ලෝන්ලි ප්ලැනට් වෙබ් අඩවිය විසින් 2016 වසරේ සංචාරය සඳහා හොඳම නගරය ලෙස නම් කරන ලද්දේ මොන්ටිනීග්‍රෝවේ කොටෝර් නගරයයි.

fb-like-beg


කොටෝර් බොක්ක අසබඩ පිහිටි 15,000 ක පමණ ජනගහනයකින් හෙබි කොටෝර් නගරය මධ්‍යධරණී මුහුදුබඩ වඩාත් හොඳින් සංරක් ෂණය වූ සුන්දරතම නගරයකි. පැරණි නගරයේත්, ආරක්ෂිත පවුරුවලත්, අවට ප්‍රදේශයේත් අසිරිය දැක ගැනීමට දැන් දැන් බොහෝ සංචාරකයෝ කොටෝර් වෙත පැමිණෙති.

පරණ නගරය, බලකොටු හා ප්‍රාකාර මෙන්ම කොටෝර් නගරාශ්‍රිත ප්‍රදේශය ‘කොටෝර් ස්වාභාවික සහ සංස්කෘතික-ඓතිහාසික ප්‍රදේශය’ යන නමින් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගැනීම් ලැබ ඇත.

1166 දී මුලින්ම තනන ලද, 1667 දී යළිත් ඉදි කෙරුණ සාන්ත ට්‍රිෆොන් දේවස්ථානය නගරයේ වැදගත්ම උරුමයකි. කොටෝර්හි ඉතිහාසය ක්‍රි. පූ. 168 දක්වා දිවෙන අතර නගරයේ අද දකින්නට ලැබෙන බොහෝ ගොඩනැගිලි වැනීසියානු ඉදිකිරීම වේ. වැනීසියානු ජනරජය 1420 සිට 1797 තෙක් මෙම ප්‍රදේශය පාලනය කළේය.

කොටෝර් නගරයේ තවත් ඡායාරූප පහතින් නැරඹිය හැකිය.







SHARE