දී ඇති වූ ශිෂ්‍ය උද්ඝෝෂණයක් චීන රජය විසින් අමානුෂික ලෙස මැඩ පවත්වන ලදී.


6. අබු සිම්බල්

ඊජිප්තුවේ පිහිටි දේවාලයකි. නයිල් ගඟ හරහා අස්වාන් වේල්ල ඉදිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුල් දෙවොල ජලයෙන් යටවූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලදී.


7. අජන්තා ගල් ගුහා

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අවුරන්ගාබද් හි පිහිටා ඇත. මෙම ගල් ගුහා තුල පිහිටි බෞද්ධ විහාරවල ඇති බිතු සිතුවම් ගුප්ත යුගයට අයත් ලෙසද සැලකේ.


8. අස්වාන් වේල්ල

ඊජිප්තුවේ පිහිටා ඇති අතර නයිල් ගඟ හරස්කර ඉදි කර ඇත.


9. මහා බාධක පරය

ඔස්ට්‍රේලියාවට ආසන්නව පිහිටි ලෝකයේ විශාලතම කොරල්පරය වේ.


10. එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල

ඇමරිකාවේ පිහිටා ඇති ලෝකයේ උසම ගොඩනැගිලි වලින් එකකි. උස මීටර් 364ක් වන අතර තට්ටු 102ක ගොඩනැගිල්ලකි.


11. රතු චතුරශ්‍රය

ක්‍රෙම්ලිනය ඉදිරිපිට පිහිටා ඇත. ලෙනින්ගේ දේහය තැන්පත් කර ඇත්තේ මෙහිය.


12. චෙරාපුන්ජි

ලෝකයේ වැඩිම වර්ශාපතනයක් ලැබෙන ස්ථානයකි.


13. ඩවුනින් වීඩිය

බ්‍රිතාන්‍යයේ අගමැති හා අනෙක් ඉහල පෙළේ ඇමතිවරුන්ගේ නිවාස පිහිටා ඇති ලන්ඩනයේ වීදියයි.


14. ලුවර් කෞතුකාගාරය

ප්‍රංශයේ පිහිටා ඇති ලෝක ප්‍රකට කෞතුකාගාරයයි.


15. ස්ටෝන් හෙන්ජ්

ලොව ප්‍රසිද්ධ ප්‍රාග් ඓතිහාසික ස්මාරක අතර ප්‍රධානත්වය උසුලයි. එංගලන්තයේ විල්ට්ෂයර් ප්‍රාන්තයේ සැලිස්බර්ග් හි පිහිටා ඇත. කවාකාරව සිටුවන ලද ගල්කණු මෙහි දක්නට ඇත.


16. රජවරුන්ගේ මිටියාවත

නයිල් නදී මිටියාවතේ පිහිටා ඇති අතර පිරමීඩ විශාල සංඛ්‍යාවක් ඇත.


17. පාතිනන් දෙවොල

ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඇක්‍රෝපෝලිස් නම් කැඳ මුදුනේ පිහිටා ඇත. ග්‍රීක බොරික් සම්ප්‍රදායට අනුව තනා ඇත. මෙම දෙවොල ඇතීනා දෙවඟනට කැපවූවකි.


18. සාහෙල් කලාපය

ලොව වැඩිම දිළිඳු ජනගහණයක් වෙසෙන අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි කලාපයකි.


19. ගෝල්ඩන් ගේට් පාලම

ඇමරිකාවේ San Francisco බොක්කේ පිහිටා ඇති පැසිෆික් සාගරය හරහා ඉදි කළ එල්ලෙන පාලමකි.


20. අයිෆල් කුළුණ

ප්‍රංශ විප්ලවය සැමරීම සඳහා ඉදි කෙරිණි. ඇලෙක්සැන්ඩර් ගුස්ටාච් අයිෆල් නමැති ඉංජිනේරුවා විසින් ඉදිකරන ලදී.


21. ගීසාහි පිරමිඩ

මිසර වැසියන්ගේ නිර්මාණයකි. පැරණි පුදුම 7 ටද ඇතුලත් ය. ගීසාහි පිරමිඩ තුල පාරාවෝ රජවරුන්ගේ මළ සිරුරු තැන්පත් කර ඇති බව කියැවේ.


22. ජයග්‍රහණයේ ආරුක්කුව

ප්‍රංශයේ ස්ටාර් චතුරශ්‍රයේ පිහිටා ඇත. නැපෝලියන් අධිරාජ්‍යයාගේ ජයග්‍රහණය සිහිවීම පිණිස ඉදිකර ඇත.


23. ගැලපගෝස් දිවයින්

චාල්ස් ඩාවින් සිය පර්යේෂණවලදී වැඩි කාලයක් ගත කළ ස්ථානය මෙම දිවයින් සමූහයයි. යෝධ ඉබ්බන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමානයේ සංචාරකයන් සඳහා තහනම් කර ඇති මේවා ඉක්වදෝරයට අයත් වේ.


24. ග්වොන්තනාමෝ

ඇමරිකා එක්සත් ජනපදය වොසෝන් සිරකරුවන් රඳවා තැබීම සඳහා භාවිතා කරන කියුබාවට අයත් පළාතකි. ඇමරිකාව විසින් 99 අවුරුදු බද්දක් යටතේ භාවිතා කරයි.


25. ස්කොට්ලන්ඩ්යාඩ්

ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිස් මූලස්ථානය මෙනමින් හැඳින්වේ.


26. වර්සායි

1918 දී පළමු ලෝක යුද්ධය නිමාවට පත් කරමින් ඇති කර ගත වර්සලයිස් ගිවිසුම අත්සන් කරන ලද්දේ මෙම නගරයේය. ප්‍රංශයේ පිහිටා ඇත.


27. විම්බල්ඩන්

ලන්ඩන් නගරයේ නිරිත දිග ප්‍රදේශය වන අතර ටෙනිස් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.


28. අල්හබාඩ්

ගංගා, යමුනා, සරස්වතී යන ගංගා එක්වන ස්ථානයේ පිහිටා ඇති මෙම නගරය හින්දූන් වන්දනා කරන ස්ථානයකි. මෙයින් සරස්වතී යනු මනඃකල්පිත ගඟකි අලහබාද් යනු නේරුතුමාගේ උපන් බිමද වෙයි.


29. බැබිලෝනියාවේ එල්ලෙන උයන

ක්‍රි.පූ 603 දී පමණ ඉදිකරන ලදැයි සැලකේ. පැරණි පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇත.


30. හිලර් ලේක් (Pink Lake)

බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මෙහි ජලය රෝස පැහැ වී ඇත්තේ ඇල්ගී විශේෂයක් නිසා බව විද්‍යාඥයෝ පවසති.


31. සුල්තාන් අහමඩ් පල්ලිය

1609 සිට 1616 දක්වා වූ කාලය තුල ඉදිකරන ලද මෙය තුර්කියේ ඉස්තාන්බුල් අග නගරයේ පිහිටා ඇති ඓතිහාසික ස්ථානයකි. බිත්තිවලට අල්ලා ඇති නිල් පැහැති ගල් නිසා ‘නිල් පල්ලිය’ ලෙස ප්‍රචලිත වී ඇත


32. ලිබර්ටි ප්‍රතිමාව

ප්‍රංශ ජනතාවගෙන් ඇමරිකානු ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුණ මෙම ප්‍රතිමාව සාමයේ හා නිදහසේ සංකේතයක් ලෙස සලකනු ලබයි.


33. පමුක්කලේ

කඳු පෙලකින් පහලට ගලා හැලෙන උණු දිය උල්පත් සමූහයක් වන මෙය තුර්කියේ පිහිටා ඇත. යුනෙස්කෝ ලෝක උරුමයකි.


34. එට්නා ගිනිකන්ද

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටා ඇති සුප්‍රකට ගිනි කන්දකි.


35. චීන මහා ප්‍රාකාරය

ෂින් හ්වාන්ග් අධිරාජ්‍යයා විසින් නිර්මාණය කරන ලද මහා ප්‍රාකාරයයි. දිග සැතපුම් 1400ක් පමණ වේ.


36. බෝරා බෝරා

සංචාරකයන් අතර ඉතා ප්‍රචලිත බෝරා බෝරා පැසිෆික් (ශාන්තිකර) සාගරයේ පිහිටි ප්‍රංශ පොලිනීසියාවට අයත් කුඩා දිවයිනකි.


37. ශාන්ත සෙබස්තියන් නගරය

2016 වසරේ යුරෝපයේ සංස්කෘතික අග නගරය ලෙස නම් කර ඇති මෙම සුන්දර නගරය ස්පාඥ්ඥයේ පිහිටා ඇත


38. හොලිවුඩ්

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඇති සිනමා නගරයයි.


39. මක්කම

ඉස්ලාම් භක්තිකයන්ගේ අති පූජනීය නගරයයි, සෞදි අරාබියේ පිහිටා ඇති මෙය මහම්මද් තුමා උපන් ස්ථානය ලෙස සැලකේ.


40. හරප්පා

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් නගරයකි. වර්තමානයේ පාකිස්ථාන දේශය තුල පිහිටා ඇත.


41. වෝල් ස්ට්‍රීට්

නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ පිහිටි වීදියයි.


42. ශක්ති ස්තාල්

ඉන්දිරා ගාන්ධි සමාධිය.


43. පොම්පෙයි

ක්‍රි.ව 79 දී විසුවියස් ගිනි කන්ද පිපිරීමේදී විනාශ වූ ඉතාලි නගරයකි.


44. බර්ජ් කලීෆා

ඩුබායි නගරයේ ෆිටා ඇති වර්තමානයේ ලොව උසම ගොඩනැගිල්ල මෙයයි.


45. යෙලෝ ස්ටෝන්

ඇමරිකා එක්සත් ජනපදය තුළ පිහිටා ඇති විශාලම පැරණිතම වනෝද්‍යානයකි.


46. ආදම්ගේ පාලම

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබුණා යැයි සැලකෙන ගල් හා වැලි වලින් සෑදුන පාලමයි.


47. පීසා හි ඇලවෙන කුළුණ

පීසා හි ඇලවුණ කුලුණ යනු ඉතාලියේ පීසා නගරයේ පිහිටි, අංශක 4 කින් පමණ මධ්‍යයෙන් ඇලවී පවතින, පැරණි කුලුණකි.


48. අක්‍රෝපොලිස්

ඇතැන්සයේ ඇක්‍රොපොලිසය (Acro-උස, Polis-නගරය) ග්‍රීසියේ පිහිටි වැදගත්ම ඇක්‍රොපොලිසය වේ. ඇතැන්ස් නගරයට ඉහළින් පර්වතයක් මධ්‍යයේ පිහිටි මෙහි ඓතිහාසික පැන්තියන් දෙවොල ආදී ස්මාරක දක්නට ලැබේ.


49. මොන්ට් කාලෝ

මොනාකෝ හි පිහිටා ඇති සුප්‍රකට සූදු මධ්‍යස්ථානය


50. එල්බා

නැපෝලියන් අධිරාජ්‍යයා පිටුවහල් කරනු ලැබූ මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති දූපතකි.

SHARE