අනිත් අය තරම් ධනවත් නැති නිසා ඔබ කනස්සල්ලෙන්ද ?

ත්තටම අපි අනිත් අයට වඩා පහලින් ඉන්නවා කියලා දැනෙද්දී ඔබට දුක ඇති. ඒත් ඔබ දන්නවද, ඔබ ඔබට වඩා ඉහළයි කියලා හිතන කෙනා එයාටත් වඩා ඉහලින් ඉන්න තව කෙනෙක් දිහා බලාගෙන දුක් වෙමින් ඉන්න බව?

ඔව්. ඒක තමයි අපේ හැටි. ලද දෙයින් සතුටු නොවී නොලැබුණු දේ ගැන දුක් වෙන එක තමයි හුඟාක් දෙනෙක්ගේ පුරුද්ද.

ඉතින් අද අපි තීරණය කළා Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබේ හිතේ තියෙන මේ කනස්සල්ල නැති කර ගන්න පුළුවන් ක්‍රම කීපයක් අඳුන්වලා දෙන්න.

fb-like-beg


01. සංසන්දනය කරන එක නවත්තන්න.

මේ ප්‍රශ්නය නම් බහුලව දකින්න ලැබෙන්නේ කාන්තාවන් අතරේ. ඔබේ මිතුරිය කුස්සියට අලුතින් පැන්ට්‍රි කබඩ් හයි කරලා නම්, අලුතින් තීන්ත ගාලා නම් ඔබට මොකද්දෝ පුංචි රිදුමක් දැනෙනවා නේද?

සමාජ ජාලා වල මිතුරු මිතුරියන් අළුත් ඇදුම් ඇඳගෙන ෆොටෝ දානකොට, අලුතින් ගත්තු වාහනයක ෆොටෝ දානකොටත් ඔබට දුකයි නේද?

මේ වගේ අවස්ථා වලදී ඔබ දුක් වෙන්නේ ඔවුන්ට තිබෙන දේ ඔබට නැති නිසයි. ඒ නිසා ඔවුන්ගේ දේවල් එක්ක ඔබ සතු දේවල් සංසන්දනය කරන්න හදන එකෙන් වලකින්න.


02. ලඟා කර ගත නොහැකි ඉලක්ක ඇති කර ගන්න එපා.

වෙළඳ දැන්වීම්, සමාජ ජාලා හරහා අපි දකින හැමදේම අපිට ලබා ගන්න බැහැ. ඔබ හිතනවාද ඒ දේවල් නැතුව ඔබේ ජීවිතය පරිපුර්ණ නැහැ කියලා?

මේකේ නරකම තත්වය තමයි මේ දේවල් මිලදී ගෙන දෙන්න කියලා ඔබ ඔබේ පවුලේ අයව, විශේෂයෙන්ම ඔබේ සැමියාව පීඩාවට ලක් කරන එක.

ලබා ගන්න බැරි දෙයක් ගැන දුක් වේවි, ඒ දුකට පවුලේ අයවත් හවුල් කර ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරමු.


03. ඔබ සතු දේවල් ගණන් කරමු.

කොලයකුයි, පෑනකුයි අතට අරගෙන ඔබට තියෙන දේවල් ලිස්ට් එකක් හදන්න. ඔබට ඒවා ලැබී තිබීම ගැන සතුටු වෙමින්, ස්තුතිපුර්වක වෙන්න. මොකද ඔබ ඔය හදන ලිස්ට් එකෙන් එකක්වත් නැති මිනිස්සුත් මේ ලෝකයේ ජිවත් වෙනවා.


04. අනවශ්‍ය බඩු ඉවත් කරන්න.

සමහරවිට ඔබේ නිවසේත් ඇති පිරී ඉතිරී යන මේස ලාච්චු, දොර ළඟටම බඩු පිරුණු ගබඩා කාමර, දොර අරිද්දීම එලියට පෙරලෙන රෙදි කන්දරාවක් සහිත අල්මාරියක්. නිදහස් වෙලාවක් ලැබුනම ඒවා ඇදලා බලලා, ඔබට අවශ්‍ය නැති දේවල් ඉවත් කරන්න.

දන්නවද මේකෙන් ලැබෙන ප්‍රථිපලය? ඔබට දැනෙන්නට ගනීවි ඔබට එපා තරම් බඩු ගොඩක් ඔබ ළඟ තිබිලා නේද කියලා. එහෙනම් ඔබට හිඟ කමක් තියෙනවා කියලා දුක්වෙන්න හේතුවක් නැහැ නේද? පුලුවන්නම් ඔබ එපා කියලා අයින් කරපු දේවල් නිකන්ම කුණු කූඩයට විසි කරන්නේ නැතුව, එහෙමවත් දේවල් නැති පවුලකට පරිත්‍යාග කරන්න.


05. භාවනා කරන්න.

මේක හරියට මනසේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරනවා වගේ ක්‍රියාවක්. දවසේ වෙලාවක් භාවනාවට යොමු කරලා මෙනෙහි කරන්න ඔබට මේ මොහොතේ තියෙන දේවල් ගැන. ඒ කාල සිමාව ඇතුලේ ඔබට අලුතින් අවශ්‍ය දේවල්, ඔබට නැති දේවල්, ඔබට කරන්න බැරි වුණු දේවල් ගැන සිහි කරන්න එපා කොහොමටවත්ම.

භාවනාවත් සමඟ ඔබට පුළුවන් වේවි ඔබේ හිත කනස්සල්ලෙන් මුදවා ගන්න.


06. බඩු මිලදී ගැනීමේදී සිහි කල්පනාවෙන් එය කරන්න.

බඩු මිලට ගන්න කලින් පොඩ්ඩක් නැවතිලා හිතන්න ඔබට ඒ බඩුව අවශ්‍ය ඇයි කියලා. ඔබට ඒක මිලදී ගන්න කැමැත්තක් ඇති වුණා හැටි මතක් කරන්න. සමහරවිට ඔබේ හිතේ ඒ භාණ්ඩය ගැන ඇත්තටම කැමැත්තක් නැතුව ඇති. ඔබ එය ගන්න හදන්නේ වෙළඳ දැන්වීමකින් දැකපු නිසා හෝ ඔබේ මිතුරියක් එය මිලදී ගත්තු නිසා වෙන්න ඇති.

හදිසි ආවේග මත මුදල් වියදම් කරන්නේ නැතුව, ඒ මුදල ඔබට ඇත්තටම අවශ්‍ය සහ ඔබ සැබවින්ම ආසා කරන දෙයක් මිලදී ගන්න පාවිච්චි කරන්න.

SHARE