2015 වසරේ ප්‍රථම භාගයේ, එනම් ජනවාරි මස සිට ජුනි මස දක්වා ශ්‍රී ලංකාව තුල ආර්ථික, සාමාජයීය, දේශපාලන, කලා ආදී මේ අංශ මූලික කොටගෙන සිදුවූ වැදගත් සිදුවීම් පිලිබඳ මීට පෙර ලිපියකින් අප විසින් ඔබව දැනුවත් කරනු ලැබුවා. මේ එහි දෙවෙනි කොටසයි.

(කියවන්න – 2015 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් 1)

fb-like-beg


ජුලි

  • ජුලි 03 – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස පක්ෂය යටතේ නාමයෝජනා ලබා දීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කරයි.
  • ජුලි 05 – ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙයි.
  • ජුලි 12 – ජාතික හෙළ උරුමය, ශ්‍රීලනිප කොටසක් හා සිවිල් ක්‍රියාකාරී සංවිධාන කිහිපයක් එක්ව ‘යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ’ පිහිටුවයි.
  • ජුලි 23 – ‘දවස් හැටෙන් අලුත් රටක්’ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී.
  • ජුලි 26 – ප්‍රවීණ චිත්‍රකලා හා පුවත්පත් චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වෙයි.
  • ජුලි 30 – උතුරු කොළඹ දේශපාලන රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් මියයයි.

අගෝස්තු

  • අගෝස්තු 12 – සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ලබයි.
  • අගෝස්තු 14 – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත එම ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට පිලිවෙලින් දුමින්ද දිසානායක මහතා හා මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කෙරේ.
  • අගෝස්තු 17 – මහමැතිවරණයෙන් වසර 14 කට පසු ආසන 106ක් ලබා එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන සන්ධානය ජයග්‍රහණය කරයි.
  • අගෝස්තු 21 – නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි.

සැප්තැම්බර්

  • සැප්තැම්බර් 01 – නව පාර්ලිමේන්තුව ප්‍රථම සැසි වාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. එහිදී කතානායක ලෙස කරු ජයසූරිය මහතා ද නියෝජ්‍ය කතානායක ලෙස තිලංග සුමතිපාල මහතාද ඒකමතිකව නම් කෙරෙයි.
  • සැප්තැම්බර් 03 – නව පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස ආර්.සම්බන්ධන් මහතා ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අනුර කුමාර දිසානායක මහතා ද පත් කෙරෙයි.
  • සැප්තැම්බර් 08 – නව ජාතික රජයේ කැබිනට් ඇමතිවරුන් 43 දෙනෙකු දිවුරුම් දෙයි.
  • සැප්තැම්බර් 06 – ජාතික රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් 40 දෙනෙකු දිවුරුම් දෙයි.
  • සැප්තැම්බර් 13 – ආන්දෝලනයට ලක්වූ කොටදෙණියාවේ සේයා සදෙව්මි දියණියගේ මළ සිරුර හමුවෙයි.
  • සැප්තැම්බර් 30 – 1999දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතන ප්‍රයත්නයේ සැකකරුවන් දෙදෙනාට වසර 300 බැගින් වූ සිර දඬුවම් නියම කෙරේ.

ඔක්තෝබර්

  • ඔක්තෝබර් 09 – 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නම් කෙරේ.
  • ඔක්තෝබර් 11 – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනේ.
  • ඔක්තෝබර් 14 – කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරට මරණ දඬුවම නියම කෙරේ.

නොවැම්බර්

  • නොවැම්බර් 05 – ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
  • නොවැම්බර් 08 – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වෙති.
  • නොවැම්බර් 09 – නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ධුරය දැරූ තිලක් මාරපන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
  • නොවැම්බර් 11 – ආන්දෝලනයට ලක්වූ ඇවන්ගාඩ් සමාගමේ කටයුතු ජනපති නියමයෙන් රජයට පවරා ගැනේ.
  • නොවැම්බර් 20 -නව රජයේ මංගල අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙන එයි.
  • නොවැම්බර් 26 – ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන්ට මරණ දඬුවම නියම කෙරේ.

දෙසැම්බර්

  • දෙසැම්බර් 02 – අයවැය දෙවනවර කියවීම 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
  • දෙසැම්බර් 19 – අයවැය තුන්වෙනිවර කියවීම 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
  • දෙසැම්බර් 22 –
    • බස්නාහිර පළාත් සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාජයට පත් වෙයි.
    • සවුදියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම ලිහිල් කර වසර තුනක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීන්දු කරයි.
  • දෙසැම්බර් 27 – දැනට විසුරුවා නැති මහ නගර සභා සහ පළාත් පාලන ආයතනවල නිල කාලය මාස 6කින් දිගු කරන බව ජනපති ප්‍රකාශ කරයි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

SHARE