රැකියාවන් සඳහා වන තරඟ විභාගවලට පෙනී සිටීමේදී කාලීන සිදුවීම් පිලිබඳ හොඳින් දැනුවත්ව සිටීම අනිවාර්යයි. විභාග සඳහාම නැතත් එදිනෙදා සිදුවන වැදගත් දේවල් පිලිබඳ අවධානයෙන් සිටීම අතිශය වැදගත්. සමාන සුදුසුකම් ඇති පුද්ගලයන් රාශියක් අතරින් ඔබේ වෘත්තිය මට්ටම ඉහලට ඔසවා තබන්නේ කාලීන සිදුවීම් පිලිබඳ ඇති අවබෝධය මෙන්ම ඔබ සතුව ඇති සාමාන්‍ය දැනීම බව කිව යුතුම වනවා. මෙතැන් පටන් ඔබ කියවන්නට යන්නේ 2015 වර්ෂයේ ප්‍රථම භාගය තුල ශ්‍රී ලංකාව තුල සිදුවූ ආර්ථික, සමාජ, දේශපාලනික, ආගමික හා කලා යන මේ අංශ මූලික කොටගෙන සිදුවූ වැදගත් සිදුවීම් පිළිබඳවයි.

fb-like-beg


ජනවාරි

  • ජනවාරි 02 – වසර 25 කට පසු යාල්දේවී දුම්රිය කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත ලඟා වීම.
  • ජනවාරි 08 – ශ්‍රී ලංකාවේ පැවැත්වූ 7 වෙනි ජනාධිපතිවරයෙන් වැඩි ඡන්ද ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් ලබාගෙන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගැනීම.
  • ජනවාරි 09 -ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ද නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ද දිවුරුම් දීම.
  • ජනවාරි 12 – නව ඇමති මණ්ඩලය නව ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම.
  • ජනවාරි 13 – පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය.
  • ජනවාරි 14 – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීම.
  • ජනවාරි 21 – පෙර රජය විසින් අහිමි කරනු ලැබූ තනතුරු හා වරප්‍රසාද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නැවත ලබා දීම.
  • ජනවාරි 28 –
    • අගවිනිසුරු ලෙස කටයුතු කළ මොහාන් පීරිස් මහතාගේ ධුරය බල රහිත බව ප්‍රකාශ කිරීම.
    • පෙර රජය විසින් දෝෂාභියෝගයකින් ඉවත්කරනු ලැබූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු වශයෙන් පත්වීම.
  • ජනවාරි 29 – ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්වීම.
  • ජනවාරි 30 – නව අගවිනිසුරු ලෙස කේ. ශ්‍රී පවන් මහතා පත් කරනු ලැබීම.

පෙබරවාරි

  • පෙබරවාරි 02 – ජනපතිවරණ සමයේ කූට ලේඛන සැකසීමේ චෝදනාව මත හිටපු එජාප මහලේකම්වරයෙකු වූ තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගැනීම.

මාර්තු

  • මාර්තු 22 – ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් ධුරය සඳහා උසස්වීමක් ලබා දීම.
  • මාර්තු 23 – ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් කාතික පක්ෂය අතර එකඟතාවයෙන් ජාතික ආණ්ඩුවක් බිහිවීම.
  • මාර්තු 30 – ප්‍රවීණ කලාකරුවෙකු වූ තිලක් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වීම.

අප්‍රේල්

  • අප්‍රේල් 02 – ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීම.
  • අප්‍රේල් 08 – අස්ගිරි පාර්ශවයේ මහානායක, අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි අපවත් වීම.
  • අප්‍රේල් 16 – ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා එම පක්ෂයෙන් ඉවත් වීම.
  • අප්‍රේල් 22 – හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයථා මුදල් පරිහරණ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම.
  • අප්‍රේල් 28 – විධායක බලතල සීමා කෙරෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මන්ත්‍රීවරු 215කගේ ඡන්දයෙන් සම්මත වීම.

මැයි

  • මැයි 05 – ලක් සතොස ආයතනයේ සිදු වී ඇතැයි කියන අවිධිමත් ගණුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම.
  • මැයි 07 – යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පත් කිරීම.
  • මැයි 11 – ජනාධිපති කාර්යාලයේ වාහන අයථා ලෙස පරිහරණය කළේ යැයි චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්ගුණවර්ධන රිමාන්ඩ් බාරයට පත්වීම.
  • මැයි 12 – හිටපු නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වීම.
  • මැයි 30 – ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වීම.

ජුනි

  • ජුනි 02 – ප්‍රවීණ නළුවෙකු හා ගුවන් විදුලි ශිල්පියෙකු වන ජේ.එච් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වීම.
  • ජුනි 16 –
    • නව ගුවන් හමුදාපතිවරයා ලෙස ගගන් බුලත්සිංහල මහතා පත් වීම.
    • ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අභාවප්‍රාප්ත වීම.
  • ජුනි 26 – පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මැතිවරණ දිනය ලෙස අගෝස්තු 17 නම් කිරීම

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

(කියවන්න – 2015 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ වැදගත් සිදුවීම් 2)

SHARE