2015වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම්’ යන මැයෙන් ලිපි දෙකක් මීට පෙර අප විසින් ඔබ වෙත ඉදිරිපත් කළා. පහත සබැඳි මගින් ඒවාට පිවිසිය හැකියි.

fb-like-beg


  1. 2015 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් (1)
  2. 2015 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් (2)

මෙතැන් පටන් ඔබ කියවන්නේ 2015 වසරේ ප්‍රථම භාගයේදී ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයකුයි.


ජනවාරි

  • ජනවාරි 01 –
    • රුසියාව, බෙලාරස්, ආර්මේනියාව, කිර්ගිස්තානය සහ කසකස්තානයේ එකමුතුවෙන් ‘යුරේශියානු ආර්ථික සංගමය’ පිහිටුවයි.
    • ලිතුවේනියාව නිල වශයෙන් සිය මුදල් ඒකකය ලෙස යුරෝ පිළිගනියි. ඊට පෙර ඔවුන් විසින් භාවිතා කළ මුදල් ඒකකය වූවේ ලිටාස් වන අතර යුරෝ කලාපයට ඇතුළු වූ 19 වන රට වන්නේ ලිතුවේනියාවයි.
  • ජනවාරි 03 – 07
    • බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානය විසින් බාගා හා නයිජීරියාවේ ගම්වල සිදු කළ සමූල ඝාතන හේතුවෙන් 2000කට අධික පිරිසක් මියයයි.
  • ජනවාරි 15 – ස්විට්සර්ලන්ත ජාතික බැංකුව ස්විස් ෆ්‍රෑන්ක් එකක අගය යුරෝ ඒකකයකට සාපේක්ෂව අවප්‍රමාණ වීමට සලස්වයි. මෙම තීරණය ගෝලීය මූල්‍ය අර්බුධයකට ද හේතු විය.
  • ජනවාරි 22 – ‘හවුති’ හමුදාව විසින් ජනපති මැදුර අල්ලාගැනීමෙන් පසුව යෙමානි ජනපති අබ් රබුහ් මන්සුර් හදි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

පෙබරවාරි

  • පෙබරවාරි 12
    • ඇමරිකානු ආරක්ෂක කවුන්සලය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා Resolution 2199 සම්මත කළ ගනියි.
    • රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා යුක්රේනය නැගෙනහිර යුක්රේනයේ ගැටුම් සමනය කිරීම පිණිස ගිවිසුමකට එළඹෙයි. මේ ගිව්සුම පසුව අසාර්ථක වූ අතර ප්‍රහාර එල්ල කිරීම් නොනවත්වා සිදු විය.
  • පෙබරවාරි 16 – ඊජිප්තු ජාතික ක්‍රිස්තියානුවන් පිරිසක් ගෙල සිඳ ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කොට ගනිමින් ඊජිප්තුව හා ලිබියාව එක්ව ISIL (Islamic State of Iraq and the Levant) සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අරඹයි.

මාර්තු

  • මාර්තු 5 -8
    • Islamic State of Iraq and the Levant සංවිධානය විසින් ඉරාකයේ පිහිටා තිබූ අති පැරණි නගර වන නිමරුඩ්, හත්‍රා හා දර්-ශරුකින් විනාශ කර දමයි.
  • මාර්තු මාර්තු 06 – නාසා ආයතනය මගින් දියත් කළ අභ්‍යවකාශ යානයක් ප්‍රථම වරට විශාල අභ්වයකාශ වස්තුවක (dwarf planet – ග්‍රහලොවක් නොවන එමෙන්ම ස්වාභාවික චන්ද්‍රිකාවක්ද නොවන) කක්ෂයට ඇතුළු වෙයි.
  • මාර්තු 12 – Islamic State of Iraq and the Levant හා බෝකෝ හරාම් ත්‍රස්තවාදී සංවිධාන එක්වෙයි.
  • මාර්තු 24 – ජර්මනියට අයිති එයා බස් A320 -211 යානයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේ ගැටීමෙන් පුද්ගලයන් 150 ක් මියයයි.
  • මාර්තු 25 – සෞදි අරාබිය මූලික කොටගත් එම කලාපයේ හමුදා යේමනයේ හමුදා මැදිහත්වීමක් සිදුකරයි.

අප්‍රේල්

  • අප්‍රේල් 02 – අල් ශබාබ් ත්‍රස්තවාදී සංවිධානය විසින් කරන ලද වෙඩි තැබීමකින් කෙන්යාවේ ගරීසා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් බහුතරයක් ඇතුළු 148 දෙනෙකු මියයයි.
  • අප්‍රේල් 25 – නේපාලයේ සිදුවූ රිච්ටර් අගය 7.8 වූ භූමිකම්පාවක් නිසා නේපාල වැසියන් 8857ක් මියයයි. සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 9018කි.
  • අප්‍රේල් 29 – ඇමරිකානු කලාපයෙන් රුබෙල්ලා රෝගය තුරන් කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

මැයි

  • මැයි 01 – ඔක්තෝබර් 34
    • එක්ස්පෝ 2015 සමුළුව ඉතාලියේ මිලානෝ හිදී ඇරඹෙයි.
  • මැයි 12 – නේපාලයේ දෙවෙනි වරටත් රිච්ටර් අගය 7.3 කැ භූමි කම්පාවක් ඇතිවෙයි. මෙහිදී නේපාල වැසියන් ඇතුළුව පුද්ගලයන් 218ක් මියයන ලදී.
  • මැයි 23 – අයර්ලන්තය තුල සමලිංගික විවාහ නීතිගත කෙරේ. මහජන ඡන්දයෙන් සමලිංගික විවාහ නීතිගත කිරීමට එකඟවූ ලොව ප්‍රථම රට වන්නේ අයර්ලන්තයයි.

ජුනි

  • ජුනි 02 – දූෂණ චෝදනා නිසා අන්තර්ජාතික පාපන්දු කවුන්සිලයේ සභාපති සෙප් බ්ලැටර් එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
  • ජුනි 7 -8
    • 41 වෙනි G7 සමුළුව බවාරියා හිදී ඇරඹෙයි.
  • ජුනි 25 -26
    • ISLS සංවිධානය රාමදාන් සාමය තුළ සිරියාවේ කෝබානි, ටියුනිසියාවේ හා ක්වේට්වල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවල වගකීම බාරගනී. මෙම ප්‍රහාර නිසා 300කට අධික සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් මියගොස් ඇත.
  • ජුනි 30
    • මවගෙන් ළදරුවාට ඒඩ්ස් රෝගය හා සිෆිලිස් රෝගය සම්ප්‍රේෂණය වීම වැලක්වීමට හැකිවූ ලොව ප්‍රථම රට බවට කියුබාව පත්වෙයි.
    • ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීම නිසා දකුණු සුමාත්‍රා අගනගරයේ වැසියන් 143ක් මියයයි.

ජුලි – දෙසැම්බර් දක්වා වූ වැදගත් සිදුවීම් මෙතනින්,

තරඟ විභාග අත්වැල – 2015 වසරේ ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් (2)

SHARE