මේ

වෙද්දී පස් වන ශ්‍රේණියේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ලංකාවේ තියන තරඟකාරීම විභාගය කියන්න පුළුවනි. එම විභාගය වෙනුවෙන් සාමාන්‍යය ප්‍රයෝගික දැනුම ගොඩක් විෂය නිර්දේශයට ඇතුලත් වී තිබෙනවා. අපේ දරුවන්ට වඩා හොඳින් එම ප්‍රයෝගික දේවල් මතක තියා ගන්න නම් ඒවා අත්දැකීම් මගින් ඉගැන්වීම ගොඩක් වටිනවා.


fb-like-beg


අත්දැකීමෙන් ඉගනීම ( Experiential Learning)

අධ්‍යාපන විශේසඥයන් විශ්වාස කරනවා කුඩා දරුවනට මතකයට නගා ගැනීමට පහසුම ක්‍රමය වෙන්නේ අත්දැකීම් මගින් ඉගැන්වීමෙන් කියල. දරුවා පෙළ පොතෙන් කියවලා ලබා ගන්නා දැනුම සහ ගුරුවරයා කියා දෙන දැනුම අක්‍රිය දැනුම නැත්නම් ( passive knowledge) ලෙස හඳුන්වනවා. වඩාත්ම පලදායී දැනුම ලබා දීමේ ක්‍රමය වන්නේ සක්‍රියව ලබාදෙන දැනුමයි.( active knowledge)

උදාහරණයකට හිතන්න, නාගරික පළාත් වල දරුවෝ කුඹුරේ පාවිච්චි කරන භාණ්ඩ ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ඒවා දැක තිබෙන්නේ රූප සටහන් මගින් පමණයි. නමුත් කුඹුරට බැහැල, ඒ භාණ්ඩ අතින් අල්ලලා බලන්න අවස්තාවක් තිබෙනවා නම් පාඩම් නොකලත් ඕනෙම වෙලාවක ඒ දේවල් දරුවාගේ මතකයට එනවා. අත්දැකීම් මගින් ඉගැන්වීමෙන් දරුවාට බරක් නොවී විශාල දැනුමක් පුංචි මනසට ලබා දෙන්න පුළුවනි.

Atlas මනසාලෝක 2019 – ගම්පහ ශ්‍රී බෝධි ප්‍රථමික විද්‍යාලය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය කරන දරුවනගේ දැනුම වැඩි කිරීම ඉලක්ක කරගෙන මෙවරත් Atlas මනසාලෝක 2019 ප්‍රදර්ශනය ගම්පහ ශ්‍රී බෝධි ප්‍රථමික විද්‍යාලයේදී පැවැත්වෙනවා. දරුවන්ට දැණුම අත්දැකීම් මගින් ඇහැට දැකල, කනට අහල, අතපතගාල ඉගෙන ගන්න හොඳම අවස්තාවක් තමයි මේ ප්‍රදර්ශනය. අධ්‍යාපන කුටි රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශනයෙන් ඔබේ දරුවාට ඉගෙන ගත හැකි දේ බොහොමයි. ඔබත් ඔබේ දරුවා සමග 13 සහ 14 දෙදින ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයට පැමිණ ප්‍රදර්ශන අත්දැකීම විඳගන්න.

පහ වසර ශිෂ්‍යත්වයට අවශ්‍ය ප්‍රයෝගික දැනුම හැම දේම වගේ මෙම ප්‍රදර්ශනයෙන් ඔබේ දරුවාට අත්දැකීමක් ලෙස ලබා ගත හැකියි. පහත පින්තූර වල පල වන ආකාරයට කමත, වී බිස්ස්, කුඹුර, විවිධ උපකරණ , කම්මල් කර්මාන්තය, රිදී කර්මාන්තය වගේ අද කාලේ දකින්න නොලැබෙන එහෙත් දරුවාගේ විෂය නිර්දේශයේ තිබෙන බොහෝ දේවල් ඒ මගින් දැක බලා ගත හැකියි. ශිෂ්‍යත්ව පන්තියේ දුවා දරුවන්ට මෙය ඍජුව වැදගත් වෙනවා . පහළ පන්ති වල කුඩා දරුවොත් මේවා දැක ගැනීම ගොඩක් වැදගත්.

ඔබත් ජූලි 13 සහ 14 යන දෙදින ඔබේ දරුවා සමග පැමිණ මේ අත්දැකීම විඳගන්න. සියලු විස්තර මන්සාලෝක ෆේස්බුක් පිටුව හරහා ලබා ගත හැක.

පිවිසෙන්න :
https://www.facebook.com/atlas.lk/

SHARE