පිට විවිධ අවස්ථා වලදී නායකත්වය දරන්නට සිදු වෙනවා. කාර්යාලය, පාසල ආදී ස්ථාන වල කණ්ඩායම් වැඩ කටයුතු වල නිරත වන්නටත්, සෙසු පුද්ගලයන්ට නායකත්වය දීමටත් සිදු වන අවස්ථා එමටයි. ඔබ නායකයෙක් විය යුත්තේ සෙසු අයව බියට පත් කර ගැනීම හරහා නොවේ. බිය කර ගැනීම තුලින් අන් අයව පාලනය කිරීමට අස්වාභාවිකයි. අද අපි ඔබට goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කියා දෙන්නේ ආදරය සහ ගෞරවය දිනා ගනිමින් සැබෑ නායකයෙකු වන ආකාරය පිළිබඳවයි.


fb-like-beg


ඔබට අවශ්‍ය නායකයා නොවී, ඔබේ කණ්ඩායමට අවශ්‍ය නායකයා වෙන්න

ගොඩක් නායකයන්ට වරදින තැනක් තමයි පිටත ඉඳගෙන කණ්ඩායමේ පුද්ගලයන්ට අණ කිරීම් කිරීමට යාම. නමුත් සැබෑ නායකයෙක් කණ්ඩායම හා එකට වැටී රාජකාරීන් සම්පුර්ණ කරනවා. කණ්ඩායමට අවශ්‍ය උපදෙස් නිරතුරුවම ලබා දෙනවා. නායකයාට අදාළ රාජකාරිය පිළිබඳව නිසි අවබෝධයක් නැති විට, ඔහු විසින් ලබා දෙන උපදෙස් රාජකාරියට නිසි ලෙස ගැලපෙන්නේ නැහැ. එවැනි නායකයන්ගේ උපදෙස් බොහෝ විට ප්‍රයෝගික නොවන අතර, ඒවා ඉටු කිරීම කණ්ඩායමේ සෙසු පුද්ගලයන්ට අපහසු වෙනවා. නමුත් නායකයා තම කණ්ඩායම සමඟ සහයෝගයෙන් යුතුව රාජකාරිය සිදු කරන විට ඔහුට අදාළ රාජකාරිය පිළිබඳව හොඳ අවබෝධයක් පවතිනවා. එවිට ඔහු ලබා දෙන උපදෙස් සැබවින්ම ප්‍රායෝගික උපදෙස්ය.

ඔබේ අඩුපාඩු සඟවන්න උත්සාහ කරන්න එපා

නායකයෙකු වුවත් ඔබත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයෙකුගේ අතින් වැරදි අඩුපාඩු සිදු වීම ඉතා සාමාන්‍යයි. නමුත් ඔබ ඔබේ අතින් වරදක් වූ විට එය සඟවන්නට උත්සාහ කරනවා නම්, ඔබේ වරද කණ්ඩායමේ අය පිට පටවා නිදහස් වීමට උත්සාහ කරනවා නම් ඔබට ඔවුන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගන්න කවදාවත් බැරි වේවි. එපමණක් නොව ඔබව ඔවුන් රහසේ විවේචනය කිරීම, විහිලුවට ලක් කිරීම වැනි දෑ පවා සිදු වේවි.

හැම සාමාජිකයෙකුගේම හැකියාව ප්‍රයෝජනයට ගන්න

හොඳ නායකයෙක් ඔහුගේ කණ්ඩායමේ සෑම සාමජිකයෙකුගේම හැකියාවට දිය යුතු වටිනාකම ලබා දෙනවා. කණ්ඩායමේ සිටින අයගේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම නායකයා ඔවුන්ව අගය කිරීමක් වැනියි. එවිට ඔවුන් තව තවත් දිරිමත් වෙනවා. එහෙම නැතුව නායකයා නායකයාට සමීප කිහිප දෙනෙකුගේ හැකියාවන් සහ අදහස් පමණක් ලබා ගෙන රාජකාරිය නිම කරන තුරු සෙසු අයට නිහඬව බලා සිටින්නට සිදු වූවොත් ඔවුන්ගේ සිත් තුල කනස්සල්ලක් ඇති වීම වලක්වන්න බැහැ. ඒ නිසා හැමෝගෙම අදහස් ලබා ගන්න. හැම දෙනෙක් සමඟම සාකච්චා කරන්න.

මොන දේ සිදු වුනත් සෑම අයෙකුටම සාධාරණව සලකන්න

ගැටළුවක් ඇති වූ විට සාධාරණව කටයුතු කරන්න. කණ්ඩායමේ ඔබේ හිතවත් පුද්ගලයන්ගේ පැත්ත ගැනීමෙන් වැලකි සිටින්න. බොහෝ නායකයන් අප්‍රසාදයට ලක් වන ප්‍රභලතම හේතුවක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. මුල සිටම පැවති නීති පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. නීති කැඩීමට කණ්ඩායමේ අයට ඉඩ නොදිය යුතුයි. කවුරුන් නීති කඩ කලත් එය නිවැරදි කිරීමට පියවර ගන්න.

පෞද්ගලික මිතුදම් සහ වෘත්තීය සබඳතා පටලවා ගන්න එපා

ඔබේ පෞද්ගලික මට්ටමේ හිතවතෙකු ඔබේ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ පමණින් ඔහුට විශේෂ සැලකිලි දැක්වීමට යෑම නුසුදුසුයි. එමඟින් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ සිතේ ඔබ ගැන ඇති ගෞරවය අඩු වී යා හැකියි. ඔබේ රාජකාරියට අදාළ දේවල් කතා කිරීමේදී සෙසු සාමාජිකයන් ඉදිරියේම සරළව කතා කරන්න. පෞද්ගලික කතා බහ කණ්ඩායම් වැඩ කටයුතු අතරේ කතා බහ කිරීමෙන් වළකින්න. නායකයා වගකීම් රහිතව හසුරුනොත් කණ්ඩායමේ ශක්තිය දුර්වල වී යන අතර, එය කණ්ඩායමේ රාජකාරිය අසාර්ථක වීමට හේතු වෙන්නත් පුළුවන්.

කණ්ඩායමට ඔබව අවශ්‍ය වන්නා සේම ඔබටත් කණ්ඩායම අවශ්‍ය බව මතකයේ තබා ගන්න

කණ්ඩායමට ඔබව නැතුව බැහැ කියලා හිතාගෙන වැඩ කරන්න ගියොත් ඔබේ රාජකාරි අසාර්ථක වෙන්න පුළුවන්. රාජකාරිය නිසි පරිදි ඉටු කරන්නට නම්, ඔබේ අරමුණ ඉටු කර ගන්නට නම් ඔබ සැම දෙනාම එක් වී කටයුතු කල යුතුයි. බලාපොරොත්තු වන පරිදි සාර්ථක වන්නට නම් කණ්ඩායමට ඔබේ සහයත්, ඔබට කණ්ඩායමේ සහයත් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.  

 

SHARE